(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කළ බව එම සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා අද (2) පස්වරුවේ පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලින් සියයට 90 ක් පමණ ලැබුණු බව කී ශාන්ත සිල්වා මහතා අද පස්වරුවේ සිට නැවත ඉන්ධන ප්‍රවාහන ආරම්භ කරන බව ද සඳහන් කළේය.