ගිනි අවි දෙකක් සමඟ අයෙක් අත්අඩංගුවට ඇමරිකාවේ නිෂ්පාධිත බෝර 12 ගිනි අවියක්, ඒ සදහා යෙදිය හැකි උණ්ඩ 01ක් හා මෙරට නිෂ්පාදිත බෙහෙත්කොටන තුවක්කුවක් සමග සැකකරුවකු රත්ගම පන්විල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි. 17 October 2021
මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තු යන්න අවසර පාර්ලිමේන්තුව ආවරණය සඳහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යය ආයතන විසින් නම් කෙරුණු සියලුම මාධ්‍යවේදීන්ට එම ආවරණ කටයුතු සඳහා අවසර දීමට තීරණය කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය. 17 October 2021
රට විවෘත කරන දින සිට අන්තර් පළාත් දුම්රියත් ධාවනයට පළාත් සංචරණ සීමා ඉවත්කිරීමත් සමඟ ලබන බ්‍රහස්පතින්දා (21 වැනිදා) සිට දුම්රිය ධාවනය ආරම්භ කරන බවත් එදින සිට දිනකට ගමන් වාර 128 ත් 130 ත් අතර සංඛ්‍යාවක් ධාවන කිරීමට නියමිත බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 17 October 2021
මාතර රෝහලේ වරදින් කෝටි 3 ක් වතුරේ මාතර මහ රෝහල ඇතුළු අනුබද්ධ ආයතනවලට පවිත්‍රතා සේවය ලබාගැනීම සඳහා ශ්‍රම පිරිවැය ගණනයේදී සිදුවූ වරදක් නිසා රුපියල් තුන් කෝටියකට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට පසුගියදා බාරදුන් වාර්තාවක සඳහන් වෙයි. 17 October 2021
කොරෝනාවෙන් මැරුණැයි කීවත් ව්‍යාපාරිකයාට කොරෝනා නෑ කොරෝනා ආසාදිතව මියගිය ඇඹිලිපිටිය ව්‍යාපාරිකයාට කොරෝනා ආසාදනය වී නොමැති බවට තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාගත් පී.සී.ආර් වාර්තාවේ පිටපතෙන් තහවුරු වී ඇතැයි ඔහුගේ පියා ඇඹිලිපිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 17 October 2021
අධිවේගයත් ඉලෙක්ට්‍රොනික වෙයි අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටු අසල පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික ගාස්තු එකතු කිරීමේ (Electronic Toll Collection) කුටි ඉදිකිරීමට පියවර ගන්නා බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 17 October 2021
බණ්ඩාරගමදී මහ දවල් තරුණයන් දෙදෙනකුගේ දෑත් කපයි බණ්ඩාරගම වල්ගම සුනාමි නිවාස සංකීර්ණයේදී විශාල පිරිසක් බලා සිටිද්දී තියුණු ආයුධයකින් පහරදී තරුණයන් දෙදෙනකුගේ දෑත් කපා ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. 17 October 2021
ඉන්දු-ලංකා යුද අභ්‍යාසයේදී අනතුරකින් මේජර් රෝහලේ ඉන්දු ශ්‍රී ලංකා , මිත්‍ර ශක්ති, ඒකාබද්ධ යුද අභ්‍යාසය පුහුණුව යටතේ මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ දී පුහුණු කරන අතරතුරදී අනතුරකින් 6 වැනි ඉංජිනේරු බලකායේ මේජර් වරයකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය කියයි. 17 October 2021
‘‘පාස්කු බෝම්බයේ දේශපාලකයන් කියන්න‘‘ පාස්කු ඉරුදින එල්ල වූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින්නේ අන්තවාදී මුස්ලිම්වරු හත් අට දෙනෙක් පමණක් නොවන බවත්, දේශපාලන අරමුණු තකා කවුද ඒ පුද්ගලයින්ව පාවිච්චි කළේ කවුද යන්න දැනගැනීමට අවශ්‍ය බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 17 October 2021
