
(අංජුල මහික වීරරත්න)
ඉදිරි මහ කන්නය සඳහා ගොවීන්ට ගොවි බැංකු මගින් වගා ණය නිකුත් කිරීම ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙවර මහ කන්නයේ දී වගා කිරීමට සැලසුම් කර ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 814,678කි. එම ප්‍රමාණය වගා කිරීමට යෝජිත සමස්ත කුඹුරු ප්‍රමාණයෙන් සියයට 100කි.
2022/23 මහ කන්නය සඳහා වගා ණය නිකුත් කිරීම සංකේතවත් කරමින් කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් වගා ණය නිකුත් කිරීම නෙටොල්පිටිය ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථානයේ දී සිදු කෙරිණි . එහි දී වගා ණය ලාභී ගොවීන් 11කට අමාත්‍යවරයා අතින් රුපියල් 50,000ක් බැගින් නිකුත් කරනු ලැබීය. මෙම වගා ණය නිකුත් කිරීම ගොවිජන බැංකු නියමු ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ.
මෙම වසරේ වගා කටයුතු සඳහා ගොවි බැංකු විසින් රුපියල් මිලියන 7124ක් ගොවීන් 207,103 දෙනෙකුට නිකුත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd