(ඉන්දිකා රාමනායක)
මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ දී පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමට සැකකරුවන්ට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම ඝාතනය සඳහා ගමන් ගත් සැකකරුවන්ට ඒ සඳහා යාමට ඉහත සැකකරු විසින් ඔහුගේ යතුරු පැදිය ලබාදී ලබා දී ඇති බවද පොලිසිය සඳහන් කරයි.
මොහු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව විමර්ශනය කර මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශය පදිංචි 51පුද්ගලයකු වන අතර ඔහු අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd