රටේ මිනිස්සු අද යන්නේ හොම්බෙන් රටේ ජනතාව කබලෙන් ලිපට නොව හොම්බෙන් යන තත්ත්වයට පත්වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය 07 April 2022
බත්තරමුල්ලේ අදත් විරෝධයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවේදී මහජනතාව හා සිවිල් සංවිධාන විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ දී අද (07) පැවැත්විය. 07 April 2022
රටපුරා බෙහෙත් හිඟයි රටපුරා සියලු ඔසුසල්වල අත්‍යවශ්‍ය ඖෂධවර්ගවල දැඩි හිඟයක් පවතින බවට පරිභෝගිකයෝ මැසිවිල් නඟති. 07 April 2022
අර්බුදය විසඳන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න වර්තමාන අර්බුදය විසඳීම සඳහා සියලු පක්ෂවල සාමාජිකයන්ගෙන් සැදුම් ලත් තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 April 2022
සඳුදා - අඟහරුවාදා රජයේ නිවාඩු මෙම මස 11 සහ 12 දෙදින රජයේ නිවාඩු දින බවට පත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 07 April 2022
ආණ්ඩුව ඉවත්වී නව අන්තර්කාලීන පාලන තන්ත්රයක් ඇති කළ යුතුයි අග්‍රාමාත්‍යවරයාගේ සිට ආණ්ඩුව ඉවත්වී නව අන්තර්කාලීන පාලන තන්ත්රයක් ඇති කළ යුතු බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා (පොපෙ) පාර්ලිමේන්තුවේ දී අද (7) පැවසීය. 07 April 2022
ජවිපෙ යටි අරමුණුවලට එරෙහිව සටන් කරනවා උද්ඝෝෂණ පිටුපස ඇති ජනතා විමුක්ති පෙරමුණේ යටි අරමුණුවලට එරෙහිව සටන් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 April 2022
අවුරුද්දට ගමේ යන්න හෙට සිට විශේෂ දුම්රිය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ජනතාවට ගම්බිම් බලා පිටත්ව යෑමට හෙට (8) සිට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය. 07 April 2022
ජනපතිට - අගමැතිට වඩා වන්නිලැත්තන් හොඳ නායකයෙක් ආදිවාසී නායක වන්නිලැත්තන් ජනාධිපතිතුමාට මෙන්ම අගමැතිතුමාට වඩා හොඳ නායකයෙක් බව පිළිගෙන තිබෙන බවත් කවුරුන් හෝ ගෙනත් මේ ප්රශ්නය විසඳිය යුතුව ඇති බවත් සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (7)පැවසුවාය. 07 April 2022
‘ජනතාව පාරට බැසීම වැලැක්වීමට විධායකයට වගකීමක් තියෙනවා‘ ජනතාව පාරට බැසීම වැලැක්වීමට විධායකයට වගකීමක් ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 April 2022
කබ්රාල්ට රටින් පිටවීම තහනම් මහ බැංකු හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විදේස්ගත වීම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් නියෝගයක් නිකුත් කළේය. 07 April 2022
ඉන්දීය පෙට්‍රල් ටොන් 36,000 බෙදාහැරීම ආරම්භ කරයි ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු පෙට්‍රල් මෙටි්රක්ටොන් 36,000 ක තොගය බෙදාහැරීම අද (7) ආරම්භ කරන බව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 07 April 2022
කොළඹ භූමිතෙල් පෝලිම් කිලෝමීටර ගණනින් ඉන්ධන මිලදී ගැනීමට සඳහා ජනතාව අද (7) දිනයේ ද දිගු පෝලිම්වල රැදී සිටින ආකාරය දැකගත හැකිවිය. 07 April 2022
තනතුරින් ගියත් සැප එලෙසමයි කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වුවද හිටපු ඇමැතිවරු තවමත් ඔවුන්ගේ නිල නිවාස,වාහන සහ වෙනත් ඇමතිවරුන්ට ලබාදෙන පහසුකම් භාවිතා කරන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි. 07 April 2022
ත්‍රිරෝද - ලොරි ගැටුමින් මව පියා දරුවා මරුට තණමල්විල - උඩවලව මාර්ගයේ බෝදාගමදී ත්‍රිරොද රථයක් හා කුඩා ලොරියක් මුහුණට ගැටීමෙන් මව පියා සහ කුඩා දරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 07 April 2022
‘ජනාධිපතිවරයා ගොවි ජනතාවගෙන් සමාව ගත යුතුයි‘ ජනාධිපතිවරයා ගොවි ජනතාවගෙන් සමාව ගත යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 April 2022
ශ්‍රී ලංකාවට යන්නේ කල්පනාවෙන් - ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමෙරිකානු ජාතිකයන් සඳහා ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු අගවමින් නිවේදනයක් නිකුත් කර තිබේ. 07 April 2022
