(දයාසීලි ලියනගේ)

ඉන්ධන හල්වලින් නිකුත් කරන ප්‍රමාණය තිබේ දැයි සොයා බැලීමට උපයෝගීතා කොමිසම තීරණය කර ඇත.

කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව පාරිභෝගික සහ සේවා අධිකාරිය සමග එක්වී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කීය.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා කීය.

පාරිභෝගිකයන්ට නිකුත් කරන තෙල් නිසි ප්‍රමාණය තිබේද යන්න පිළිබඳව හා එම තෙල්වලට වෙනත් යමක් කවලම් කර ඇද්දැයි සොයා බැලීම මෙහිදී සිදු කරනු ලබන බවද ඔහු කීය.