(රඹෑව මනුල වික්‍රම සහ උපාලි ආනන්ද)
අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස උතුරු මධ්‍ය දිසාවේ ප්‍රධාන සංඝනායක නාහිමියෝ අපවත්වූහ.
අපවත්වන විට උන්වහන්සේ හැත්තෑවන වියට පාතබා සිටියහ.
උන්වහන්සේ මෙතෙක් අටමස්ථානාධිපති තනතුර දැරූ බෝමළු පරම්පරාවේ දහවැනි අටමස්ථානාධිපතින් වහන්සේ ය.
1953 දී මාතලේ වගපනහ පල්ලේසිය පත්තුවේ පල්ලේගම ග්‍රාමයේ උපත ලැබූහ හිමියෝ කරුණාසිංහ මුදියන්සේලාගේ ටිකිරිබණ්ඩා නිලමේ තුමාගේත්, දුක්ගන්නා වලව්වේ අනුලා කුමාරිහාමිගේත් වැඩිමහල් පුත්‍ර රත්නයයි. ජයතිලක නම් මෙම කුමරුවා කිතුල්හිටියාව රජයේ පාසලේන් මූලික අධාපනය ලැබුවේ ය.
ජයතිලක කුල කුමරු ජය ශ්‍රීමහා බෝධිස්ථානයේ 1968 මැයි මාසයේ දී පැවිදිබිමට ඇතුළත්විය. අනතුරුව සිරිනිවාස හිමියෝ අනුරාධපුර මහා විහාර පිරිවෙනෙන් ද කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනෙන් හා සඳලංකාවේ ශාස්ත්‍රෝදය පිරිවෙනෙන් ද හුණුපිටිය ගංගාරාමයේ ජිනරතන පිරිවෙනෙන් ද අධ්‍යාපනය ලබා 1983 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් හ.
උන්වහන්සේ උපසම්පදාව ලබාගත්තේ 1975 මල්වතු මහා විහාරයේ දී ය. අධ්‍යාපන කටයුතු නිමාකොට ජය ශ්‍රී මා බෝධි ස්ථානයට පැමිණි උන්වහන්සේ ටික කලක් එහි වැඩවිසීමෙන් පසුව මිරිසවැටි විහාරස්ථානයේ ද අභයගිරි විහාරස්ථානයේ ද භාරකාරත්වය දැරූහ. ඉන් අනතරුව රුවන්වැලි චෛත්‍යාරාමාධිපති වශයෙන් 1995 ජූනි මස 1වැනිදා එම ස්ථානයට වැඩමකරවන ලදි.
මේ අතරතුර අටමස්ථානාධිපතිව වැඩසිටි පල්ලේගම ඤාණරතන නාහිමියන් අපවත්වීමෙන් පසු අටමස්ථාන කොමිටියේ ඒකච්ඡන්දයෙන් 1997 ජූලි මස 27වැනි දින අටමස්ථානාධිපති වශයෙන් සිරිනිවාස නාහිමියෝ පත්වූහ.
ශ්‍රී මහා බෝධී ස්ථානය ඇතුළු අටමස්ථානයේ වර්තමාන සංවර්ධනයේ නියමුවාණන් ලෙස උන්වහන්සේ වසර විසිතුනකට අධික සේවාවක් ඉටුකළහ. වසර පහලවකට පමණ පෙර තායිලන්ත රජය මගින් සිරිනිවාස නාහිමියන් ඉටුකරන ලද ලෝක ශාසනික සේවාව අගයා ආචාර්ය උපාධියක් ද පිරිමනු ලැබිණි.
------------------------------------------------------------------------------
(උපාලි ආනන්ද)
අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියෝ කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අපවත් වූහ.
වයස අවුරු 69 ආයු විඳි නා හිමියෝ කලක් රෝගාතුවර වැඩසිටියේය.
නා හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පසුව දැනුම් දෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්
‘‘කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු‘‘ ආදර්ශ පාථය කරගත් සමබුදු තෙමගුල රාජ්‍ය උත්සවය අද සිට වැනි 16 වැනි දින දක්වා නුවරඑළිය ඛේන්ද්‍ර කරගනිමින් පැවැත්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පල්ලේගම සිරිනිවාස නා හිමියෝ අපවත් වෙති
Anthony Wednesday, 19 October 2022 07:18 AM
ජේසු පිහිටයි.!
JayasekaraWednesday, 19 October 2022 12:23 PM
‘‘අත්තාහි අත්තනෝ නාථෝ... කොහි නතෝ පරොසියා... අත්තනා හි සුදන්තේන... නාතං ලභති දුල්ලභං...‘‘ තමාට පිහිට තමාමය. තමා වෙනුවෙන් වෙන යම් කෙනෙක් පිහිට වෙම්ද?
LGPJ Wednesday, 19 October 2022 09:44 AM
ගරු. පල්ලේගම සිරිනිවාස හිමියන්ට නිවන් සැප ලැබේවා. !!!!!