(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රට බංකොලොත් වෙලා තිබෙන්නේ විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය නිසා යැයි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. ඒ චෝදනාව කරන්නේ ජනතාව බවද විජේසිරි මහතා කීය.
පුළුවන් නම් ඒ චෝදනාවෙන් මිදෙන්නැයි කී අමාත්‍යවරයා රට බංකොලොත් කරන ඇමති විදියට රටේ ජනතාව විදුලිබල ඇමතිවරයා දකින බවද සඳහන් කළේය.
ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු පත්කර තිබෙන්නේ ආණ්ඩුවේ ගැලවීමට බවද එයින් සැබෑ ප්‍රතිව්‍යුහගත කිරීමක් නොවන බව ද මන්ත්‍රීවරයා පැවසීය.
ඊට පිළිතුරු දෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කීවෙි තමා බාර ගත්තේ බංකොලොත් වූ ක්ෂෙත්රයක් මිස තමා අමාත්‍යාංශය බාරගත්තට පසු විදුලිබල හා බලශක්ති ක්ෂේත්රය බංකොලොත් වුණා යැයි කීම වැරදි බවයි.
වත්මන් විශේෂඥ කමිටුවට වැඩිය හොඳ කමිටුවක් ගැන අදහසක් තිබෙනවා නම් ඒ ගැන දැනුම් දෙන ලෙස ද ඇමැතිවරයා කීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බංකොලොත් කරෙ මෙ කාලකන්නි දේශපාලකයන් ඔබත් ඇතුළු
විජේසිරි කියන්නේ කොහේ ඉන්න ජනතාවක් ගැන ද? වර්තමානයේ සැලකිය යුතු සහ දැනෙන වැඩක් කරන ඇමතිවරයකු වශයෙන් කාංචන විජේසේකර හැඳින් විය හැක. විශේෂයෙන්ම වුර්තීය සමිති මාෆියාවට යට නොවීමට ගන්න උත්සාහය වෙනුවෙන් ජනතා ප්‍රසාදය ඔහුට හිමිව ඇත. චමින්ද විජේසිරි වැනි පුස් චරිත විසින් කපන බොරු වළවල නොවැටී, නිසි ලෙස අමාත්‍යංශය මෙහෙය වීමට තව දුරටත් හිතට ගන්න.
ඇයි පාර්ලිමේන්තුව. ඕකේ ඉන්න ඔක්කොම නිසා රට බංකොලොත් වෙලා තියෙන්නේ .
රට බංකොලොත් වුනේ පල් හොර තක්කඩි දේශපාලුවෝ අවුරුදු ගානක් තිස්සේ කල තක්කඩිකම් නිසා.(හොරා කෑම ,නුසුදුස්සෝ වැදගත් තනතුරු වලට දැමීම )චන්ද බලාගෙන සුදුසු නැති සෙනග අමාත්‍යංශ වල පිරවීම.හැම දෙයක්ම හොරා කෑම මූලික කරගෙන කිරීම සහ තවත් දේවල්
එතකොට ඔක්කොම කුනු ටික ඒකට දැම්මම හොරා කාපුවයි, මෝඩ තීරන ගනිපු ඒවයි මොනවද?