තිස්සෙන් ගිනි අවි කම්හලක් තිස්සමහාරාම කාවන්තිස්සපුර ප්‍රදේශයේ කම්මල්කරුවකු ලෙස පෙනී සිටිමින් ගිනි අවි සෑදූ පුද්ගලයකු එම කම්හලේ නිෂ්පාදනය කරනු ලැබූ ගිනි අවි පහක් හා ගිනි අවි සෑදීමට ගන්නා උපකරණ තොගයක් සමඟ පොලිස් අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය කියයි. 17 October 2021
අනවසර විදුලි රැහැනක පැටලී දැරියක සහ තරුණයකු මරුට කොලොන්න පිටවෙළ ප්‍රදේශයේ දී දැරියක සහ තරුණයකු අනවසර විදුහිල රැහැනක පැටලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 17 October 2021
මුලතිව් ළිඳකින් උණ්ඩ 1529ක් මුලතිව්, තීර්තකරෙයි ප්‍රදේශයේ පැරණි ළිඳක තිබි ටි.56 වර්ගයේ පතරොම් 1529ක් සොයාගත් බව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 17 October 2021
තෙල් ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ඉන්ධන මිලදී ගැනීමට සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ලබාගැනීමට රජය කටයුතු කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරියකු පැවසීය. 17 October 2021
‘ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව සකස් කර අවසන්‘ ග්‍රාම නිලධාරීවරුන්ගේ සේවා ව්‍යවස්ථාව සකසා අවසන් බවත් එය ජාතික වැටුප් හා සේවක කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවත්, වාරිමාර්ග අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය. 17 October 2021
ඉන්දියාවෙන් නාඩු සහල් තොගයක් අද එයි ඉන්දියාවෙන් ඇනවුම් කළ නාඩු සහල් මෙට්‍රික්ටොන් 30000 න් කොටසක් අද (17) කොළඹ වරායට ළඟාවීමට නියමිත බව වෙළඳ අමාත්‍යාංශයේ උසස් නිළධාරියෙකු පැවසීය. 17 October 2021
විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අද ඇරඹේ අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) සංවිධානය කරන හත්වැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2020) සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඕමානයේදී අද (17) ආරම්භ වේ. 17 October 2021
අද දවසේ කාලගුණය සබරගමුව, මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 October 2021
මුහුණු පොතින් ඇවිත් පසුම්බියට විදලා මුහුණු පොතෙන් හදුනාගත් මාතර ප්‍රදේශයේ කාන්තාවකට මුදල් වංචා කළ විදේශීය ජාතිකයෙක් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාශය විසින් නුගේගොඩ දී අත්අඩංගුවට ගනු ලැබීය. 16 October 2021
වැලිපැන්නේ අදත් දිග පෝලිම් දින පහක නිවාඩුවක් එළඹෙන බැවින් බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට යාම සඳහා අධිවේගී මාර්ග වැලිපැන්න පිවිසුම අසල සිට කිලෝ මීටර් ගණනාවක් දිගු වාහන අද දක්නට ලැබුණි. 16 October 2021
හික්කඩුවට සංචාරකයන් ඇවිත් කොරෝනා ව්‍යසනයෙන් පසුව හික්කඩුව සංචාරක පුරවරය විදෙස් සංචාරයකින් සදහා අද(16) විවෘත කෙරිණ. 16 October 2021
කොවිඩ්’ රෝගීන්ට මැටි වාෂ්පීකරණ උපකරණයක් ‘කොවිඩ්’ රෝගීන්ගේ භාවිතය සඳහා දේශීය නිෂ්පාදකයකු මැටි වාෂ්පීකරණ උපකරණයක් නිෂ්පාදනය කර ඇති අතර එම උපකරණ කට්ටල තොගයක් මාරවිල හා ලුණුවිල ජාතික රෝහල් වෙත පසුගියදා බත්තරමුල්ල ජාතික ශිල්ප සභාවේදී ප්රදානය කළේය. 16 October 2021
‘‘බලය ගත් පසු උම්මත්තකයෝ ලෙස හැසිරෙන්න හොඳ නෑ‘‘ බලය ලබාගත් පසු උන්මත්තකයො ලෙස උද්ද්ච්ඡ කමින් හැසිරෙන්නෙ නැතිව මිනිසුන්ගේ හඬට කන් දීමට ආණ්ඩුවකට හැකියාව තිබිය යුතුයි. ගමේ ජීවත් වෙන කෙනෙක් විදිහට මම මුල ඉදලම කිව්ව මේ පොහොර සම්බන්ධ තීන්දුව ලොකු අර්බුදයක් බවට පත්වෙනවා කියලා. දැන් අපේ ගොවීයන් වැඩකටයුතු ටික කරලා පොහොර නැතිව බලාගෙන ඉන්නවා යැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (16) නිකවැරටියේ දී පැවසීය. 16 October 2021
කොරෝනා ආසාදිතයන් 488ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 488 දෙනකු අද (16) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 16 October 2021
ඇමැතිවරුන්ට, නිලධාරීන්ට විදේශ සංචාර තහනමක්? අයවැය ඉදිරිපත් කෙරෙන ලබන මස 12 වැනිදා සහ අයවැය අවසාන ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් මස 10 වැනිදා අතර කාලයේ විදේශයන්හි කිසිදු නිල හෝ පෞද්ගලික හෝ සංචාරයක නිරත නොවන ලෙස ජනාධිපති ලේකම් පී .බී ජයසුන්දර මහතා සියලුම ඇමැතිවරුන්ට, රාජ්‍ය ඇමැතිවරුන්ට අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් දැනුම්දී ඇත. 16 October 2021
කෝන් ගසෙන් ආ මාරයා සිසුවා ඩැහැ ගනී හොරොව්පොතාන මොරවැව ප්‍රදේශයේ හේනක නවතා තිබූ රෝද හතරේ ට්‍රැක්ටරයක රියදුරු අසුනේ වාඩිවී සිටි දාහතර හැවිරිදි සිසුවකු ගේ හිස මතට ආසන්නයේ ගිනි ගනිමින් තිබූ කෝන් ගසක් අද (16) දහවල් කඩා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා හොරොව්පොතාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි හොරොව්පොතාන පොලීසිය කියයි. 16 October 2021
‘අපේ ජන බල පක්ෂ’ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ඥානසාර හිමිට අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ගලගොඩාත්තේ ඥානසාර හිමියන් පත් කිරීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. 16 October 2021
පළාත් සභා මැතිවරණය කඩිනම් කරන්නැයි හිටපු ජනපතිගෙන් ඉල්ලීමක් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. 16 October 2021
ගිනස් වාර්තා අතරට ගිය ලොව උසම කාන්තාව ලොව උසින් වැඩිම කාන්තාව ලෙස ගිනස් වාර්තා අතරට යෑමට 24 හැවිරිදි තුර්කි ජාතික කාන්තාවක වන රෑමේසා ගෙල්ගි සමත් වූවාය. ඇගේ උස අඩි 7 යි අගල් 0.7 කි. 16 October 2021
චීන ගගනගාමීන් තිදෙනා උඩුගුවනට චීනය පෘථිවි කක්ෂයේ කුඩා අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදිකරමින් පවතින අතර, එහි තවත් අදියරක් සම්පූර්ණ කිරීමට, එරට ගනගාමීහු තිදෙනෙක් අභ්‍යවකාශය බලා පිටත්ව ගියහ. මෙම ගගනගාමීන් තිදෙනාගෙන් එක් කෙනකු කාන්තාවක් වීම ද විශේෂත්වයකි. 16 October 2021
ඉන්දියාව විදෙස් සංචාරකයන්ට විවෘත වෙයි ’කොවිඩ් 19’ ආසාදිතයන් සැලකිය යුතු අන්දමින් අඩුවීමත් සමඟ ඊයේ (15) සිට ඉන්දියාව යළි විදෙස් සංචාරකයන්ට විවෘත කෙරුණි. 16 October 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026