හෙට පැය 13ක් විදුලිය නෑ විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (31) ප්‍රදේශ රැසකට පැය 13 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (30) පස්වරු පැවසීය. 30 March 2022
ඉන්ධන නැතිනම් විදුලිය දෙන කාලය ඉදිරියේ තව අඩු කරයි නොකඩවා ඉන්ධන නුදුන්හොත් ඉදිරියේදී දිනකට පැය 15ක් වත් විදුලිය කපා හැරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි. 30 March 2022
තෙල් විදුලිය නැතිව තේ නිෂ්පාදනට බාධා විදුලි කප්පාදුව පැය 10 දක්වා දිර්ඝ කිරිම සහ තම වතු යායවල්වලට අවශ්‍ය ඩිසල් ඉන්ධන නොලැබිම හේතුවෙන් හෙට සිට තේ වතුවල දෛනික වැඩ කටයුතු සම්පුර්ණයෙන්ම නතර කරන බව වතු අධිකාරිවරු අවධාරණය කර සිටිති. 30 March 2022
කුවේට් ඩිනාරය රුපියල් 1000 පනී කුවේට් ඩිනාරයක වටිනාකම රුපියල් 1,000 සීමාව අද (30) දිනයේ ඉක්මවා ගිය බව ශ්‍රී ලංකා මහ බැකුව වාර්තා කරයි. 30 March 2022
මෙහෙම ආණ්ඩුවකට රට ගොඩ ගන්න බැහැ කන් ඇහෙන්නෙ නැති ඇස් පේන්නෙ නැති ගඳ සුවඳ දැනෙන්නෙ නැති අඳුරු යුගයකට රට ඇද වැටි ඇතැයි හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පවසයි. 30 March 2022
කොරෝනා ආසාදිතයෝ 168ට බසිති කොවිඩ් ආසාදිතයින් තව 168 ක් අද (30) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 30 March 2022
කෝවිඩ් ගැසට්ටුවට එරෙහි පෙත්සම විසි කරයි කෝවිඩ් දෙන්නත් මාත්‍රා 3 ම ලබා නොගත් අයකුට පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කරමින් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමකින් තොරව ඉවත දැමීමට අද (30) ශ්‍රේෂ්ඨාධිකරණ පංචපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය . 30 March 2022
කොරෝනා මරණ 4ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 4 දෙනකු ඊයේ (29) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (30) තහවුරු කළේය. 30 March 2022
කම්කරු කොන්ග්‍රසයේ නායකත්වය සෙන්දිල්ට ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකයා ලෙස ඌව පළාත් හිටපු අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් පත්කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග කියයි. 30 March 2022
නාමල් ජනතාවගෙන් සමාව ඉල්ලයි ජනතාවට විඳීමට සිදුවූ අපහසුතාවය පිළිබඳ තමන් සමාව ඉල්ලා සිටින බව ක්‍රීඩා හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත. 30 March 2022
ලිට්රෝ ගෑස් මිල වැඩි කරන්න ඉල්ලයි ලිට්රෝ ගෑස් මිල ඉදිරියේදී සැලකිය යුතු මුදලකින් මිල ඉහළ යනු ඇති බවත්, මිල වැඩිකරීමට අදාළ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට දැනටමත් ඉදිරිපත් කර ඇති බවත් ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය. 30 March 2022
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ පොලිසියට වාහන 750 ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රි ලංකා පොලිසියට රුපියල් බිලියන 2.5 වටිනා වාහන 750 ලබා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 30 March 2022
රුපියල තවත් පහළට මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 288.7475 වූ අතර විකුණුම් මිල 298.9958 ලෙස සටහන් විය. 30 March 2022
තේ දළු කැඩූ දෑත් අසූ හත් දහසක් රට හැර ගිහින් වතු හාම්පුතුන් නිසි ලෙස නොසැලකීම නිසා වතු කම්කරු කාන්තාවන් අසූ හත් දහසක් (87,000) විදේශයන්හි රැකියාවලට ගොස් ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 30 March 2022
‘‘රටේ මූල්‍ය අර්බුදයට පාර්ලිමේන්තුව වගකිව යුතුයි‘‘ රටේ මූල්‍ය අර්බුදයට වගකිව යුත්තේ ආණ්ඩු නොව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව බව වෙළෙද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (30) පැවැසීය. 30 March 2022
කෝටි පහක කුඩු කොළඹින් අල්ලයි ට්‍රක් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කෝටි 5ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනකු කොළඹ ග්‍රෑන්පාස් බණ්ඩාරනායක වටරවුමේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි 30 March 2022
