IMG-LOGO

වත්මන් පාලනයට විරෝධය පා ලොව පුරා විරෝධතා

 

(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් මෙරට පැවැත්වෙන අරගලයට සහය පළ කරමින්, ජාත්‍යන්තර කම්කරු දිනය යෙදුණු ඊයේ (1) ලොව පුරා විවිධ රටවල පදිංචි ශ්‍රී ලාංකිකයෝ වි‍රෝධතා සංවිධානය කර තිබිණි.

ඇමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී, නිව්යෝර්ක්, නෙබ්බ්‍රැස්කා, විස්කොන්සින්, අයෝවා, ඔක්ලහෝමා, නිව්මෙක්සිකෝ, කෙන්ටාකි, අරිසෝනා, සැන් ෆ්‍රැන්සිස්කෝ, ලොස් ඇන්ජලීස්, ඔරිගන් ආදී ප්‍රාන්ත රැසකදී මෙම විරෝධතා පැවැත්විණි.

මීට අමතරව නවසීලන්තයේ ඕක්ලන්ඩ්, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, ලන්ඩන් පාර්ලිමේන්තුව ඉදිරිපිට ආදී වශයෙන් ද ශ්‍රී ලාංකිකයන් විරෝධතා සංවිධානය කර තිබිණි.

මේවාට සහභාගී වූ ලාංකික පිරිස් පැවසුවේ රටට ඩොලර් එවීමට මිලියන දෙක හමාරක් පමණ වන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සූදානමින් සිටින නමුත් රාජපක්ෂවරුන් බලයේ සිටින තුරු එම මුදල් එවීමට නොහැකි බවයි.

ඔවුන් බලයේ සිටින විට එවන මුදල්වලින් රටට පළක් නොවන බව ද ඔවුහු පැවසූහ.



අදහස් (8)

වත්මන් පාලනයට විරෝධය පා ලොව පුරා විරෝධතා

රටවැසියා Monday, 02 May 2022 02:01 PM

සුද්දගෙන් රට ලබාගෙන සුද්දගේ රටේම ඉඳගෙන සිංහ කොඩිය වනවන, දෙකට බෙදුණු සිංහල ජාතිය ගැන හරිම ආඩම්බරයි... සුද්දගේ රටේ ඉන්න දෙමළ අපිට..!

:       13       14

මැක්ස් Monday, 02 May 2022 02:52 PM

මේ වගේ විහිළු ලෝකෙට සපයන්නේ නැතුව මෙයාලා කළ යුත්තේ මහ බැංකු අධිපතිවරයා ද කී පරිදි ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය හරහා විදේස විනිමය එවීමයි. කාටවත් නෙවෙයි, තමන්ගේම අම්මට තාත්තාට, නෑදෑයින්ට...

:       35       13

MO77Monday, 02 May 2022 08:41 PM

රාජපක්ෂලා ඩොලර් හොරා කෑවෙ විදේශ ශ්‍රමිකයන් එවපු ඩොලර්. ඒක වුණේ මෙහෙමයි. හොරාකාපු රුපියල් බැංකු පද්ධතියෙන් හා exchange වලින් ඩොලර් වලට මාරු කරලා මුන් රට පැන්නුවා. මීට අමතරව විදේශ වලින් ලැබෙන ඩොලර් කෙලින්ම හොරකම් කලා. මහ බැංකු අධිපති කියන්නෙත් බැඳුම්කර වංචාවට උඩගෙඩි දුන්න පුද්ගලයෙක්. ඊට අමතරව මෙයා share market එක තුළින් EPF/ ETF අරමුදල්වලට කරපු පාඩුව ටත් වගකියන්න ඕන පුද්ගලයෙක්. මොහු මේ ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ඉතාම ඉහළ වැටුප් වැටුපකට හා දීමනා වලට. මෙයා මහ බැංකුවෙන් 2020 සැප්තැම්බර් විසි විශ්‍රාම අරගෙන, ඔස්ට්‍රේලියාවේ වේලි වේලි හිටිය පුද්ගලයෙක්.

:       0       0

SUNIL MILANO Monday, 02 May 2022 02:55 PM

සහතික ඇත්ත. රට වැසියා, දෙමළ ඩයස් පෝරාව දෙකොණින් හිනාවෙනවා..., මේ අපත ජෙප්පන්ගේ වැඩවලට. ඒ අය සෑහෙන්න සල්ලි වියදම් කරනවා. එලොවටත් නැති, මෙලොවටත් නැති මිනිස්සු.

:       19       13

SUNIL MILANO Monday, 02 May 2022 03:00 PM

සිංහලයාම දෙකට බෙදිලා කිසිම හිරිකිතයක් නැතිව තම මව්බිම පාවාදෙනවා. හරිම කණගාටුයි.

:       35       14

රටවැසියාMonday, 02 May 2022 07:13 PM

ඔබ හරියටම හරි සුනිල් ....! මෙහෙම රඟපෑවට මේ අය දිනපතා කෑමට ගන්නා සෑම ලාංකික කෑම වර්ගයක්ම, එළවලු වර්ගයක්ම මිලදී ගන්නේ ලන්ඩන් නුවර තියෙන දෙමළ කඩවල් වලින්මයි...! ඉතින් ඒ මුදල යන්නේ කාගේ බැංකුවටද කියලා ඒ අයම දන්නවා! හැබැයි කතාව පවුම් හා ඩොලර් වලින් ලංකාවට සල්ලි එවන්න ඒ අය පෝලිමේ ඉන්නවා කියලයි..! මේ අය සිංහලයාව හෑල්ලු කරලා 'ඩයස්පෝරාවේ' ගිණුම තර කරන එක තමයි උගුරෙන් පහළට ගිලදමන හැම බත් කටෙනුත් කරන්නේ... ඒ තමයි ඇත්ත..!

:       3       1

රටවැසියා Monday, 02 May 2022 03:23 PM

හරිම සතුටුයි. රාජපක්‍ෂලාගේ නම මුළු ලෝකය පුරාම පැතිරී ගිය එකට..! ඒ කියන්නේ "ඩොලර්" කියන නමටත් වඩා ප්‍රචලිත වුණු නමක් රාජපක්‍ෂ කියන්නේ...! ඉස්සර නම් කිව්වේ" මේ සියවසේ ලෝකයේ යුද්ධයක් දිනපු එකම රට තමයි ශ්‍රී ලංකාව කියලා" එහි නියමුවා "රාජපක්‍ෂ" කියලා..!

:       8       16

Bamunuarachchi Tuesday, 03 May 2022 02:16 PM

තිබෙන ආණ්ඩුව පලවා හැරලා පාලනයට පත්කරන්නේ ජෙප්පන්වද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 193 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 701 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1097 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site