IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාසල් දරුවන් මතින් රකින්න ’’සුපරික්ෂාකාරී කමිටු” පිහිටුවයි

(අංජුල මහික වීරරත්න)

බස්නාහිර පළාතේ පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය පැතිරයාම වැලැක්වීම සඳහා මාපියන්, ගුරුවරුන්, කලාප නිලධාරින් හා පොලිසිය එක්ව “සුපරික්ෂාකාරී කමිටු” කඩිනමින් පිහිටුවීමට පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පොලීසියට අද (28)  උපදෙස් දුන්නේය.

පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් කටයුතු කරන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිව දැඩිව ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම පසුගියදා ඇතිවූ වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පහත් බිම් විශාල ප්‍රමාණයක් යට වූ අතර එය පාලනය කිරීම සඳහා පහත්බිම් සංවර්ධන මණ්ඩලය හා වාරි මාර්ග දෙපාර්තුමේන්තු එක් කරගනිමින් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහායද ඇතිව වැඩපිළිවෙලක් සකසන ලෙසද ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද මහතාට උපදෙස් දුන්නේය.



අදහස් (1)

පාසල් දරුවන් මතින් රකින්න ’’සුපරික්ෂාකාරී කමිටු” පිහිටුවයි

සිල්වා Friday, 28 October 2022 06:50 PM

මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පාසල් සිසුන් බෙරා ගන්නට නම් එම සිසුන්ගේ දෙමාපියන්ගේ හැසිරීම සහ ඇබ්බැහිවීම් ගැන ද සොයා බැලීම වැදගත්ය. දෙමාපියන්ගේ හැසිරීම යහපත් නම් දරුවන්ගේ හැසිරීම් ද යහපත් වෙයි. දරුවන් මුලින්ම ලොව දෙස බලන්නේ දෙමාපියන් තුළින් බව සඳහන් කළ යුතුයි...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site