නීති විරෝධීව ගෙන ආ කහ-එනසල් ඇතුළු භාණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1800 කට අධික ප්‍රමාණයක්, එනසාල් සහ කෘෂි රසායන බෝතල් තොගයක් සමඟ සැකකරුවෙක් යාපනය කයිට්ස් දූපත ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 30 March 2022
ප්‍රවාහන ඇමති-දුම්රිය රියදුරන් විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ඉල්ලීමකට අනුව අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය ලොකොමොටිව් ඔපරේෂන් ඉංජිනියර්ස් සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා මීට සුළු මොහොතකට පෙර ‘ලංකාදීප’යට පැවසීය. 30 March 2022
දුම්රිය ගාස්තු ඉහළ දැමීමට තවත් සතියක් ? දුම්රිය ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ ද ගාස්තු ඉහළ දැමීමට තවත් සතියකට අධික කාලයක් ගතවනු ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වජිර පොල්වත්තගේ මහතා අද (30) පැවසීය. 30 March 2022
රන් මිල තව උස්සයි ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (30) පෙරවරුව වන විට රුපියල් 185,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. 30 March 2022
ඉන්ධන පෝලිමක ගැටුමෙන් දෙකක් රෝහලේ :එකක් කූඩුවේ ගම්පහ , බැලුම්මහර ඉන්ධන පිරවුම්හලක් අසල රැඳී සිට ඇති රියදුරන් පිරිසක් සහ ප්‍රදේශවාසියෙකු අතර ඇතිවූ කතාබහක් දුරදිග ගොස් පහර කෑමට ලක්වූ දෙදෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් අයෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් යක්කල පොලීසිය පවසයි. 30 March 2022
ජෙනරේටරය පනගන්වද්දී ගින්නකින් මව දරු දෙදෙනා රෝහලට වැලිමඩ කැප්පෙටිපොළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස සංකීර්ණයේ නිවසක ඇතිවූ ගින්නකින් මවක සහ දරුවන් දෙනෙකු තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි . 30 March 2022
‘පොහොර ගැන තීන්දුව වැරදි බව මූල්‍ය අරමුදලත් කියනවා‘ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන දේ හරියට කළොත් ලංකාවෙි මහා සමාජවාදී විප්ලවයක් කළ හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 30 March 2022
නිවසේ හටගත් ගින්නෙන් 4කට තුවාල:2 ක් රෝහලට පනාපිටිය , මානන්දූව පාරේ නිවසක අද (30) අලුයම හටගත් ගින්නකින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් කාන්තාවන් දෙදෙනකු නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් කළුතර උතුර පොලිසිය පවසයි . 30 March 2022
රජයේ සේවකයන් දින2ක් නිවසේ සිට වැඩකරන්න ඉල්ලයි රට තුළ පවතින තත්වය අනුව රජයේ සේවකයන්ට අද සහ හෙට (30 සහ 31) නිවසේ සිට රාජකාරි කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස යෝජනා කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 30 March 2022
බොහෝ ප්‍රදේශවලට සවස තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (30) සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 March 2022
ඩීසල් පෝලිමට අද - හෙට යන්න එපා ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 ක් රැගත් නෞකාවේ ඩීසල් තොගය සැලසුම් කළ පරිදි ගොඩබෑමට නොහැකි වූ බවත් ඒ හේතුවෙන් අද සහ හෙට (30 සහ 31) ඩීසල් ලබාගැනීමට පිරවුම්හල්වල පෝලිම්වල නොසිටින ලෙස ඉල්ලා සිටින බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය. 30 March 2022
ඉන්ධනවලට තැන තැන විරෝධය ඩිසල් නොලැබිමට විරෝධය රට පුරා තැන් තැන්වල පිරිස් මාර්ග හරස් කරමින් විරොධතා පැවැත්වුහ. 30 March 2022
මන්ත්‍රීවරුන්ගේ පවුලේ අයටත් මැතිසබේ භෝජනාගාරය ඇරේ මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය අනිද්දා (1) සිට විවෘත කර තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එහි භෝජනාගාර අංශයට උපදෙස්දී ඇත. 29 March 2022
පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ ඉන්ධන දීමනාව අඩුවෙයි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන අඩු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 29 March 2022
සුවසැරිය ගැන ජයිශංකර් සතුටු වෙයි ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක යෙදෙන ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස් ජයිශංකර් 1990 සුවසැරිය ගිලන් රථ සේවා මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක අද {29} නිරත විය. 29 March 2022
දුම්රිය රියදුරන් - බලධාරීන් අතර සාකච්ඡා අසාර්ථකයි අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාව අසාර්ථකවීම නිසා දුම්රිය රියදුරන් සහ නියාමකයන් අද (29) සිට වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි ආරම්භ කරන බව දුම්රිය ලොකොමොටිව් ඔපරේෂන් ඉංජිනියර්ස් සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා අද (29) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 29 March 2022
හෙට පැය 10 ක් ලයිට් නෑ විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (30) සමස්ත ශ්‍රී ලංකාවට පැය 10 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (29) පස්වරු පැවසීය. 29 March 2022
අලුත් ආසාදිතයෝ 232 ක් කොවිඩ් ආසාදිතයින් තව 232 ක් අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 29 March 2022
දුම්රිය ගාස්තු සියයට 58 කින් නගී ඉදිරි දුම්රිය ගාස්තු සංශෝධනයේදී එම ගාස්තු සියයට 58කින් පමණ ඉහළනැංවීම සිදුවනු ඇතැයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (29) පැවසීය. 29 March 2022
තරුණයාට ලිංගික අතවර කළ ගුරුවරිය දිගින් දිගට පොලිසිය මගහරිනවා වයස අවුරුදු 20ක තරුණයකුට වයස අවුරුදු 16 සිට අයුතු ලිංගික අවශ්‍යතා සඳහා පොළඹවා ගනිමින් ලිංගික අතවර කළැයි කියන කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරිය දිගින් දිගටම පොලීසිය මඟ හරිමින් සිටින බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ ඊයේ (28) දැනුම් දුන්නේ ය. 29 March 2022
ලක්ෂ 4 ක හෂීස් එක්ක කාන්තාවෝ දෙදෙනෙක් මාට්ටු රුපියල් ලක්ෂ හතරක වටිනාකමින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් සමග කාන්තාවන් දෙදෙනෙකු අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි. 29 March 2022
දොම්පෙ හිටපු සභාපති මිලාන්-මන්ත්‍රී අජිත්ට එරෙහි අල්ලස් නඩුව විභාගයට ගල් කොරියකට බලපත්‍ර ලබාදීම සඳහා අල්ලස් ලබාගත් බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී , දොම්පෙ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් සජිත ජයතිලක හා දොම්පේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අජිත් සිසිර කුමාර මහත්වරුන්ට එරෙහි අල්ලස් නඩුව ජුනි මස 9 වෙනි දින සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (29) තිරණය කළේය . 29 March 2022
පානදුර හෝටලයක වැසිකිළි වළේ කාන්තා මළ සිරුරක් පානදුර සංචාරක හෝටලයක වැසිකිලි වළක් තුළ තිබෙන බවට සැක කළ තරුණ කාන්තාවකගේ මළසිරුරක් මීට සුළු මොහොතකට පෙර පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා ඉදිරියේ වැසිකිළි වල විවෘත කිරීමේදී හමුවී තිබේ. 29 March 2022
කොළඹ විශ්ව විද්‍යාලයේ නමින් ග්රහකයක් නම් කෙරේ අලුතින් සොයාගන්නා ලද ග්රහකයක් කොළඹ විශ්ව විද්‍යාලයේ නමින් නම් කිරීමට ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය පියවර ගෙන ඇතැයි වාර්තා වේ. 29 March 2022
ඩීසල් සහ පෙට්‍රල් නැතිව සෙඩ් වැහෙයි ඩීසල් සහ පෙට්‍රල් හිඟය හේතුවෙන් කොළඹ ඇතුලු බොහෝ ප්රදේහවල ඉන්ධන පිරවුම් හල් බොහෝමයක් අද(29) දිනයේ වසා දමා තිබිණ. 29 March 2022
අල, ලූණු ,මිරිස් බීජ මෙරටදීම නිපදවයි මෙරටට අවශ්‍ය අල, ලූණු , මිරිස් බීජ සියල්ලම මේ වසර අවසන් වීමට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් හදන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 29 March 2022
දුම්රිය රියදුරෝ ඕ.ටීවලින් ඉවත්වීම ගැන සාකච්ඡාවක දුම්රිය රියදුරන් සහ නියාමකයන් අද (29) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘතීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මේ වන විට මරදාන දුම්රිය මූලස්ථානයේ විශේෂ සාකච්චාවක් පැවැත්වේ. 29 March 2022
රත්තරන් මිල තවත් ඉහළට ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (29) පස්වරුව වන විට රුපියල් 165,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. 29 March 2022
කොවිඩ් මරණ 4 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 4 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය. 29 March 2022
’’තිරසර ලෙස ස්ථාපනය කිරීම - අපේ ගෙවත්තෙන් පටන් ගනිමු” රජයේ ආයතන පරිශ්‍රවල සහ ඉඩම්වල ගෙවතුවගාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් වූ හරිත ලංකා ජාතික ගෙවතුවගා සංග්‍රාමයට සමගාමීව යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ ගෙවතු වගාව පරිශ්‍රයේ දී අද (29) ආරම්භ කෙරිණි. 29 March 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026