අයි.එම්.එෆ්. ලැයිස්තුවේ දුම්රියත් තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) පෞද්ගලිකරණය කළ යුතු යැයි නිර්දේශ කර ඇති රාජ්‍ය ආයතන ලැයිස්තුවට දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළත්ව තිබෙන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (30) පැවසීය. 30 March 2022
රනිල් ඉන්දීය විදේශ ඇමති හමුවෙයි ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (30)පෙරවරුවේ සිදු විය. 30 March 2022
ජනපති බිම්ස්ටෙක් සමුළුව අමතයි වසංගතය හේතුවෙන් 2020 සහ 2021 වසරවල පනවනු ලැබූ සීමා කිරීම් හේතුවෙන් ආර්ථික අර්බුදය තවත් උග්‍ර වුණා. අද අපි මුහුණ දීලා ඉන්න ආර්ථික අර්බුදයෙන් අපිට ගොඩ එන්න පුළුවන් මට විශ්වාසයි, මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අවශ්‍ය වෙන්නේ අන්තර්ජාතික සහ අන්තර් කලාපීය සහයෝගීතාවයැයිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 30 March 2022
‘‘ප්‍රපාතයෙන් ගොඩ යන්න පොදු සම්මුතියක් අවශ්‍යයි‘‘ රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීමට නම් සියලු පක්ෂ, විද්වතුන්, වෘත්තිකයන් ඇතුලු සියලු දෙනා එක්ව පොදු සම්මුතියකට එළැඹිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්ධු කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. 30 March 2022
පිටකොටුව පැරණි මාළු කඩේ ගින්නක් පිටකොටුව පැරණි මාළු වෙළඳ සංකීර්ණය අසල (ගෝල් සෙන්ටර්) කසල ගොඩ ගසා තිබූ කාමරයක් තුළ ගින්නක් හටගෙන ඇතැයි පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත සිල්වා මහතා පැවසීය 30 March 2022
කොළඹ ජාතික රෝහලේ රසායනාගාරවල පරීක්ෂණ සීමා කරයි කොළඹ ජාතික රෝහලේ රසායනාගාර තුළ දෛනිකව සිදු කෙරෙන සාමාන්‍ය පරීක්ෂණ සීමා කරන ලෙස එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය රෝහල් රෝහලේ සියලුම අංශ ප්‍රධානීන් වෙත ලිඛිත දැනුම් දීමක් කර තිබේ. 30 March 2022
දිස්ත්‍රික්ක 18කට හමුදාවෙන් පොහොර දිස්ත්‍රික්ක 18 කට අවශ්‍ය පොහොර යුද හමුදා සාමාජිකයන් මාර්ගයෙන් දැනටමත් බෙදාදී අවසන් කර ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 30 March 2022
ඖෂධ ගැනීමට චන්න ලෝක බැංකුවේ සහාය පතයි ශ්‍රී ලංකාවට අවශ්‍ය අවශ්‍ය ඖෂධ අඛණ්ඩව ලබා ගැනීමට සහය ලබාදෙන්නැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ලෝක බැංකුවෙන් අද (30) ඉල්ලීමක් කළේය. 30 March 2022
විදුලි කප්පාදු නොකරන විශේෂ ස්ථාන 3ක් ජනාධිපති නිල නිවස, පාර්ලිමේන්තුව සහ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය යන විශේෂ ස්ථාන තුනට විදුලි කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. 30 March 2022
බංග්ලාදේශයෙන් තවත් ඩොලර් මිලියන 250 ක ණයක් ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ඩොලර් මිලියන 250 ක ණයක් ඉල්ලා ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි. 30 March 2022
විරෝදයක් නිසා ඇමැති නාමල් පාර වෙනස් කරයි ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා අද 30 බණ්ඩාරවෙල බදුල්ල මාර්ගය බණ්ඩාරවෙල නගරය ආසන්නයේදී හරස් කර රියදුරන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් විරෝධතාවක නිරත වී සිටිති. 30 March 2022
විපක්ෂ නායක-ඉන්දීය විදේශ කටයුතු ඇමති අතර හමුවක් ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹදී පැවැත්විණි. 30 March 2022
පොහොර ඉල්ලා මන්ත්‍රී ප්‍රමිතගෙන් කෘෂි ඇමතිට ලිපියක් යල කන්නයේ වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය යූරියා ඇතුළු රසායනික පොහොර හිඟයකින් තොරව සාධාරණ මිලකට ලබා දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කෘෂිකර්මය ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත . 30 March 2022
පොලිසියේ අශ්වයන් දෙදෙනකු සතුන් වත්තට පොලිස් අශ්වාරෝහක අංශය එහි අශ්වයන් දෙදෙනෙකු සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට නොමිලයේ බාර දුන්නේය. 30 March 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026