ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරන්න කමිටුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර නීති ආයතනයක් තෝරා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත. 27 March 2022
බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය ගෙන යන්න හැදූ අය දැලේ ජීව අත්බෝම්බයක් හෙරොයින් මත්කුඩු ළග තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රදවා සිටින ‘මොරටුවේ ජැක්කා‘ නමැත්තා ට ලබාදීම සඳහා රැගෙන පැමිණි ජංගම දුරකථන දෙකක් ඇතුළත් තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි . 27 March 2022
පසුපෙළ මන්ත්‍රීවරු අතර යළි මත ගැටුම් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තුළ යළිත් වරක් මත ගැටුමක් හට ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 27 March 2022
ශාඛ-සත්ව කොටස් සමඟ ජර්මන් ජාතිකයින් දෙදෙනකු දැලේ සිංහරාජ රක්ෂිතයේ සත්ව හා ශාඛ කොටස් ඇතුළු වෙරළබඩ තීරයේ ජීවත්වන මුහුදු සත්වයින් අල්ලා හොර රහසේ ජර්මිනියට රැගෙන යාමේ ජාවාරමක නිරතවූ බව කියන ජර්මන් ජාතිකයන් දෙදෙනෙකු අද (27) දෙණියාය ,විහාරහේන කුරුලුගල ප්‍රදේශයේ දී සිංහරාජ අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් දෙණියාය පොලීසියේ සහයෝගය ඇතිව අත් අඩංගුවට ගනු ලැබූහ . 27 March 2022
16 හැවිරිදි දරුවා පැහැරගත් අඹු-සැමි යුවළ මාට්ටු උපකාරක පංතියකට සහභාගි වී ආපසු නිවස බලා යමින් සිටි වයස අවුරුදු 16 ක පිරිමි දරුවෙකු වේයන්ගොඩ නගරයේදී කාරයකින් පැහැර ගෙන ගිය බව කියන සැකකාර අඹු සැමි යුවළක් පෑලියගොඩ දී අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පවසයි. 27 March 2022
පළාත් කිහිපයකට තැනින් තැන වැසි උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල අද (27) සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 March 2022
උල්පත් සිඳියාමේ අවදානමක් ශ්‍රී ලංකාව තුළ භූගත ජලය සීග්‍රයෙන් පහළ බැසීමේ අවදානමක් පවතින නිසා වැසි ජලය නැවත මහපොළොව තුළට ප්‍රතිපෝෂණය කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව මෙරට ජල භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති. 26 March 2022
මොරොන්තුඩුවේ වෙල් යායක ගින්නක් මොරොන්තුඩුව වෙල්යායක මේ වනවිට විශාල ගින්නක් පැතිර යමින් පවතින අතර, දැනට අක්කර 50 කට අධික ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ඇත. 26 March 2022
‘‘සංවර්ධනයට වඩා ජිවිත රැකිය යුතුයි‘‘ සංවර්ධනයට වඩා ජනතාව ජීවත් කරවීම අවශ්‍ය වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා අද වාරියපොල දී පැවසීය. 26 March 2022
කොරෝනා මරණ දෙකක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් දෙදෙනකු ඊයේ (25) දිනයේත් මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය. 26 March 2022
මිනිය වළලද්දී සොහොනට අකුණක් 25ක් රෝහලට මාවනැල්ල බැමිණිවත්ත සුසාන භූමියේ අවමංගල උත්සවයකට සහභාගී වෙමින් සිටි පිරිසකට අද සවස අකුණු සැර වැදීමෙන් 25 දෙනකුට ආසන්න පිරිසක් මාවනැල්ල රෝහලට ඇතුළත් කළ බව මාවනැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චි මහතා පැවසීය. 26 March 2022
රජයේ විදයම් කෝටි 5300 අඩු කර නව අයවැයක් නව වසර වෙනුවෙන් ජනතාවට සහන ලබාදීම සඳහා නව අයවැයක් ගෙන ඒමට රජය බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ. 26 March 2022
අයි.එම්.එෆ් වාර්තාවට මහ බැංකුවෙන් ප්‍රතිචාර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇත. 26 March 2022
කෝවිඩ් ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපාලා ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව ප්‍රකාශයට පත් කළේය. කෝවිඩ් වසංගතය ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇති අතර සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම අඩු වීම හේතුවෙන් විදේශ විනිමය අහිමි වීම සහ එවකට අත්‍යවශ්‍ය වූ දැඩි අගුළු දැමීම් කිහිපයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය වඩාත් සංකීරණ තත්ත්වයට පත්ව ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. 26 March 2022
