IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉන්දියාව හා එක්ව ත්‍රිකුණාමලය වරාය සංවර්ධන කළ යුතුයි

(අංජුල මහික වීරරත්න)

ත්‍රිකුණාමලය උපාය මාර්ගික වරායක් ලෙස සංවර්ධනය කිරීමේදී ඉන්දියාව සමඟ එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම පියවර ගන්නේ මැතිවරණ ඉලක්ක කර ගනිමින් නොව අනාගත පරපුරේ යහපත සඳහා බව ද ජනාධිපතිවරයා කීය .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ  ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම (Surbana Jurong plan) පිළිබඳ අද (14)  ත්‍රිකුණාමල ඔර්ස් හිල්  (Orr's Hill) එළිමහන් භූමියේ  පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.

ඉන්දියාවට තෙල් ටැංකි ලබාදීමේ දී මතු වු විරෝධතා පිළිබඳව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා සදහන් කළේ, එදා එම තෙල් ටැංකි ලබාදීමට ගත් තීරණය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දුන්නේ නම්  රට ඉන්ධන අර්බුදයකට මුහුණ නොදෙන බවයි.



අදහස් (16)

ඉන්දියාව හා එක්ව ත්‍රිකුණාමලය වරාය සංවර්ධන කළ යුතුයි

chandima Friday, 14 October 2022 07:32 PM

සෝල්හයිම් ගෙන්නා ගත්තේ ඒකට වෙන්නැති. යන්න කළින් රටම ඉන්දියාවට දෙන්නද යන්නේ...?

:       9       48

ABFriday, 14 October 2022 10:30 PM

ත්‍රිකුණාමලය උපාය මාර්ගික වරායක් ලෙස සංවර්ධනය කිරීමේදී ඉන්දියාව "සමඟ එක්ව කටයුතු කළ යුතු බව" ජනාධිපති ප්‍රකාශ කළද ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට පාලනය කිරීමට හෝ ඉන්දියාවේ යටතට පත්කරනා බවක් ජනාධිපතිවරයා පවසා නැත. ශ්‍රී ලංකාවට අයත් වරාය ඉන්දියාව සහ ලංකාව එක්ව ව්‍යාපාර කටයුතු සඳහා යොදාගැනීම ලංකාවට ප්‍රයෝජනවත් වනු ඇත.

:       1       0

senaSaturday, 15 October 2022 01:01 PM

ඔයා මේ කඩේ ගියාට වැඩක් නැහැ... ඔය මනුස්සයා දත කන්නේ ඕකට තමයි. මෙයා කියන දේ කරන, කරන දේ කියන කෙනෙක් නෙවෙයි.

:       0       0

PereraSaturday, 15 October 2022 09:39 AM

බය වෙන්න එපා. චීනෙ එහෙම කරන්න දෙන්නේ නැහැ.

:       0       3

විජිත් Friday, 14 October 2022 07:50 PM

අපිට කියලා කිසිම දෙයක් දැන් නැතිද...? මහජන මතයකින් තොරව , රටකාපු හොරු රකින්න ජනාධිපති ආසනයට පැනගත්ත , නීති විරෝධී , මේ කාලකන්නි පාවාදෙන්නා වහාම බලයෙන් පහකළ යුතුයි.ත්‍රිකුණාමලේ වරාය 100% ම ශ්‍රී ලංකාව සතුවිය යුතුයි.එහි කිසිම සංවර්ධන කටයුත්තක් විදේශයන් සමග නොකළ යුතුයි....රෝහලේ දස දුක් විඳලා අපාගතවුන, අපේ රට පාවාදුන්න කාලකන්නි මාමාට අත්වුන ඉරණම මේ බෑනටත් ලබාදුන මැනව දෙවියනේ....

:       10       29

අජිත් Saturday, 15 October 2022 11:17 AM

ඒ කියන කෙනා පළාත් සභා ඇතිකර රටම කෑවත් නරක ඉරණමක් නම් උන්දැට අත්වුණේ නැහැ... අවුරුදු අනූනවයක් විතර ඉඳලා මැරුණා මිස වෙනත් අහිතක් වුණේ නැහැ..

:       0       0

de silva Friday, 14 October 2022 07:56 PM

පින්සිද්ධ වෙයි ඔය වරාය තිබෙන විදියටම තිබෙන්න හරින්න. අන්තිමේ ඕක සංවර්ධනය කරන්න ගිහිල්ලා අර හම්බන්තොට වගේ අපට ඕක නැත්තටම නැතිවෙයි. බංකොලොත් වෙලා තිබෙන අපේ රටට තිබෙන වරායවල් ටික හොඳටම ඇති තව අවුරුදු 30-4-0 කට .

:       7       28

ranjith Friday, 14 October 2022 09:57 PM

ඔක්කොම ඉන්දියාවට දීලා ඔහෙලා ගෙවල්වලට ගියා නම් හරි. එක්කෝ රට කරන්න පුළුවන් කට්ටියකට දෙන්න.

:       3       23

chandima Friday, 14 October 2022 10:07 PM

දැන් බලාගෙන ගියාම එළාර රජතුමා මොනතරම් හොඳයිද?

:       0       1

BamunuarachchiSaturday, 15 October 2022 06:36 PM

කාටද? ගෙදර කාටවත්ද?

:       0       0

amila Friday, 14 October 2022 10:14 PM

තිළිණිව පෙන්නලා අනික් පැත්තෙන් රට විකුණන්න යන්නේ නේද?

:       0       1

Prabha Friday, 14 October 2022 10:51 PM

ලෝකෙ තෙල් ඉවර වෙලා නැහැ මහත්තයෝ. තෙල් ගන්න තිබුණා සල්ලි හොරකම් කරලා. ඒක නොතේරෙන අය දැන් ලංකාවේ ඉතිරිවෙලා ඉන්නේ බොහෝම ටිකයි...

:       0       2

Kumara Saturday, 15 October 2022 04:06 AM

අනේ යන්න.. ඔයා දන්නේ ණය ගන්නයි, විකුණන්නයි විතරයි...

:       0       2

sena Saturday, 15 October 2022 11:05 AM

පුටුවට හොරෙන් රිංගගත්ත දවසේ ඉඳලාම මෙයා කරන්නේ වැඩ තුනයි. රටේ මොකක් හරි කොටසක් විකුණනවා. මරදන නීති ගේනවා. ලෝකෙ වටේ රවුම් ගහනවා.

:       1       3

nanda Saturday, 15 October 2022 12:19 PM

ඉන්දියාවට පුළුවන් පිටරටවල ව්‍යාපාර අරන් දියුණු කරලා ඒ රටට ලාබ අරන් යන්න. අපේ නිවට නායකයින්ට රටේ ව්‍යාපාරයක්වත් දියුණු කරන්න හැකියාවක් නෑ. දෙගොල්ලෝම රට මාරුවෙන් මාරුවට කෑවා.

:       1       2

Bamunuarachchi Saturday, 15 October 2022 06:34 PM

මොකෝ ජෙප්පෝ කතා නැත්තේ.... රනිල් ඉන්දියාව සමග එකතු වුණාට කමක් නැද්ද?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 273 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site