
(ෂේන් සෙනෙවිරත්න)
මින් ඉදිරියට කිසිදු දේශපාලනාඥයකුට තමන් වහන්සේ බැහැදැකීම සඳහා අවසර ලබා නොදීමට තීරණය කළ බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නායක හිමියෝ පැවැසූහ.
මෙරට පොදු ජනතාව මේ වන විට පීඩා විඳින දුක් ගැහැටවලට දේශපාලකයන් මැදිහත්ව අවශ්‍ය විසඳුම් ලබා නොදී කල් මැරීම හැර කිසිදු දෙයක් නොකරන නිසා මෙම තීරණය ගෙන ඇත.
ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ පූර්ණ එකඟතාවය මත පවතින අර්බුදයෙන් රට මුදවා ගැනීම පිණිස තාවකාලිකව සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනා හයක් ඇතුළත් කර ජනාධිපති, අගමැති හා පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කරන ලද ලියැවිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මහා නා හිමියන් මෙම තීරණයට එළඹ තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු සරණයි, මහනායක හිමියනි...,
දේශපාලඥයෝ මේ දක්වා ආගම, දේශපාලන වෙළඳපලක් කරගෙන තමන්ගේ බලය ලබාගැනීමට මෙවලමක් විදිහට භාවිතා කරා පමණයි. ඒකෙන් ජනතාවට යහපතක් කරන්න කල්පනා කරන්නේ නැති බවයි පේන්නේ.
දූෂිත දේශපාලුවන් වන්දනාවේ ගිහින් මල් වට්ට්, පූජා වට්ටි පූජා කරලා ආශීර්වාද ලබාගන්නා එකම රට ලංකාව වෙන්න ඇති...
අනේ ඇත්තටම හොඳයි ස්වාමීන්වහන්ස. ඔය ඔක්කෝටම තහනම් කරන්න. ඔය ඔක්කොම එකයි...
ශ්‍රී ලාංකික සියලුම ජාතීන්ගේ හදපත්ලෙන්ම නැගෙන හඬනම් ඔබවහන්සේගේ මෙම තීරණය අති විශේෂයෙන්ම අගය කළ යුතු ක්‍රියාවක්ම බවයි. දේශපාලුවන් කරනුයේ ඔබවහන්සේලාටත් අගෞරව කිරීමකි. අනිකුත් සියලු ආගමික නායකයින් ඔබවහන්සේලා අනුගමනය කරනු ඇතැයි සියලු දෙනාම බලාගෙන සිටියි.
පින්සිදු වේවා....!
අගය කළ යුතු තීරණයක්... අනික් නායක ස්වාමීන් වහන්සේලාත් මේ ගැන අවදානය යොමුකරනු ඇතැයි සිතමි.
සාදු..! සාදු..! සාදු..!
මෙය බුද්ධ ශාසනයට ඉතාම වැදගත් වේ. එවිට දේශපාලනඥයා මහා නායක හිමියන් බැහැ දැකීම් මින් ඉදිරියට නොමැත. ඕනෑම පුද්ගලයෙකුට බෞද්ධ විහාරස්ථානයකට ඇවිත් වත් පෙහෙවත් කර යාමේ හැකියාවක්ද තියෙනවා...
බොහොම පින් බොහො කල් ගත වෙලා හරි මේ තීරණය ගත්තාට. මේ රජය බලයට පත් කරන්නට සංඝරත්නය විශාල වැඩ කොටසක් කරා. රට විනාශ කරන දේශපාලකයන් අශිර්වාද කරන්නෙත් හාමුදුරුවරු . මේ නිසා රටේ මේ විනාසයට ඔබ වහන්සේලාද වග කිව යුතුය.
හැම ආගමකම දෙවි කෙනෙකි අදහා වඳින නායක බුදු දහම තුළ පමණි දෙවියනුත් වැඳ ඉන්න නායක ඒ අප බුදු පියාණනි දෙවියන්ට දම්සක් දෙසු නායක කර්මය සැම ආගමට පොදුය දෙසුව ලොව නායක
ප්‍රමාද වී හෝ ගත්තු තීරණය ගැන අපිට හරිම සතුටුයි...
බෙන්ස් එකක් ඕනෑ වෙලාද? ඔබ වහන්සේලාත් දුප්පතාගේ දානයට වඩින්නත් වාහනයක් ඉල්ලනවා නෙවැ. බලමු කොතරම් කලයකටද කියලා.
හොඳම තීරණයක් හාමුදුරුවනේ. අනිත් විහාරවලටත් මේ දේම කරන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි..
හොඳම පියවරක්... ප්‍රමාද වෙලා හරි ගත්තු එක හොඳයි..!
බුද්ධිමත් තීරණයක්. ඒ අය ආවොත් පූජනීය ස්ථාන ගඳ ගහනවා.
මේ වෙලාවේ 1. මහින්ද ප්‍රමුක පුට්ටුව ඇතුළු නඩය - බලය පවත්වා ගැනීමට කල් මැරීම සිදුකරයි 2. සජිත් ප්‍රමුක සජබ නාදය - හතරගාතෙන් ඉන්න ලංකා වට බිලියන ගානක් වියදම් කර කරන චන්දයක් පස්සේ දුවයි 3. අනුර ප්‍රම්ක දේශපාලන කණ්ඩායම - හතරගාතෙන් ඉන්න ලංකා වට බිලියන ගානක් වියදම් කර කරන චන්දයක් පස්සේ දුවයි රටේ ආර්ථිකය හසුරුවන්න, දීර්ගකාලින ප්‍රතිපත්ති හදන්න ,ආර්ථික ගැටලුවට ජනතාව වෙනුවෙන් ගැටලුවට එකට සිට මුහුණ දෙන්න ඕනේ අවස්තාවක මේ හැම එකාම මහජනතාවගේ අභිලාෂයන් එක්ක පන්දු කෙලියේ යෙදෙති. gOTA gO hOME , mAHINDA සීයේ GO HOME ,සජිත් ගොනෝ GO HOME , අනුර උඹට ජනතාව වෙනුවෙන් දෙයක් කරන්න හිතෙන්නේ නැතිනම් උඹත් GO HOME
ඔන්න ඔය විදියට හැමෝම දේශපාලකයන් වර්ජනය කරොත්, ඔවුන් ඉබේම හැදෙයි.
අනේ හාමුදුරුවනේ දේශපාලන කරන මන්ත්‍රී හාමුදුරුවරුන්ටත්, දේශපාලකයන්ට කඩේ යන හාමුදුරුවරුන්ටත් මේ එක්කම දොර වහන සේක්වා.
පන්සල් පල්ලි කෝවිල් දේවස්ථාන වලින් උදේට සවසට ඉරිදට පෝයට සිදු කරන ලවුඩ්ස්පීකර් ශබ්ද පීඩාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න.. යාබද නිවාසවල පදිංචි ජනතාවට එය මහත් කරදරයක් ..
අතිගෞරවනිය මහානායක හාමුදුරුවන් දුන් ආදර්ශයට මූළු මහත් ජාතියේම ගෞරවය හිමිවිය යුතුය.
මහින්ද රාජපක්ෂ වර්නනා කරන අනුනායක ඇත්තෙක් ඔය දෙපාර්ශ්වය තුල ඉන්නව නේද.