IMG-LOGO

පොළොන්නරුවට කැලෑ පාළුවෝ පනිති

(නිමල් ජයරත්න)

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මායිම්ව පිහිටා ඇති වැලිකන්ද මුතුගල විල්ලුවේ දිගු කලක සිට කුඹුක් ගස් කපා අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව  පරිසරවේදීහු සඳහන් කරති.

කුඹුරු අස්වැද්දීමේ මුවාවෙන් මෙම ජාවාරම සිදු කරන බවත්, වසර සියයකටත් වඩා ඉපැරැණි අහස උසට වැඩුණු කුඹුක් ගස් කපා ඒවා ටයිල් නිෂ්පාදනය කිරීම සඳහා වාලච්චේන, මඩකලපුව, ඕටමාවඩි ඇතුළු ප්‍රදේශ වලට හොර රහසේම රාත්‍රී කාලයේ ප්‍රවාහනය කරන බවද ප්‍රදේශවාසීහු සඳහන් කරති.

මේ වන විට මුතුගල විල්ලු රක්ෂිතයේ ඉපැරණි කුඹුක් ගස් 50 කට වැඩි ප්‍රමාණයක් වනසා විනාශ කර ඇති අතර, එම ශාක කඳන් රාත්‍රී කාලයේ ලොරිවලට පැටවීමට සූදානම් කර තිබෙන බවද මුතුගල සහ කරපොල ඇතුළු අවට ගම්මානවල ගොවීන් සඳහන් කරති.

අප මුතුගල විල්ලූ රක්ෂිතයේ සිදුවන මෙම කුඹුක් ගස් විනාශය පිළිබඳ වැලිකන්ද අඩවි සහකාර කේ. ඩී. ජානක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එම ජාවාරමට සම්බන්ධ සැකපිට මුතුගල ගම්මානයෙ තිදෙනකු අත්අඩංගුවට ගෙන පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙන බවයි.

 



අදහස් (3)

පොළොන්නරුවට කැලෑ පාළුවෝ පනිති

sharm warn Wednesday, 04 May 2022 10:31 AM

රටට මෙච්චර හානියක් වෙලා තියෙද්දී ගිනිගත්ත රැවුලෙන් සුරුට්ටු පත්තු කරන නරුමයෝ. වනජීවී එකේ ඉන්න අය මේකට අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න ඇති. ගස් කපනකල් නිදාගෙන හිටියේ ඒකනේ... අනිත් එක මේකට දියවෙමින් යන දේශපාලුවෙකුත් හවුල් ඇති කතා දෙකක් නැතිව.

:       0       2

නීතිය නැමෙන විට Wednesday, 04 May 2022 10:42 AM

මේ දැව ජාවාරම් වැඩිපුරම වුනේ මේ රජය යටතේ වන අතර නූගත් රස්තියාදුකාර දේශපාලකයින්ගේ අණසකට මෙය යටවී ඇත. රටේ නීතිය දුප්පතාට පමණද ක්‍රියාත්මක වෙන්නේ? එය ලැජ්ජාවට කරුණක් නොවන්නේද?

:       0       2

Hafeel Wednesday, 04 May 2022 12:27 PM

බදුර්දීන් අද ආණ්ඩුවද නියෝජනය කරන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 172 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 664 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1066 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site