(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ) 

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය පවසයි.  

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාට අපහාසවන අයුරින් වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම නිසා ඔහුට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් මෙසේ නීතිමය පියවර ගන්නා ලෙස සඳහා  නීතීඥවරුන් වෙත උපදෙස් ලබාදී ඇතැයි එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පෙරේදා (3) පැවැත්වූ මාධ්‍ය හමුවේ දී යෝෂිත රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් ඔහුට අයත් ඉඩම් ලෙසට යම් ඔප්පු අංක සහ ඉඩම්වල නම් ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශ අසත්‍ය ඒවා බව ද එහි සඳහන් වේ.