(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

වෙළෙඳ පොලේ මිලදී ගැනීමට ප්‍රමාණවත් තරම් ගෑස් නොමැති වුවද කලු කඩ වල රුපියල් 10,000 - 12,000ට මිලදී ගැනීමට ගෑස් තිබෙන බව මාතර ගෑස් පාරිභෝගික ජනතාව පවසති.

විශේෂයෙන් ගෑස් අලෙවි වෙළෙඳුන් ගෑස් තොග සඟවා ගෙන අතරමැදියන් හරහා වැඩි මිලට විකිනීම ඊට හේතු වී තිබේ.

ඊට අමතරව තවත් පිරිසක් සංවිධානාත්මකව පෝලිම්වල ගොස් ගෑස් මිලදී ගෙන පසුව ඒවා රුපියල් හාර පන්දහසක ලාබයක් සහතව විකුණන බවද පාරිභෝගිකයින් චෝදනා කරති.

මීට අමතරව ඇතැම් ගෑස් අලෙවි නියෝජිතයින් ගෑස් හිගයත් සමග ගෑස් ඒකාධිකාරියක් ගොඩ නගා ගෙන වෙලදාම් කරන බවට ද දැන ගන්නට ඇත.

කෙසේ වෙතත් පාරිභෝගික අධිකාරිය ඇතුළු වගකිවයුතු බලධාරීන් මේ අසාධාරණය වෙනුවෙන් වහා මැදිහත් විය යුතු බවට ද පාරිභෝගිකයින් අවධාරණය කරයි.