අලුත් ආසාදිතයෝ 248 ක් කොවිඩ් ආසාදිතයින් තව 248 ක් අද (24) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 24 March 2022
‘‘අපි නිධානයක් මත හිඳ හිඟා කනවා‘‘ ශ්‍රී ලංකාව සතු වටිනා භූ සම්පත්වලින් නිසිඵල ලබාගැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයත්, ලංකා ඛනිජවැලි සමාගමත් අසමත් වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 24 March 2022
අදෝමගේ කුඩු හංගන් කෑගල්ල බන්ධනාගාරයට රිංගන්න හදලා හොරොයින් ග්‍රෑම් 03 යි, මිලිග්‍රෑම් 539 ක් ප්‍රමාණයක් ගුද මාර්ගයේ සගවාගෙන කෑගල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගිය සැකකරුවෙකු අද (24) අත්අඩංගුවට ගත් බව බන්ධනාගර මුලස්ථානය පවසයි. 24 March 2022
රටට හරි දැක්මක් පතා එජාප සත්‍යග්‍රහය හෙට රට ගොඩනැගීම සඳහා සියලු පාර්ශ්ව පොදු එකඟතාවයකට ගැනීම උදෙසා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන සත්‍යග්‍රහය කොළඹ හයිඩ් පිටියේදී හෙට(25)පස්වරු 3ට පැවැත්වේ. 24 March 2022
දුම්රිය ගාස්තු ඉහළ දැමීම ඇමති අණින් නවතී පුර්ව දැනුම් දීමකින් තොරව විශේෂ දුම්රිය හා නගරාන්තර දුම්රියවල ගාස්තු සංශෝධනය කිරීමට ගෙන ඇති තීරණය අත්හිටවු බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 24 March 2022
දුඹුරු සීනි ආනයනයට අවසර ඉල්ලයි සීනි මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් දුඹුරු සීනි ආනයනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් අනුමැතිය ඉල්ලා තිබේ. 24 March 2022
හෙටත් පැය 6 ක් විදුලි කපයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (25) ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය 6 යි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය අද (24) පස්වරුවේ පැවසීය. 24 March 2022
කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 5 දෙනකු ඊයේ (23) දිනයේත් මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය. 24 March 2022
එකතු කළ අගය මත බදු වැඩිවෙයි එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (24) පස්වරුවේ සම්මතවිය. 24 March 2022
යුද්දෙන් වැසුණු පාසල වසර 13 කට පසු යළි විවෘත වෙයි යුද්ධය නිමාවී වසර දහතුනකට පසුව මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ප්‍රදේශ ෙය්දී ප්‍රථම සිංහල පාසල විවෘත කිරීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (24) වෙනිදා සිදු ෙකරිණ. 24 March 2022
රුපියල් කෝටි 3 ක කුෂ් ගංජා - මත්පෙති රේගුවේදී මාට්ටු රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුත් ‘කුෂ්’ ගංජා ග්‍රෑම් 1590 ක් සහ මත්පෙති 601 ක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 24 March 2022
‘‘ආණ්ඩුවේ බහුතරය නැති කරනවා‘‘ අවලස්සන ඇමරිකානුවා තියාගෙන මේ ගමන යාමට නොහැකියි. ආණ්ඩුවට තියෙන 113 බහුතරය නැතිකර වත්මන් උද්ධච්ච පාලනය අහෝසි කරනවා යැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 24 March 2022
සඳලංකාවේ බොරළු කැපීම නවත්වන්නැයි නියෝග සඳලංකාව ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් දෙකක නීති විරෝධීව බොරළු කැපීම ඇතුළු නීති විරෝධී කටයුතුවල යෙදීම වහාම නැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට, මධ්‍යම පරිසර අධිකාරියට, පතල් හා කැණීම් කාර්යාංශයට සහ පන්නල පොලිස් ස්ථානාධිපතිවරයාට අද (24) නියෝග කළේය . 24 March 2022
තමිල්නාඩු වෙරළ ආරක්ෂාව තර කෙරේ ශ්‍රී ලංකා සරණාගතයන් විශාල වශයෙන් ඉන්දියාවේ තමිල්නාඩුව වෙත පැමිණීම වැළැක්වීම සඳහා තමිල්නාඩු පොලිසිය ඉන්දීය වෙරළා ආරක්ෂකයන් සමග එකතු වී තමිල්නාඩු වෙරළේ ආරක්ෂාව තර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 24 March 2022
‘පාර්ලිමේන්තුවේ පිරිත නවත්වන්න‘ විශාල මුදලක් වැය කර පාර්ලිමේන්තුවේ පිරිත් පින්කමක් ළඟදීම පැවැත්වීමට කටයුතු සංවිධානය කරගෙන යන බවත් පිරිතක් පවත්වා මේ රටේ පෝලිම් ප්‍රශ්නයට විසඳුම් දිය හැකි දැයි තමා ප්‍රශ්න කරන බවත් සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 March 2022
