(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් කමිටුව) හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා එම කමිටුවේ සාමාජිකයකු ලෙස නැවතත් පත් කරනු ලැබ සිටී.
කෝප් කමිටුව සඳහා සාමාජිකයන් පසුගියදා පත්කරනු ලැබුවද චරිත හේරත් මහතාගේ නම ඊට ඇතුළත් නොවීය.
මේ අතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්‍යකයන් රාසමානික්කම් සහ සමගි ජන බලවේගයේ පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු කෝප් කමිටු සාමාජිකත්වයෙන් පසුගියදා ඉල්ලා අස්වූහ.
මෙම පුරප්පාඩු සඳහා චරිත හේරත් සහ දෙමළ ජාතික සංධානයේ සිවඥානම් සිරිතරන් යන මන්ත්‍රීවරුන් පත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද(18) පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd