කොවිඩ් මරණ 2ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් දෙදෙනකු ඊයේ (24) දිනයේත් මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය. 25 March 2022
අධිභාර පනත ලබන 7 වෙනිදා විවාදයට අධිභාර බද්ද පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අප්‍රේල් 7 වැනිදා පැවැත්වීමට නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී තීරණය විය. 25 March 2022
’’ප්‍රශ්නවලට විසඳුම් දෙන තුරු සත්යග්රහ ව්‍යාපාර පවත්වනවා’’ ජනතා ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන තුරු සත්යග්රහ ව්‍යාපාර පවත්වමින් ජනතා දුක ආණ්ඩුවට කියන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා එජාප සත්‍යග්‍රහයට පෙර මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය. 25 March 2022
විමල් මැතිසබයට ඇවිත් නෑ විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු මේ දක්වා එකම පාර්ලිමේන්තු රැස්වීමකටවත් සහභාගීවී නැතැයි වාර්තා වේ. 25 March 2022
පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් 16කට ඇප පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 16 දෙනකු වසර දෙකහමාරකට පසු නිතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව එක් අයකුට රුපියල් කෝටි දෙකක ශරිර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (25) නියෝග කළේය. 25 March 2022
යුක්රේන යෝජනා එක්සත් ජාතීන්ගේ මහ සභාවේදී සම්මත වෙයි යුක්රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ආධාර ලබාදීමට ප්‍රවේශය ලබා දෙන ලෙසත් යුද්ධය නවත්වන ලෙසත් ඉල්ලමින්, යුක්රේනය ප්රමුඛ මිත්‍ර රටවල් එක් වී, එක්සත් ජාතීන්ගේ මහ සභාවේ 11 වෙනි විශේෂ හදිසි සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 135 කින් සම්මත විය. 25 March 2022
’’අඳුරු අනාගතය පහන් කරන්නට’’ එජාප සත්‍යග්‍රහය හයිඩ් පිටියේදී ’’අඳුරු අනාගතය පහන් කරන්නට’’ යන්නෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ සත්‍යග්‍රහය එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහත්වරුන් ඇතුළු එජාප නායකයන් කොළඹ හයිඩ් පිටියට පැමිණීමෙන් අනතුරුව ආරම්භ කෙරිණි. 25 March 2022
හෙටත් පැය 5 ක විදුලි කප්පාදුවක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (26) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට තව දුරටත් පැය 5 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (25) පස්වරුවේ පැවසීය. 25 March 2022
මැතිවරණ කමිටුවේ වාර්තාව ළඟදීම පාර්ලිමේන්තුවට යෝජිත නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් විශේෂඥයන්ගේ අදහස් තවදුරටත් ලබාගැනීමට මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කළේය. 25 March 2022
සිදු වූ වරද රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී පිළිගනී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දැනට සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහස කිරීමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුවේ චෝදනාවට ශ්රේෂ්ඨාධිණය හමුවේ මීට සුළු මොහොතකට පෙර වරද පිළිගත්තේය. 25 March 2022
වාර්තා ගත ලෙස රත්තරන් මිල ඉහළට ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (25) පස්වරුව වන විට රුපියල් 155,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. 25 March 2022
අත්‍යවශ්‍ය භාණ්ඩ -සේවා මිල ඉහළ දැමීමට එරෙහිව නීතිඥ සංගමයෙන් පෙත්සමක් ආණ්ඩුව ජනතාවට ලබාදෙන දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අසාධාරණ ලෙස ඉහල දැමීම හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 25 March 2022
ඉම්රාන්ට එරෙහි විශ්වාසභංගය කල්යයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව, එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘පාකිස්තාන ජනතා පක්ෂය’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවලිය සම්බන්ධයෙන් ඡන්ද විමසුම පැවැත්වීමට තිබු නමුත් එය ලබන 28 වැනිදා තෙක් කල් දැමුණි. 25 March 2022
‘ආයෝජන බැංකුවේ කෝටි 7ක් පිල්ලි ගිහින්‘ විවිධ තරාතිරම්වල පුද්ගලයන් 46 දෙනකු ව්‍යාජ ලේඛන සකස් කර රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවෙන් රුපියල් කෝටි 7කට ආසන්න ණය මුදල් ලබාගෙන වංචාකර ඇතැයි කියන සිද්ධියක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණයවිය. 25 March 2022
