(ශාන්ත රත්නායක)

අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට අත නොතබන ලෙස ,ජීවන වියදම පහත හෙළීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ග්‍රාමනිලධාරි වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කරන ලද අද 04 උද්ඝෝෂණයක් කොටුව දුම්රිය ස්ථානයේදී පැවැත්විණි.

ජනතාවට සහන ලබා දෙනු ,රාජ්‍ය සේවයට දේශපාලන බඳවා ගැනීම් නවතන ලෙසත් හා හා රාජ්‍ය සේවයේ මර්දනය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

උද්ඝෝෂණයට එක් වූ ග්‍රාම නිලධාරිහු පසුව පා ගමනින් ගාලු මුවදොර විරෝධාව පැවැත්වෙන ස්ථානයට පා ගමනින්ගොස් එම විරෝධතාවට එක් වූහ.