(නිමන්ති රණසිංහ)
අන්තර්ජාලයෙන් පන්ති පැවැත්වූ තම ගුරුවරියගේ හිසට වෙනත් අසභ්‍ය ඡායාරූපයක් එක්කර වට්ස්අප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළැයි කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් අඹිලිපිටිය ප්‍රදේශයේ සාමනේර හිමිනමක රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (18) නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හැරුණු ඇඹිලිපිටිය සූරියකන්ද ප්‍රදේශයේ විහාරස්ථානයක දාහත් හැවිරිදි සාමනේර හිමිනමකි.
මෙම සැකකාර බාලවයස්කාර සාමනේර හිමිනම අන්තර්ජාලයෙන් අමතර පන්ති මෙහෙයවන ලද ගුරුවරියක කෙරේ හිත බැදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් හිමිනම ඇයට ඒ බව ‘වට්ස්ඇප් සමූහයට‘ දැනුම් දී ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් එම වින්දිත ගුරුවරිය කරන ලද පැමිණීල්ලකට අදාළව විමර්ශනයක් සිදුකිරීමෙන් පසු සැකකාර හිමිනම අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු දාහතට ඔය වගේ වැඩක් කළා නම් ඉතින් අනාගතයේදී මොවුන්ගෙන් සමාජයට වෙන හානිය අමුතුවෙන් ලියන්න ඕනා නැහැනේ. අනිවාර්යයෙන්ම පුනරුත්තාපනය කල යුතුයි. මෑත කාලයේ සමාජයේ අලජ්ජි ලෙස හැසිරෙන අවිනීත අය නිසා ඇතිවූ සමාජ ව්‍යසනයට කවුද වග කියන්නේ? මට නම් හිතෙන්නේ මේ විදිහට ගියොත් අනාගතයේදී මේ රට මීටත් වඩා විනාශයට පත්වෙන එක වලක්වන්න බැහැ.
චීවරයට නිගා කරන මේවගේ අයට ඇයි ඇප....?
වග කිව යුතු ගරු මහා සංඝරත්නය කටයුතු කරාවියැයි සිතමු. අරහත් ධජයට මහත් නිගාවකි. ඉදිරියේ දී සසුන කෙලෙසීමට කරයුතු කරනු ඇති.
සූරියකන්ද ප්‍රදේශයේ විහාරස්ථානයේ කිව්වම මම අහල නැහැ එහි විහාරයක් තියෙනවා කියලා එය අලුතින් ඇතිකල එකක් වෙන්න පුළුවන් නැත්නම් ඉතින් දෙනියාය පාරෙන් ඉහළ තිබෙන තැනක් නම් මුදාහල කෙනා සසුනට සුදුසු නැහැ.
අම්මපා සාමනේර වෙලා ඔහොමනම් තව පහු උනා නම්..?
කා අතිනුත් සුළු සුළු වැරදි වෙනවා.
බවුන් වඩන්නට පින් මදි වෙන්නැති ඒකයි මේ නන්නත්තාරේ