ඉන්දිකා රාමනායක
පොලිස් බාරයේ සිටි හෙරොයින් සැකකරුවකු පලා යාමේ සිද්ධියක් හලාවත මුලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිසිය කියයි.
ඉරණවිල ප්‍රදේශයේ පදිංචිකරුවකු වු සැකකරු හොරොයින් ග්‍රෑම් 05 ට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු අධිකරණය වෙත රැගෙන යාමට පොලිසියෙන් පිටතට රැගෙනවිත් ඇති අවස්ථාවේ ඔහු පලාගොස් ඇති බවද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඉහත උප පොලිස් පරීක්ෂකවරයා වැඩ තහනම් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩ්ඩා පැන්නාම එස්.අයි. ගෙදර. වෙඩි තිබ්බොත් ස්ථාන මාරුවක්.. හරිම අපූරුයි නොවැ.. මේ රටේ තියෙන නීතිය.