(යොහාන් භාසුර)

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නව ජල සම්බන්ධතා සඳහා අය කරන මූලික ගාස්තුව සියයට 70 කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

මෙම ඉහළ දැමීමත් සමඟ අඟල් භාගයේ නළ සම්බන්ධතාවට මේ දක්වා අය කළ රුපියල් 16,000 ක මූලික ගෙවීම රුපියල් 27,000 ක් දක්වා ද, අඟල් තුන්කාල නළ සම්බන්ධතාව සඳහා මේ දක්වා අය කළ රුපියල් 30,000 ක මූලික ගාස්තුව රුපියල් 51,000 ක් දක්වා ද, ඉහළ දමා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.