(නිමල කොඩිතුවක්කු)

සමගි ජනබලවේගයේ මැදි දින රැළියේදී  කථික ලැයිස්තුව සකස් කිරීමේදී යම් යම් අඩුපාඩු තිබූ බැවින් ඒ පිළිබඳ විමසීමේදී  පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා  අශෝභන ලෙස හැසුරුණු බව සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ද ෆොන්සේකා මහතා ප්‍රකාශක කළේය.

මැයි දින පෙළපාළියේ සංවිධාන කටයුතු හරීන් ප්‍රනාන්දු මහතාට බාරදී තිබූ බවත් එහිදි ඔහු තම හිතවත් කණ්ඩායමක ප්‍රතිරූපය ඉහළ නංවන අයුරින් කටයුතු කළ බවත් ෆොන්සේකා මහතා කීවේය.

මේවා දිගින් දිගටම ගෙන ගියොත් පක්ෂයේ සමගියට බාධාවක් විය හැකි බැවින්, පක්ෂයේ දෙවනියා ලෙස ඒ ගැන මැදිහත්ව කටයුතු කළ බවත් ඔහු පැවැසීය.