’’කණගාටුව ප්‍රකාශ කිරීමට සූදානම්’’ සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහස කරනු ලැබීමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුව සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශකිරීමට සූදානම් බව රන්ජන් රාමනායක මහතා අද (25) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශ කළේය. 25 March 2022
පැය 10 ක අඳුරට හුරු වෙමු ? විදුලි කප්පාදුව ඉදිරි දිනවලදී පැය 10 ක් දක්වා දීර්ඝ වියහැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 25 March 2022
ඉන්ධන නැව දින 11 කට පසු නිදහස් කරගනී ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දින 11 ක් නවතා තිබූ ඉන්ධන නෞකාව ඩොලර් මිලියන 42 ක් ගෙවා නිදහස් කරගත් බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 25 March 2022
‘ශ්‍රී ලංකාව ආර්ථික අර්බුධයක ගිලෙමින් පවතිනවා‘ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල ජනවාරි 1 වෙනිදා සිට මේ දක්වා 26% කින් පමණ අවප්‍රමාණය වී ඇතැයි ලොව ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හෑන්ක් මහතා තම නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් පවසයි. 25 March 2022
කෙරවලපිටිය බලාගාරය වසා දමයි කෙරවලපිටිය විදුලි බලාගාරය ඊයේ (24) පෙරවරුවේ සිට වසා දැමූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියකු පැවැසීය. 25 March 2022
‘පැමිණීමේ ලේඛනය ගැන කතාවකින් මැතිසබය උණුසුම් වෙයි‘ පාර්ලිමේන්තුවට පැමිණි ඇතැම් මන්ත්‍රීවරුන් නිලධාරීන් විසින් නොපැමිණි මන්ත්‍රීවරුන් ලෙස සටහන් කරනු ලැබ ඇති බවත් මෙවැනි පොඩි දෙයක් හෝ හරියාකාරව කළ නොහැකි නිලධාරීන් මේ ආයතනයට කුමකටදැයි තමා ප්‍රශ්න කරන බවත් සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(25) පැවැසීය. 25 March 2022
43 සේනාංකයේ පා ගමන 43කින් ආරම්භ වෙයි 43වැනි සේනාංකය යන දේශපාලන කණ්ඩායම සංවිධානය කෙරුණු විරෝධතා පා ගමනක් ර මොරටුව දිගල්ල පාලම අසලින් ආරම්භ විය. 25 March 2022
කාන්තා උත්සවයට පැන කැත්තකින් කොටලා පුත්තලම සිරම්භිඅඩිය සෙල්ලකන්දල් ප්‍රදේශයේ සංවිධානය කර තිබු කාන්තා සැමරුම් උත්සවයක් අතර තුර දී දෙපිරිසක් අතර සිදුවු බහින් බස් විමකින් පසු කැති ප්‍රහාරයකින් බරපතල කැපුම් හා සපා කෑමේන් තුවාල එක් අයකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 25 March 2022
ඩොලරය තවත් ඉහළට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 297 අගයක් දක්වා අද (25) පහළ වැටිණි. 25 March 2022
මත් කුඩු සමඟ පාතාල සාමාජිකයෝ දෙකක් මාට්ටු දකුණේ පාතාල කණ්ඩායම් සාමාජිකයෙකු වන බැගියා නමැත්තාගේ ගෝලයින් දෙදෙනෙකු අද (25)ඇල්පිටිය මන්ඩකන්ද ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා හෙරොයින් මත් කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි . 25 March 2022
විජයදාසගෙන් අලුත් ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අවපාතයෙන් ගොඩ ඒම සඳහා ප්රජාතන්ත්රවාදී රාමුවක් ස්ථාපනය කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන්නේ යැයි පැවසෙන යෝජනා ඇතුළත් විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමැති පනත් කෙටුම්පතක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයාට බාර දුන්නේය. 25 March 2022
අකුණෙන් දෙකක් රෝහලට දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශ්යේ මාළු අලෙවි කරන ස්ථානයකට අකුණක් පතිතවීමෙන් අකුණු සැර වැදී එහි රැදී සිටි කාන්තාවක් සහ පිරිමි අයකු දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 25 March 2022
පළාත් රැසකට අද සවස වැසි උතුරු, උතුරුමැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල අද (25) සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 March 2022
කජිමා වත්තේ ගින්නකින් නිවාස 23 අළු ග්‍රෑන්ඩ්පාස් ෆර්ගියුසන් පාර, කජිමා වත්තේ ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්නකින් නිවාස විසිතුනක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තාරක විජේසිංහ මහතා පැවසීය. 25 March 2022
වෙඩි තැබිමකින් දෙකක් මරුට කඩවත නවය කණුව ප්‍රදේශයේදී අද රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින් යතුරු පැදියකින් ගමන් ගත් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 24 March 2022
වැලිවේරියේදී වාහන 4 ක් එකට ගැටී යතුරුපැදිකරුවෙක් මරුට බැලුම්මහර - බියගම නව නුවර මාර්ගයේ වැලිවේරිය නගරය ආසන්නයේදී යතුරු පැදියක් ඇතුලු වාහන හතරක් එකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. 24 March 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026