(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඉදිරියේදී ආදායම් බදු වැඩි කිරීමට සිදුවන බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පවතින අයවැය තවදුරටත් යථාර්ථවත් නැතැයි ද ඒ නිසා ඉතා ඉක්මනින් අලුත් අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන අතර ඒ තුළින් ආදායම් බදු වැඩි කිරීමට සිදුවෙන බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.
" හම්බ කරන මිනිස්සු සල්ලි ටිකක් බෙදා ගත යුතුයි. නැතිනම් සමාජය කඩා වැටේවි.ඊළඟ වසර දෙක තුන ඇතුළත බදු ආදායම සියයට 15 කින් පමණ වැඩි කිරීමට සිදුවෙිවි"යනුවෙන්ද අලි සබිරි මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර සීනිවලින්, පොල් තෙල්වලින් එහෙම ගහපු බදු හොරකම්..? ඒ සල්ලි අයකර ගන්නකෝ. මෙතන දුප්පත් මිනිස්සු හූරන් කන්නම බලන් ඉන්නේ නැතිව..
මේවට නම් සාප වෙනවා. අපි හම්බ කරන සල්ලිවලින් නුඹලා සැප විඳිනවා එවායින් හොරාකනවා... තවත් අපෙන්ම ඉල්ලනවා. නුඹලා හොරාකාපුවා හොයා ගනිල්ලා...
මේ අය ඇතිවෙනකන් හොරකම් කරලා, කොමිස් ගහලා රට විනාශ කරලා රටේ ජනතාව, ඒ පාපය කරගහන්න ඕනේ. කරුණාකරලා අකුලාගෙන යන්න..
අපි බෙදාගන්න කැමැති 100% ක්ම එම මුදල මහජනතාවට දෙනවා නම්.. මේකෙන් වෙන්නේ ඔය ගොල්ලන්ගේ පොකට් එක සරු වෙන එකයි.
මේ රටේ මිනිස්සු බදු ගෙවන්න අකමැත්තක් නැහැ .නමුත් ඒ ගෙවන බදුවලට සාදාරනයක් වෙන්න ඕනි .මිනිසුන්ට ඒ බදුවලින් සෙතක් වෙන්න ඕනි .අපේ රටේ එහෙම දෙයක් නොවෙන නිසා මිනිස්සු බදු ගෙවීම පැහැර හරිනවා .