(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයේ මැයි දින රැලියේ කථික ලැයිස්තුව සකස් කළේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අනුදැනුම ඇතිව මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා බැවින්, තමන්ට ඒ පිළිබඳ චෝදනා නැගීමෙන් පලක් නොමැති බව සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
මහනුවර සිට පැවැති දින හයක පා ගමන සහ මැයි දින රැලිය තම ශ්‍රමය, ධනය වැය කර සිදු කර තිබියදී තමන්ට එරෙහිව පරීක්ෂණ තැබීමට යෝජනා කරන සරත් ෆොන්සේකා මහතාගේ මනස පරීක්ෂා කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ දෙවැනියා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා බැවින්, ඒ බව නොදැන තමන් පක්ෂයේ දෙවැනියා යැයි සිතා ගනිමින් සරත් ෆොන්සේකා කටයුතු කිරීම පිළිබඳ කනගාටු වන බව ද හරීන් ප්‍රනාන්දු මහතා කීවේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (2) පැවැති පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ද සරත් ෆොන්සේකා මහතාට පක්ෂ සාමාජිකයන්ගේ දැඩි විරෝධය හිමි වූ බවත් ඔහු පැවැසීය.
එමෙන්ම, මෙම සිදුවීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා තමාගෙන් පෞද්ගලිකවම සමාව ඉල්ලා සිටි බවත්, ෆොන්සේකා මහතා සිදු කළ දේ අනුමත නොකළ බවත් ඔහු කීවේය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැමිණ නොසිටි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාලා දැන්ම තැන ගන්න පොරකනවා. තව කොහෙද බලයක් ලැබුනොත්. රට කරන්න බලාපොරොත්තුවෙන පක්ෂයක් අනිත් අයට ආදර්ශමත් වෙන්න එපෙයි. කව්රුත්ම රටට ආදරේට නෙමෙඉ ඔය පොරකන්නේ මෙච්චර කලුත් කලේ ඕකමනේ.225ම එපා කියන්නේ ඔන්න ඔය හේතුව නිසයි. හරීන් නම් කොහොමත් වැදගත් කතාවක් ඇති පුද්ගලයෙක් නෙමෙයිනේ. වාචාල කතාමනේ කියවන්නේ. ෆොන්සේකා මහත්තයා ඔතනින් අයින් වෙනවනම් හොඳයි. මොකද ඔබතුමාත් නිකන් ඒ ගෝල්ලන්ගේ ගොඩට වැටිලා නිකන් සෞත්තු වෙනවා.