IMG-LOGO

‘මුදල් ඇමති රටේ සංචිත හෙළිකරයි ‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වන විට ලංකාවේ  ද්‍රවශීලී සංචිතය මිලියන 50ක් වත් නැතැයි මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අවුරුදු දෙකකින් වත් මේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න හැකි වේ යැයි මම නම් හිතන්නේ නැහැ. අවුරුදු දෙකකින් ප්‍රශ්න විසඳන්න හැකි වේද අවුරුදු දහයක් දොළහක් ගත වේ දැයි යන්න තීරණය තිබෙන්නේ අපේ අතේමයි.

බදු වැඩි විය යුතු කාලයක අප බදු අඩු කළා.එය ඉතිහාසයේ වරදක් බව මා පිළිගන්නවා.බිලී පිත්තක් දෙනවා වෙනුවට දෙනවා වෙනුවට මාළුවෙක් දීමේ අවසන් ඵලය දැන් අප භුක්ති විදිනවා. මේ වන විට මෙරට ද්‍රව ද්‍රවශීලී සංචිතය මිලියන 50ක් වත් නැහැ.

හැබැයි ගිය අවුරුද්ද දෙකේ බිලියන 8 ක ණය ගෙවා තිබෙනවා.පසුගිය වසර වන විට වනවිට සංචාරක ආදායම මිලියන දෙසීය දක්වා කඩා වැටුණා.කොරෝනා  නිසා ප්‍රශ්න රාශියක් ඇති වුණා.මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුව තිබුණා.

සියලු රජයයන් යැපුම් මානසිකත්වය මත කටයුතු කළා. මෙ කාලයක් තිස්සේ ණය බරිත කිරීමේ ප්‍රතිඵලයයි.අපේ කාලයේත් වැරදි ප්‍රතිපත්ති මේ තත්ත්වය ඇති වීමට උදව් කළා.යනුවෙන්ද මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (11)

‘මුදල් ඇමති රටේ සංචිත හෙළිකරයි ‘

Hafeel Wednesday, 04 May 2022 12:42 PM

වත්මන් ජනාධිපතිගේ දුර්වලකම්, නොහැකියාව ඇතුළු අඩුපාඩු සේරම දැන දැන ඇයි තවදුරටත් මේ ජනාධිපතිට මුක්කු ගහන්නේ? ඔයා කියන එම බදු අඩුකිරීමෙන් පසුව තමයි, ඔයා 20වැනි සංශෝධන සභාගත කරලා, සම්මත කරලා දුන්නෙත්... ඔයා රටට ආදරේ නම්, එදාම විරුද්ධ වෙන්න තිබුණා. ඔයාත් රටට කරන්නේ ද්‍රෝහීකමක්...

:       17       140

අතුල සෞදි Wednesday, 04 May 2022 01:30 PM

අගමැතිකම සරත් ෆොන්සේකාට දිය යුතුයි. මේ වෙලාවේ මා දකින හොඳම සුසංයෝගය එයයි.

:       84       36

ajithWednesday, 04 May 2022 07:14 PM

අගමැතිකම සරත් ෆොන්සේකාට දිය යුතු නැත. සමගි ජනබලවේගයේ මැයි රැළියේදී ඔහු කළ ක්‍රියාව කිසිවකු අනුමත කරන්නේද නැත.

:       7       35

විපරමා Wednesday, 04 May 2022 02:31 PM

ඔබතුමාත් මේ දේවල් දැනදැනත් පවුල් පාලනේ උදවිය රැකගන්න වැඩ කෙරුවා. දැන් කයිවාරු ගැහැව්වට වැඩක් නැහැ.

:       7       90

Prabha Wednesday, 04 May 2022 02:45 PM

සර්ගේ යාළුවන්ට කියලා හොරාකාපු බදු සල්ලි ටික ආපහු ඉල්ලා ගන්නකෝ...

:       5       78

pradeep Wednesday, 04 May 2022 03:10 PM

ඔබලාගේත් වැරදි මාරාන්තික තීරණ වලට වන්දි ගෙවන්නේ අද අහිංසක ජනතාව.ඔබලා රෙදි ඇඳගෙන කොහොමද කතා කරන්නේ?

:       3       72

jagathWednesday, 04 May 2022 03:58 PM

ඇත්ත. අද රටේ මිනිසුන්ට තියෙන කරදර වලින් අංශු මාත්‍රයක් මේ මැති ඇමැතිලාට නැහැ. ඒ අය තවමත් මහජන මුදලින් ඔවුන්ගේ සුඛෝපභෝගි ජීවිත ගත කරනවා. මෙහෙම පාලකයින් මොනම රටකටවත් වැඩකට ඇතිද?

:       0       45

Anura Wednesday, 04 May 2022 03:39 PM

මේ අර්බුදයට ප්‍රධාන හේතු දෙකක් ලෙස විදේශීය මාධ්‍ය පෙන්වා දෙන්නේ, රජය පත්වුණු ගමන් සිදුකරපු බදු අඩුකිරීම සහ කෝවිඩ් වැනි අර්බුදයක් තිබියදී ඔලමොට්ටල තීරණයක් ගෙන පොහොර නැවත්වීම, මේ දෙකටම ජනාධිපති සහ අගමැති වගකිව යුතුයි.

:       1       74

pakeer Wednesday, 04 May 2022 04:28 PM

එහෙම වැරැදි කරලත් තාම බලේ.. අයින් වෙන්න සූදානමකුත් නැහැ. ලැජ්ජාව සහ බය නැති වුණාම රෙදි නැතිව වුණත් ඉන්න පුළුවන් කියන්නේ ඔන්න ඕකට තමයි.

:       3       56

darma Wednesday, 04 May 2022 05:17 PM

බදු අඩුකලේ යාළුවන්ට දෙන්න. දැන් එයාලගෙන් ගන්න. මේ රටේ ආර්ථිකයට ලොකුම විනාසේ කෙරුවේ අපිත් ඡන්දෙ දුන්නු මේ ආණ්ඩුව. දැන් ලෝකේ තුන්වෙනි හිඟන්නෝ අපි. මේ වගේ වෙලාවකවත් එකතුවෙලා ජාතික රජයක් ගෙනත් රට හදන්නයි, කාටවත් ඕන නෑ.

:       2       36

සුරනිමල Wednesday, 04 May 2022 05:21 PM

කවුරු මොනවා කිව්වත් මංගල සමරවීර මැතිතුමා කිව්වා වගේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන කාරණය පහුගිය කාලයේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ කඩවල් ගිනි තැබීම, වර්ජනය කිරීම හේතුවෙන් ඔවුන් තමන්ගේ මුදල් විශාල ගණන් පිටරටවල්වල ආයෝජන කළා. යුද්ධය කරපු කාලෙදීවත් කඩා වැටිච්ච ආර්ථිකේ මේ හේතුවෙන් කඩාවැටුණා. ඔවුන් මලයාසියාව, මලදිවයින, ඉන්දුනීසියාව, සිංගප්පූරුව වැනි රටවල්වල ආයෝජනය කළා..

:       20       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 172 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 664 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1066 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site