(ඉන්දිකා  රාමනායක)

ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි   නිවස ඉදිරිපිට  පසුගියදා පැවති විරෝධතාව  සම්බන්ධයෙන්  අඩංගුවට ගෙන ඇප  මත මුදා හැර සිටී පුද්ගලයන්  15 දෙනකු අද (2) අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා  සිද්ධිය සම්බන්ධයෙන්  පැය 5  ට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව පොලීසිය පවසයි.

මෙම පිරිස  අද පෙරවරු  9.30 ට  පමණ  නීතිඥ  නුවන් බෝපගේ මහතා ප්‍රමුඛ  නීතිඥ කණ්ඩායමක් සමග අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇත.

මෙම ප්‍රශ්න කිරීම පස්වරු 2.00 පැවති බවද පොලිසිය සඳහන් කරයි.

ඉකු මාර්තු මස 31 වැනි දින රාත්‍රියේ මිරිහානේ  වූ නොසන්සුන්කාරී  සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිසිය විසින් සැකකරුවන් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර , ඔවුන් නුගේගොඩ  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වු කිරීමෙන්න් පසු  ඇප මත මුදා හැර ඇත.

එම පිරිසෙන් පුද්ගලයන් 15 දෙනකු අද දිනයේ මෙලෙස  ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති අතර  හෙට  (3) දින ද තවත් කණ්ඩායමක් කැඳවා ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග පවසයි 

නොසන්සුන්කාරී සිද්ධිය, හවුල් වූ පුද්ගලයන් , බස් රථ වලට  ගිනි තැබූ පුද්ගලන්   ආදි  මේ සම්බන්ධයෙන් මෙම පිරිසගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.