‘ජනපති කොමිසමට කැඳවීම වරප්‍රසාද කැඩීමක් ‘ පාර්ලිමේන්තුවේ තමා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සාක්කි විමසීම සඳහා දේශපාලන පළිගැනීම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට කැඳවා ඇතැයිද එය තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් යැයිද හිටපු අග්‍රාමාත්‍ය පත් කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (7)පැවසීය. 07 April 2022
බොපේ ප්‍රා.සභාවට ගම්මු කඩාපනිති බෝප පෝද්දල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද (07) පැවැත්වෙමින් තිබිය දී ගම්වාසීන් පිරිසක් එහි කඩා වැදීම හේතුවෙන් සභාවේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුවිය. 07 April 2022
පුටින්ගේ දියණියන්ට හිටපු බිරිඳට සම්බාධක යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ තරුණ දියණියන් දෙදෙනාටත්, පුටින්ගේ හිටපු බිරිඳටත් සම්බාධක පැනැවීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත. 07 April 2022
‘විවාදයේදී හොඳ අදහස් නොලැබීම කණගාටුදායකයි‘ රටේ තත්වය සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයේදී අර්බුදය විසඳීම සඳහා මන්ත්‍රීවරුන්ගෙන් යහපත් විසඳුම් සහ අදහස් ප්‍රමාණවත් පරිදි නොලැබීම කණගාටුදායක යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 April 2022
අධිභාර පනත ඡන්දයකින් තොරව සම්මතයි ආන්දෝලනයට තුඩුදුන් අධිභාර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (6) ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මතවිය. 07 April 2022
‘ලෝකයේ දුර්වලම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල‘ ලෝකයේ දුර්වලම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව පවසයි. 07 April 2022
ජනපති පාර්ලිමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරවරු 10.13 ට පමණ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණියේය. 07 April 2022
නිධන් හැරීමට ගිය කපුවෙක්-කාන්තාවක් ඇතුළු 4ක් මාට්ටු කල්එළිය වෑබඩමුල්ල ප්‍රදේශයේ නිවසක් පිටුපස නිධානයක් හෑරීම සදහා ශාන්තිකර්ම සිදු කරමින් යෙදී සිටි බව කියන කපුවකු හා කාන්තාවක ඇතුළු සිව් දෙනෙකු රජයේ අරක්කු බෝතල් දහයක්ද සමග අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි. 07 April 2022
දවසේ කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (7) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 April 2022
විපක්ෂය ඇමැති තනතුරු නොගනී කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී අදට දින හතරක් ගත වුවද, ඇමතිවරුන් තිදෙනකු හැරෙන්නට සම්පූර්ණ කැබිනට් මණ්ඩලය පත්කිරීමට තවමත් නොහැකි වී ඇත. 06 April 2022
ජනපති උපදේශක සභාව පත් කරයි බහුපාර්ශ්වීක කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශන කණ්ඩායමේ සාමාජිකයන් ලෙස මුල්‍ය සහ ආර්ථිකව පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් ඇති නිලධාරීන් තිදෙනකු පත්කර තිබේ. 06 April 2022
කොරෝනා එක්ස්.ඊ. වයිරසය වැළඳුණු රෝගියකු ඉන්දියාවෙන් ‘කොවිඩ්’ 19 නව ප්‍රභේදය වන ‘එක්ස්.ඊ. ප්‍රභේදය ආසාදිත ඉන්දියාවේ පළමු රෝගියා මුම්බායි නුවරින් අද (6) හදුනාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 06 April 2022
‘‘ජනතා හඬට ආණ්ඩුව කන්දිය යුතුයි‘‘ ආණ්ඩුවට ගෙදර යන්නැයි දේශපාලන පක්ෂ භේදයකින් තොරව තරුණ සමාජය අද පාරට බැස බල කරමින් සිටිනවා. රට ලේ විලක් වීමට මත්තෙන් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව ජනතා ඉල්ලීමට ඇහුම්කන් දිය යුතුයැයි එක්සත් ජාතික ෂක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද සවස මාතර දී පැවසීය. 06 April 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026