(යොහාන් භාසුර)
පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් පත්රයක් මගින් නිවේදනය කළ සහල් උපරිම මිලට වඩා වැඩි මිලට අලෙවි කළහොත් රුපියල් ලක්ෂ 50 ක දඩයක් සහ මාස 6ක සිරදඬුවමක් පැනවීමේ හැකියාව ඇතැයි එම අධිකාරිය පවසයි.
සහල් උපරිම මිලට වඩා වැඩි මිලට විකිණීමේ පළමු වරද සඳහා තනි පුද්ගල සමාගමකට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා ද, පුද්ගලික සමාගමකට ලක්ෂ පහේ සිට රුපියල් ලක්ෂ 50 දක්වා ද දඩ මුදල් නියම කළ හැකි බවත් දඩ මුදල සහ මාස 6 ක සිර දඬුවමක් ද නියම කළ හැකි බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති තිබෙන බව අපි දන්නවා ක්රීයාත්මක නොවීමයි ප්රශ්ණය
පීඩාවට පත්වූ ජනතාවට අනිවාර්යෙන්ම සහන ලැබියයුතියි. නමුත් මේක ප්රායෝගිකව කල හැකිද? මොකද්ද කොයි වෙලාවක හෝ මේ ගැසට් එක ආපහු අවලංගු වෙන්න පුළුවන්. මේ ආණ්ඩුවේ ඉතිහාසය එහමයි. අනික පාරිභෝගික කටයුතු අධිකාරියට මෙහම නීති පනවන්න පුළුවන්ද? ඩඩ්ලිට මේ නීතිය වලංගුද?
පාරිභෝගිකයාට සහනයක් නොව මහා පරිමාණ සහල් මෝල්කරුවන්ට සහනයක් වන පරිද්දෙන් සහල් සදහා ඉහළ පාලන මිලක් නියම කොට ඇති බැවින් මෝල් කරුවන්ට සහ වෙළඳුන්ට ප්රශ්ණ ඇති නොවේවි. මෝල් කරුවන්ට විසින් නියම කරන ලද සහල් මිලට අනුව පාරිභෝගික සේවා අධිකාරිය පාලන මිලක් නියම කිරීමෙන් පාරිභෝගිකයින්ට ලැබෙන සහනය කුමක්ද ?
ඔය කියන මිළට හාල් අපට හම්බ වෙන්නෙත් නැහැ. දඩ ගෙවන හෝ හිරේ යන කෙනෙක් දකින්නත් නැති වෙනවා. පාලකයන් ජනතාව රවටන එකේ අවසානයක්ද නැත. පාලන මිළට බඩු ගන්න පෝලිමේ ලැගලා සතොස හිස් බක්කි දැකබලා ගෙන ගෙදර යන්න ජනතාවට සිදුවෙන එක නම් සිකුරුයි.
බඩු මිල අයාලේ යනවා, විහිළු සපයන්න එපා.
දඩය හොඳයි, හැබැයි සහන මිලක් රජයෙන් ලබාදෙන්න නාඩු සහල් කිලෝ 1ක් රුපියල් 100 වුණාට කමක් නෑ..