(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව වසර දෙක හමාරකින් පසුව විසුරුවා හරින්නේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම රැස්වීමේ දී කළ විමසුමකදී අදහස් දක්වමිනි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (17)රැස්විය .
මේ අතර අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කර ඇත්තේ විසිදෙවැනි සංශෝධනයට පොදුජන පෙරමුණේ බහුතරයක් විරුද්ධ බවය.
එබැවින් විසිදෙවැනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පොදුජන පෙරමුණේ සියලු දෙනාගේ සහාය නොලැබෙන බව ද ඔහු සඳහන් කර ඇත
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ විසිදෙවැනි සංශෝධනය කාලීන අවශ්‍යතාවක් බව ය.
එය සම්මත කර ගැනීම සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ.? විහින් බෙල්ල වැලදාගන්නේ කවුද.?
මතකද කොවිඩ් වසංගතය කාලේ ත් , රටේ ආර්ථික අර්බුදයක් තියෙද්දිත් බලෙන්ම සල්ලි නස්තිකරලා මහා මැතිවරණයක් තිබ්බ? . හොරුන්ට වාසි තියන කාලෙට විතරයි රටේ මොන අර්බුදයක් තිබ්බත් මහා මැතිවරණ තියන්නේ
අපිටනම් ඕක තිබ්බත් එකයි, විසුරුවත් එකයි. තිබ්බා කියලා වැඩක් තියෙන එකක් නෙවේ.
මෙතන තියෙන ප්‍රශ්ණ... ඔය කියන නියමිත කාලය මොකක්ද කියන එක.
රට ගැන කැක්කුමක් තියෙන විජේදාස කියන කතාව සහතික ඇත්ත වුනත් සාගරයාට හා හොරු කල්ලියට ඕන වෙලා තියෙන්නෙ කපුටා නැවතත් ගෙනවිත් ( ලංකාව බත් හැලියක් නම් ) රටේ ඉතිරිව තියෙන දංකුඩ ටිකත් කපුටා සහ හොරුන්ට කෑමට දීමටයි කියලා ඉතාමත් පැහැදිලියි. ද්විත්ව පුරවැසියකු පාර්ලිමේන්තුවට පැමිණීමට කැමති එවුන් ඔක්කොමලා ඊළඟ වතාවේ පරජය කර පලවා හරිමු. අරගලයට ජයවේවා
රට කාපු රාජපක්ෂ උන් ටික අයෙ බලයට නොඑන්නම වැඩෙ දෙමු ඊලගට.
කරුණාකරලා සල්ලි අච්චු ගහලා හරි කමක් නැහැ, ජනපති සහ පාර්ලිමේන්තු ඡන්ද තියලා මහජන මතයට ඉඩ දෙන්න. හොරු රැළම එක ගොඩේ තියලා පරද්දන්න අවස්ථාවක් මේ ඇවිල්ලා තියෙන්නේ.
රනිල් රාජපක්ෂලාට රටට හෙන ගැහුවත් කමක් නෑ බලයේ ඉන්නයි ඕනේ.රට තවත් වලපල්ලට තමා
ඡන්දෙන් අසුනක්වත් දිනාගත නොහැකිවූ එහෙත් කරුමෙට යන්තම් ජාතික ලැයිස්තුව නිසා පාර්ලිමේන්තුවටත්, ඉන්පසු ජනාධිපතිකමත් ලබාගත් රනිල් පාර්ලිමේන්තුව නියමිත කාලය දක්වා ගෙනියන බව කියන්න සදාචාරාත්මක අයිතියක් නැත....
ජනතාව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නන්දසේනට දුවන්න ගහපු දවසේ නේද ?
ඔන්න ඕක තමයි කියන්නේ ඔය මිදුලේ තුත්තිරි ගස් අල්ලන් බඩගගා ආපු එකා දැන් ඔන්න වත්තේ පොල්ගස් ටිකත් අයිති කරගෙන පාට් දාන්න හදනවා කියලා. ඕකෙන් මේකන් වෙන්නේ මේ ණය නොගෙවන සහන කාලේ කොහොමින් හරි ආර්ථිකේ හරි පැත්තට හරවාගන්නේ නැතුව කලින් වගේම පිස්සු කෙලලා ජෝගි නටලා නැත්තටම නැතිවෙලා රටත් සින්න වෙලා යන එකයි වෙන්නේ අන්තිමේදී...!
ආඩම්බර කතා කියමින් ජනතාව තලා පෙලා දමමින් කටයුතු කළොත්, ජනතාව පැමිණ මන්ත්‍රීලට පහර දීලා එළවා දමාවි...
පින් ජනපතියා හදන්නේ තමුන්ව තෝරා ගත්තු 134 දෙනාව, දූෂිත පවුල් පාලනේ උදවිය රැකගන්ඩ මිස වෙන දේකට නෙවෙයි...
ලංකාවේ ආයේ ජනපතිවරණයක් හෝ මහ මැතිවරණයක් නොතිබ්බොත් පුදුම වෙන්න එපා.