(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවේ ඉන්නේ කවුද ?යන්නේ කවුදැයි වෙනම කතා කරන අතර රටේ මූලික ප්‍රශ්න විසඳීම සඳහා එකතු වී සාකච්ඡා කරමු යැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය.
වත්මන් ප්‍රශ්න ගැන සුමාන දෙක තුනක් ඇතුළත එකඟතාවයකට පැමිණිය යුතු අතර පා වෙමින් ඉන්නට හැකියාවක් නැතැයිද ආර්ථිකය හැදීම සඳහා සියලු දෙනා එකඟතාවෙන් වැඩ කළ යුතුව ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
අයවැයේ තිබෙන උවමනා නැති වියදම් සියල්ල කපා දමා ඒ සහන ජනතාවට ලබා දිය යුතුව ඇතැයිද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයවැයේ විතරක් නෙවෙයි, ඉන්දියාවෙන් දෙන්න යන ණය ආධාරවලිනුත් මොවුන්ගේ හොර කොන්ත්‍රාත්වලට බදු ගෙවන්න යන්නේ. ඒවත් වහාම නැවැත්විය යුතුයි.
මොනවා කළත් දෙන ලණු නම් කන්න එපා.
අද රට මුහුණපා තියෙන මේ අදුරු අගාදයට සම්පුර්ණයෙන්ම වගකියන්න ඕනේ මේ රනිල්. UNPයට ලැබුණු අමරණිය අවස්ථාව "යහපාලනය" හරියට නොකර හොරු ඔක්කොම නිදහස් කරලා මුළු රටම පාවාදුන්නා.අදත් කරන්නේ හොරු රකින එකම තමයි . සජිත් යන්තම් රනිල්ගෙන් බේරිලා ඉතිහාසගත ජයකින් විපක්ෂ නායක වුන.
මේ වගේ අය නිසා තමයි රට මේ තත්වෙට වැටුණේ..
ඇත්තෙන්ම දැන් බයිලා කියනවා...
රනිල්ට මම අකමැතිය. නමුත් මේ කියන කතා ඇත්ත. ඔහුගේ වරද නිසි දෙවන පෙල නායකත්වයට කිසිවකු පුහුණු නොකර පක්‍ෂය අගාධයට යෑවීම. ඔහුට තරම් විදේශීය සහය වෙන කාටවත් ගන්න බෑ.කවුරු මොන චෝදනාව එල්ල කලත් ඔහු රාජපක්ෂ පවුල වගේ සොරකම වෘත්තීය කරගත් අයෙක් නොවේ.