‘සර්ව පාක්ෂික සමුළුව නෛතික බලයක් නැති කතා පෙට්ටියක්‘ සර්ව පාක්ෂික සමුළුව නෛතික බලයක් නැති කතා පෙට්ටියක් පමණක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 24 March 2022
ඉන්දීය ධීවරයින් 16 ක් - ටෝලර් 2 ක් නාවික හමුදා අත්අඩංගුවට මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයන් 16 ක් සමඟ ටෝලර් යාත්‍රා දෙකක් යාපනය මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය. 24 March 2022
රනිල් ළඟට යන මන්ත්‍රීවරු පිරිසක් ගැන අලූත්ගමගේ හෙළිකරයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ළඟ සිටින මන්ත්‍රීවරුන් දහ දෙනකු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ළඟදීම එක්වීමට නියමිතව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවැසීය. 24 March 2022
දුම්රිය ගාස්තු හොර රහසේ වැඩි කරලා නගරාන්තර, දුරගමන් සේවා සහ විශේෂ සීඝ්‍රගාමී දුම්රියවල ප්‍රවේශපත් ගාස්තු කිසිඳු දැනුවත් කිරීමකින් තොරව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද (24) පැවසීය. 24 March 2022
‘ජනතාව පෝලීම්වල සිටියදී ආණ්ඩුව ගිවිසුම් ගහනවා‘ මේ රටට එරෙහි ගිවිසුම් සේරම අත්සන් කරලයි ඒවා ගැන කැබිනට් මණ්ඩලයට කිව්වේ. ජනතාව සිහිවිකල්ව ගෑස් පෝලිම්වල ඉන්ධන පෝලිම්වල බෙහෙත් පෝලිම්වල ඉන්න අවස්ථාවේ මේ සේරම ගිවිසුම් අත්සන් කළේ. 24 March 2022
මාතර කාන්තාවෝ ජීවන වියදමට එරෙහිව විදි බසිති ජීවන මිල ඉහල දැමීමට එරෙහිව සවිස්ත්රී කාන්තා සංවිධානය මාතර නගරයේ දී අද උද්ඝෝෂණයක නිරත විය. 24 March 2022
ගෑස් පොලිමේ සිටි අයකු සිහි නැතිව රෝහලට දෙහිවල ගෑස් පෝලිමේ රැදී සිටි වයෝවෘද්ධ පුද්ගලයකු සිහි මුර්ජා වීමෙන් ගෑස් සිලින්ඩර මතට ඇද වැටීමෙන් අනතුරුව දෙහිවල පොලීසිය රෝගී පුද්ගලයා දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි. 24 March 2022
‘ආණ්ඩුව ඡන්දෙ දීපු අයගෙන් විතරක් නෙවෙයි නොදීපු අයගෙන්ද පළි ගන්නවා ‘ ආණ්ඩුව ඡන්දෙ දීපු අය ගෙන් පමණක් නොව නොදීපු අයගෙන්ද පළි ගනිමින් සිටින බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 24 March 2022
රුසියන් යුවළගේ සල්ලි මල්ල කොල්ල කෑ සැකකරු අල්ලයි රුසියානු ජාතික යුවළකට අයත් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනාකමකින් යුත් මුදලක්, ඇපල් ජංගම දුරකථනය සහ ඒ.ටී.එම් කාඩ්පත් ඇතුළු වටිනා ලියකියවිලිද අඩංගු ගමන් මල්ල කොල්ලකා පලාගිය පුද්ගලයකු පැය දෙකක් ඇතුළත අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි . 24 March 2022
ඇමති රියදුරු ඝාතනයේ එකම පවුලේ සිව් දෙනා රිමාන්ඩ් බල ශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ආරක්ෂක රථයේ රියදුරු තියුණු ආයුධයකින් ඇන පහර දී ඝාතනය කිරීමට සම්බන්ධ යැයි කියන එකම පවුලේ සිව් දෙනා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 5 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය . 24 March 2022
කටුගස්තොට නිවසක ගින්නකින් පියා-දියණිය-පෙම්වතා මරුට කටුගස්තොට මැණික්කුඹුර වත්තේ නිවසක ඇති වු ගින්නකින් එහි සිටි පියා,දියණිය හා ඇගේ පෙම්වතා බව කියන අයෙකු නිවස තුළම පිළිස්සී මියගොස් ඇති බව කටුගස්තොට පොලිසිය පවසයි. 24 March 2022
මුහුද මැද අතරමංවූ රුවල් නැව හම්බන්තොටට හම්බන්තොට ප්‍රදේශයට ඔබ්බෙන්වූ දකුණු මුහුදු ප්‍රදේශයේදී ආපදාවට පත්වූ විදේශීය රුවල් යාත්‍රාවක් සහ විදේශීකයන් දෙදෙනකු නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව පැවසීය. 24 March 2022
වාරියපොළ සභාපති පුටුවට පොහොට්ටුවේ දෙපිරිසක් ගුටි කෙළියක වාරියපොල ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමකින් තිදෙනකු රෝහල්ගත කර ඇතැයි වාරියපොළ පොලිසිය කියයි. 24 March 2022
ආණ්ඩුවේ හවුල් පක්ෂ අද මහනුවරට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් අද (24) පෙරවරුවේ බැහැදැකීමට නියමිතව ඇත 24 March 2022
ගාල්ලේ දි පන්දම් විරෝධයක් බඩු මිල වැඩිවිම, විදුලි කප්පාදුව, ගෑස් සහ ඉන්ධන නොමැතිවීමට විරෝධය දක්වමින් ඊයේ (23) රාත්‍රී ගාල්ල, වක්වැල්ල මංසන්ධියේ දී ජනතා උද්ඝෝෂණයක් පැවැත්විණි. 24 March 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026