(ඩයනා උදයංගනී)

මෙම වසරේ රාජ්‍ය ණය ලබාගැනීමේ සීමාව තවත් රුපියල් බිලියන 663 කින් ඉහළ නැංවීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

දැනට ණය ගත හැකි උපරිමය රුපියල් බිලියන 3844ක් බව කී ඇමතිවරයා එය ඉහළ නැංවූයේ නැතිනම් රජයට දැරිය යුතු වියදම් දැරීමට නොහැකි වන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.