
(මුදිතා දයානන්ද)
සභාවේ කිසිවකු ගමන් නොකරන රථයක් වෙනුවෙන් කොළඹ මහ නගර සභාව මසකට එක්ලක්ෂ හතළිස් දහසක් වැය කරන බව ද එයට තම පක්ෂය එකහෙළාම විරෝධය දක්වන බව ද ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා පැවැසීය.
මෙම රථය නියෝජ්‍ය නගරාධිපති එම්.ටී.එම්. ඉක්බාල් මහතාගේ පිටුපසින් ගමන් කිරීමට යොදා ගැනීම දැවැන්ත මුදල් නාස්තියක් බව ද ඔහු කීය.
නාගරික මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ, නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති කොළඹ මහ නගර සභාවේ මහා සභා රැස්වීමේදීය.
කොළඹ නගරාධිපතිනිය සහ නියෝජ්‍ය නගරාධිපති වෙනුවෙන් පසු ගමන් රථ භාවිත කිරීම සාම්ප්‍රදායිකව ඉතිහාසයේ සිට සිදු වුව ද යුද්ධයක් හෝ ආරක්ෂාව සම්බන්ධයෙන් රටේ විශේෂ ප්‍රශ්නයක් හෝ නොමැති අවස්ථාවකදී මෙවැනි පසු ගමන් රථ යොදා ගැනීම ජනතා බදු මුදල් අයථා පරිහරණයක් බව ද වීරකෝන් මහතා ‘ලංකාදීප’ය ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවැසීය.
රටේ මුදල් නැහැ කියන වේලාවේ සඳලුතලවලින් බිමට බැස ජනතාවගේ ප්‍රශ්න ගැන සොයා බලන්නැයි ද ජනතාව උද්ඝෝෂණය කරන වේලාවක, ජනතාව ජීවන වියදම දරාගන්න බැරිව පීඩාවට පත්ව සිටින වේලාවක මෙවැනි දේ සිදු වීම අනුමත නොකරන බව ද ඔහු කීය.
මෙම යෝජනාවට විරෝධය දක්වනු ලැබුවේ තම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පමණක් වන අතර, සෙසු සියලු පක්ෂ නියෝජිතයෝ එය අනුමත කළ බව ද ඔහු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ගැන හැගීමක් නැති උඩගුකමින් හිස උදුම්මාගත් අමනයින් ජනතා මුදල් ගසාකෑමට සකසාගත් නීතියක් කියන්න පුළුවන් .මේවාට ජනතාව විරුද්ධව නැගී සිටිය යුතුය ඉදිරි පළාත් පාලන මැතිවරණ අවස්ථාවක මෙම අමන ප්‍රතිපත්ති අහෝසි කරන අයෙකුට ජනතා කැමැත්ත දීමට වගබලා ගතයුතුය
දැන්වත් ජනතාව තේරුම්ගතයුතුයි මේ පක්ෂ දෙකටම ජනතා දුක දැනන්න නැහැ. ඔවුන්ව ප්‍රතික්ෂේප කරලා නව බල වේගයක් බලයට ගෙන්න ඕනේ.
මුන්ව අමු අමුවෙ හම ගහන්න ඔන.