ඉන්දීය විදේශ අමාත්‍ය 28 මෙරට සංචාරයක ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා මාර්තු මස 28 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. 26 March 2022
ඇමැතිවරුන්ට ගුවන් යානාදීම නවතියි කැබිනට් ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ඇමැතිවරුන්ට රටේ විවිධ ප්‍රදේශවලට ගමන් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අවසරයකින් තොරව හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ලබාදීම නතර කර ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. 26 March 2022
ප්‍රංශ දූත පිරිසක් විදේශ ඇමති හමුවෙති විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සහ ප්‍රංශ දූත පිරිසක් අතර හමුවක් කොළඹදී සිදුවිය. 26 March 2022
රංගන ශිල්පිනී මල්ලිකා පිලපිටිය දිවි රඟමඩලින් බැස යයි ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී මල්ලිකා පිලපිටිය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. 26 March 2022
පළාත් කීපයකට අද සවස වැසි උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල අද (26) සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 March 2022
කෝටි 5ක කළුවර සංස්ථාවේ දිරයි රාජ්‍ය දැව සංස්ථාවට අයත් බූස්ස දැව ගබඩාවේ රුපියල් කෝටි පහකට ආසන්න වටිනා කළුවර දැව කඳන් තොගයක් (ඩෙ.මී 225,994) දිරාපත්වී ඇතැයි ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක සඳහන් වේ. 26 March 2022
අයි.ඕ.සී තෙල් මිල යළි ඉහළට ඉන්දියන් ඔයිල් සමාගම පෙට්‍රල් මිල අද රාත්‍රීයේ සිට රුපියල් 49/-කින් යළිත් වරක් ඉහළ දමා ඇත. 25 March 2022
ජපානයෙන් මෙරටට සමුද්‍රීය තොරතුරු එක්රැස් කිරීමේ උපකරණ නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය තොරතුරු මධ්‍යස්ථානයට ජපානයෙන් සමුද්‍රීය තොරතුරු එක්රැස් කිරීමේ උපකරණ අද (25) ප්රදානය කළේය. 25 March 2022
චීනයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික්ටොන් 2000ක් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් පමණ වටිනා සහල් මෙට්‍රික්ටොන් 2000 ක් ලබාදීමට චීන රජය බලාපොරොත්තු වන බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි. 25 March 2022
පණ්ඩු අතුළු පස්දෙනා රිමාන්ඩ් ගජමුතු ගණුදෙනුවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතා ඇතුළු 5 දෙනා ලබන 7 දක්වා රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට අම්පාර මහේස්ත්‍රාත්වරයා නියම කලේය. 25 March 2022
පන්දම් දල්වන් සජබෙ මහබාගෙදී විරෝධතායේ ආණ්ඩුවේ පීඩනයෙන් දුක් විඳින ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවක් රාගම මහබාගේ මංසන්දියේදී අද (25) පැවැත්විණි. 25 March 2022
කොවිඩ් ආසාදිතයන් 234ක් කොවිඩ් ආසාදිතයින් තව 234 ක් අද (25) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 25 March 2022
පැය 10ක විදුලි කැපිල්ල සිදු නොවීමට ඉඩ විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඉන්ධන ඉදිරි සති දෙක තුළ ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟතාව පළකර ඇති නිසා පැය 10 ක් විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නොවනු ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 25 March 2022
ශ්‍රී ලංකාවේ දෙවැනි නැනෝ චන්ද්‍රිකාවත් කක්ෂගත කරයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය කරන ලද මෙරට දෙවැනි නැනෝ චන්ද්‍රිකාව ඊයේ (24) පස්වරු 5.20ට පමණ කක්ෂගත කළ බව එම මධ්‍යස්ථානය පවසයි. 25 March 2022
පණ්ඩු බණ්ඩාරනායක එස්.ටි.එෆ් අත්අඩංගුවට රුපියල් කෝටියකට ගජමුතු තුනක් අලෙවි කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රිකයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වු පණ්ඩු බණ්ඩාරනායක මහතා ඇතුලු පස් දෙනකු අම්පාර නගරයේ දී අද (25) දහවල් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 25 March 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026