බඩු මිලට අද සන්ධ්‍යාවේත් තැන තැන විරෝධය බඩුමිල වැඩිවීම,ගෑස් අර්බුදය හා ඉන්ධන මිල වැඩි වීම,ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව රටේ විවිධ ස්ථානවල අදත් විරෝධතා සංවිධානය කර තිබුණි. 28 March 2022
කොවිඩ් ආසාදිතයන් 163ක් කොවිඩ් ආසාදිතයින් තව 163 ක් අද (28) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 28 March 2022
නැ‘හිර හිටපු ඇමැතිනියට කාන්තාවනගෙන් හූවක් උතුරු නැගෙනහිර පළාතේ යුද්දයෙන් පීඩාවට පත් ගෘහ මූලිකයනට හා කඳවුරු ගත සිටින කාන්තාවන්ගේ ගැටළු සහ ඊට විසැඳුම් සම්බන්ධයෙන් රචිත පොතක් එළි දැක්වීමේ ක්‍රමවේදය විවේචනය කළ නැගෙනහිර පළාත් හිටපු අමාත්‍ය ආරියවතී ගලප්පත්ති මහත්මියගේ දෝෂාරෝපනයට ලක් වීම නිසා එම උත්සවයේදී දැඩි උණුසුම් කාරී තත්ත්වයක් ඇති විය. 28 March 2022
කෝටි 5 ක අයිස් පේසාලෙන් අල්ලයි රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 යි ග්‍රෑම් 885 ක තොගයක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් පේසාලේ ප්‍රදේශයේදී තලේමන්නාරම පොලිසිය අද (28) අත්අඩංගුවට ගත් බව මන්නාරම කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 28 March 2022
මැටි - ලීබඩු අමාත්‍යාංශයට කුලිය මාස 36ට කෝටි 21යි වේවැල් ,පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පත්වාගෙන යන ලෝක වෙළද මධ්‍යස්ථානයේ මහල් දෙකක බදු කාලය වසර 3 කින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. 28 March 2022
මාස තුනට සංචාරකයෝ 2,63,121ක් මෙරටට වසරේ මේ දක්වා කාළය තුළ සංචාරකයින් 2,63,121 දෙනෙතු මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි. 28 March 2022
පාසල් වෑන් - ත්‍රිරෝද රථ ගැටී දෙකක් මරුට අලව්ව-ගිරිඋල්ල මාර්ගයේ පරමාඋල්ල ප්‍රදේශයේදී අද සවස පාසල් වෑන් රථයක් හා ත්‍රීරෝද රථයක් හැපීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් දෙදෙනකු අලව්ව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව අලව්ව පොලීසිය පවසයි. 28 March 2022
විදුලි කප්පාදුව පැය හතහමාරකට දිගුවෙයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (29) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය 7 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (28) පස්වරු පැවසීය. 28 March 2022
අලුත් අවුරුද්දට විශේෂ බස් රථ සේවාවක් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා බස් රථ සේවාවේ පළමු අදියර ලබන අප්‍රේල් මස 8 වැනිදා සිට 15 දක්වා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ. 28 March 2022
‘‘රනිල්ගෙ පාර්ලිමේන්තු අසුන අගමැති අසුන විය හැකියි‘‘ රනිල්ගේ පාර්ලිමේන්තු ආසනය අගමැති ආසනයක් ද විය හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (28) පැවසීය. 28 March 2022
මූල්‍ය අරමුදලට යෑමට ජනපති ඇමරිකාවේ සහය ඉල්ලයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් (Julie Chung) මහත්මියට අද (28) දැනුම් දුන්නේය. 28 March 2022
කොවිඩ් මරණ 6 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 6 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය. 28 March 2022
අනුරාධපුරයේදී රෝද තුනක් ගින්නෙන් වැනසෙයි කහටගස්දිගිලියේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට රෝගියකු රැගෙන ආ ත්‍රීරෝද රථයක් අද දහවල් හදිසියේ ගිනි ගැනීමට ලක්වූ අතර එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලය හා නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීහු ගින්න පැතිරීම පාලනය කර එය නිවා දැමීමට සමත් වූහ. 28 March 2022
ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් ඉල්ලයි? දශක ගණනාවකින් මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක් ඉල්ලා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 28 March 2022
ඉන්දීය විදේශ ඇමැති-ජනාධිපති අතර හමුවක් තෙදින නිල සංචාරයකට දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා අද (28) ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ වේය. 28 March 2022
ආයුර්වේද සභාවට කෝටි දෙකක පාඩුවක් පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් පහළොස් දහස් නව සිය අසූ හය දෙනකු සිය ලියාපදිංචිය අලුත් කර නොගැනීම නිසා ආයුර්වේද වෛද්‍ය සභාවට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් අහිමිවී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 28 March 2022
ගැස් හොරට වික්ක අඹුසැමි යුවළ මාට්ටු ලිට්ට්‍රෝ ගෑස් සිලින්ඩර වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක යෙදී සිටී අඹුසැමි යුවළක් ඇතුළු තිදෙදෙනකු පිළියන්දල විශ්ව කලා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 28 March 2022
ඉන්දීය විදේශ ඇමැති මෙරට ඉන්ධන හළක නිරීක්ෂණ චාරිකාවක ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් ශ්‍රී ලංකාව සංචාරය අතරතුර ඉන්දීය තෙල් සමාගමට අයත් ඉන්ධන හලක නිරීක්ෂක චාරිකාවක අද (28) නිරත වුවේය. 28 March 2022
‘එක රටක් එක නීතියක්‘ බලකායට පොළොන්නරුවෙන් යෝජනා ගලයි පුද්ගලයන් අයථා ආකාරයට අන්‍ය ආගම්වලට බඳවා ගැනීම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දැඩිව ක්‍රියාත්මක වන හෙයින් එය නැවැත්වීමට වහාම නීති සම්පාදනය කරන්නැයි ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා ඇතුළු ආගමික නායකයෝ රැසක් එක රටක් එක නීතියක් සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඊයේ (27)ඉල්ලීමක් කළහ. 28 March 2022
රටඉඳි බද්ද අඩු කරයි රාමසාන් සමයේදී ජනතාවට පහසු මිලට රටඉඳි මිලදීගැනීම සඳහා රටඉඳි කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 200 සිට රුපියල දක්වා අඩු කිරීමට මුදල් අමාත්‍යංශය අද (28) පියවර ගත්තේය. 28 March 2022
ගෑස් වැඩි මිලට විකුණුවැයි අළෙවි බලපත්‍ර අත්හිටුවයි වැඩි මිලට ගෑස් විකුණු බවට චෝදනා එල්ල වූ හැටන් සහ හෙම්මාතගම ලිට්රෝ ගෑස් අළෙවි නියෝජිතයන් දෙදෙනකුගේ අළෙවි නියෝජිත බලපත්‍ර තාවකාලිකව අත්හිටුවූ බව ලිට්රෝ ගෑස් සමාගමේ නිලධාරියෙක් පැවසීය. 28 March 2022
ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 ක් මෙරටට ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 ක් රැගත් නෞකාවක් කොළඹට අද (28) ළගා වූ බව බලශක්ති අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවසීය. 28 March 2022
ශ්‍රී ලංකන් මොස්කව් යෑම නවතයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සහ රුසියාවේ මොස්කව් නගරය අතර සිදුකළ ගුවන් ගමන් අද (28) සිට අත්හිටුවීය. 28 March 2022
තහනම් ධීවර දැල් කිලෝ 1418 ක් සමඟ අයෙක් අල්ලයි නාවික හමුදාවල සහ පොලිසිය ඒකාබද්ධව මන්නාරමල උප්පුකුලම් ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීල නිවසක නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ තහනම් ධීවර දැල් කිලෝ 1418 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 28 March 2022
බැසිල් ඉන්දීය විදේශ ඇමැති හමුවෙයි ඉන්දියානු විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (28) කොළඹදී සිදු විය. 28 March 2022
රුසියාවේ කොන්දේසියකට යුක්රේනය එකඟයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි රුසියාව විසින් යුද්ධය නතර කිරීම සඳහා ඉදිරිපත් කළ කොන්දේසි හයෙන් ප්‍රධාන කොන්දේසියක් වූ යුක්රේනය කිසිම සංවිධානයකට හෝ රාජ්‍යයකට පක්ෂ පාති නොවූ ස්වාධීන රාජ්‍යයක් විය යුතුයි යන කොන්දේසිය සලකා බැලීමට සුදානම් බව රුසියානු නිදහස් පුවත් සේවයකට විනාඩි 90 ක සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා තිබේ. 28 March 2022
අර්බුදයට වගකිවයුත්තා ගැන රංගේ බණ්ඩාර හෙළි කරයි ආර්ථික අර්බුදයෙන් ගොඩ යාම සඳහා ආර්ථික විශේෂඥයන්ගේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ පරිනත දේශපාලනඥයන්ගේ සහාය ලබා ගැනීම වෙනුවට ජනාධිපතිවරයා කළේ අනුරාධපුරයේ ඥානක්කාගේ සහාය ලබා ගැනීම බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 28 March 2022
පාඨලීගේ පෙත්සමේ කරුණු තහවුරු කරන්න දින දෙයි රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් තමාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුවේ විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික මහතා ගොනු කර ඇති පෙත්සමේ කරුනු තහවුරු කිරීමට ලබන මැයි 19 වැනිදාට කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (28) නියෝග කළේය. 28 March 2022
’’ෆයිසර්’’ එන්නතට කැමති අයට අලුත් අවස්ථාවක් ෆයිසර් එන්නත පළමු සහ දෙවැනි මාත්‍රාව වශයෙන්ද ලබා ගැනීමට ජනතාවට අලුතින් අවස්ථාව සලසාදී ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය. 28 March 2022
වාණිජ බැංකු -රාජ්‍ය බැංකු කිහිපයක් ඩොලරය තව උස්සයි ප්‍රධාන පෙළේ වාණිජ බැංකු සහ රාජ්‍ය බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 299 අගයක් දක්වා අද (28) පහළ වැටිණි. 28 March 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026