
(නිමල කොඩිතුවක්කු)
69 ලක්ෂයක ඡන්දයෙනේ බලයට පත්වූ ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මැයි දින සැමරුමක් පැවැත්විමට නොහැකි තරමට අසරණ වී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය.
තමන්ට ඇති ජනවරම තේරුම් ගෙන ජනාදිපතිවරයා ප්‍රමුඛ ආන්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුව ඇතැයිද කිරිඇල්ල මහතා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
“ලක්ෂ 69ක ඡන්දයකින් බලයට පත්වුන ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාත්‍යන්තර මැයි දින සැමරුම පවත්වන්න නොහැකි වුණා. සෞභාගග්‍යමත් දේශයක් නිර්මාණය කිරීමට පැමැනි පොහොට්ටුව රට විනාශ කලා. අද ආණ්ඩුවේ නායකයින්ට එලියට බහින්න විදියක් නැහැ. අද ඒ අය ජනතාවගෙන් සැඟවී සිටිනවා. තමන්ගේ තත්වය තේරුමි ගෙන මේ ආන්ඩුව වහාම ඉවත් විය යුතුයි.
948 අපිට නිදහස ලැබුනට පස්සේ අද වෙනකොට ආණ්ඩු 14ක් බලයට පත් වෙලා තියෙනවා. නමුත් කිසිම ආණ්ඩුවක් මේ රට බංකොලොත් කලේ නැ. රට බංකොලොත් කරපු එකම ආණ්ඩුව තමයි ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් පොහොට්ටුව ආණ්ඩුව.
අද මේ ආණ්ඩුවට ජන වරමක් නෑ. රට බංකොලොත් කරපු ආණ්ඩුවට එරෙහිවලංකාව පුරාම විරෝධතා. පැවැත්වෙනවා. අද පාලකයෝ බංකර්වල සැඟවිලා සිටිනවා. සති ගානකින් ජනාධිපතිතුමා පෙන්න නැ. මෙහෙම හැංගිලා රට පාලනය කරන්න බැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළියට ආවොත් මිනිස්සුන්ගෙන් ගුටි කන්න වෙන නිසා අපි මොලේ කල්පනා කරලා මැයි දින රැළිය බංකරයක සිට සැමරුවා..., ඔයාට දුකද? මෙයට විශ්වාසී කාඩ්බෝඩ් වීරයා සහ මයිනා...