ගල්කිස්ස අධිකරණයේ නීතිඥවරු විරෝධතාවයක ගල්කිස්ස අධිකරණයේ ජ්‍යෙෂ්ඨ සහා කණිෂ්ඨ නීතිඥ මහත්ම මහත්මීන් ආණ්ඩුවට සිය විරෝධය පලක්රමින් ගල්කිස්ස අධිකරණ භූමිය ඉදිරිපිට අද (8) උදෑසන විරෝධතාවයක නියැලිණි. 08 April 2022
චමින්ද, තිස්ස කුට්ටිආරච්චි මැති සබයෙන් ඉවතට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි සහ සමගි ජන බලවේගයේ එම දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි යන මහත්වරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී වේත්‍රධාරී වරයාට උපදෙස් දුන්නේය . 08 April 2022
රනිල්ගේ ඉල්ලීමකට පාර්ලිමේන්තුව විනාඩි පහකට කල්තබයි පාර්ලිමේන්තුව කරනවා නම් හරියට කරමු නැතිනම් අත්හිටවමු යැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 08 April 2022
අර්බුදය අවසන් වනතුරු පාර්ලිමේන්තු එන්නේ නෑ තමා මේ අර්බුදය අවසන් වනතුරු මේ සභාවට නොපැමිණ බව බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 08 April 2022
රාජ්‍ය-අර්ධ රාජ්‍ය සේවකයෝ වැඩවරති රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන් ආණ්ඩුවට විරෝධය දක්වමින් අද (8) ක්‍රියාත්මක කරන සංකේත වැඩවර්ජනය හේතුවෙන් රටපුරා බොහෝ රාජ්‍ය ආයතන අකර්මණ්‍ය වී ඇති බව වාර්තා වේ. 08 April 2022
‘‘විධායකය සහ ව්‍යවස්ථාධායක එක්ව රට ස්ථාවර කරන්න‘‘ රටතුළ ගොඩනැගෙමින් පවතින දැවැන්තත මහජන විරෝධය සැලකිල්ලට ගනිමින් අන්තර්වාර රජයක් පිහිටුවීමට විධායකය සහ පාර්ලිමේන්තු හැකි ඉක්මණින් කටයුතු කළ යුතු බවත් මෙම ප්‍රවණතාව දිගින් දිගටම පැවතුණහොත් මහජනතාවට සහ ආර්ථිකයට බරපතල හානි වන ප්රචණ්ඩත්ව රැල්ලක් ඇති විය හැකි බවත් වාණිජ මණ්ඩල සහ වෙළෙඳ සංගම් රැසක් කථානායකවරයා ඇතුළු වගකිවයුත්තන්ට ලිපියක් ඔස්සේ පෙන්වාදී තිබේ. 08 April 2022
නියෝජ්‍ය කතනායක ධුරයට යළි රංජිත් සියඹලාපිටිය තමා තවදුරටත් නියෝජ්‍ය කතානායක ධූරයේ කටයුතු කිරීමට තීරණය කළ බව මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 08 April 2022
අධිභාර පනතට කතානායකගේ සහතිකය අධිභාර පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 08 April 2022
කට පුංචා රංගල වැඩ මහනුවර රංගල එළුගොල්ල ප්‍රදේශයේ අද අලුයම සිදුවූ වෙඩි තැබීමක් 32 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි රංගල පොලිසිය කියයි. 08 April 2022
අමාත්‍යංශයේ වාහන 18ක් ඇමතිගේ ගෙදර වැඩට අමාත්‍යංශයේ වාහන 18ක් තමන්ගේ පෞද්ගලික පරිහරණයට යොදාගත් ඇමැතිවරයෙක් ඉන්නවා. 08 April 2022
දඹුල්ලේ එළවළු තොග ගොඩ ගැසෙයි විවිධ ප්‍රදේශවලින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ එළවළු තොග මිලදී ගැනීමට වෙළඳුන් නොපැමිණීම ගොවීහු මේ වනවිට දැඩි අසීරුතාවයකට පත්ව සිටිති. 08 April 2022
අනිද්දා තෙක් තද වැසි දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් අනිද්දා (10) තෙක් බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 April 2022
නව මහ බැංකු අධිපති-මුදල් අමාත්‍යංශ නව ලේකම් වැඩ බාර ගනිති ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන මහතා පත් කෙරේ. 07 April 2022
ඩීසල් නැව දින 11 කට පසු නිදහස් කරගනී ඩොලර් ගෙවාගැනීමට නොහැකිව දින 11 ක් ශ්‍රී ලංකා මුහුදු සීමාව නතර කළ තිබූ නෞකාවේ ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 ඩොලර් මිලියන 52 ක් ගෙවා අද (7) පස්වරුවේ නිදහස් කරගත් බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 07 April 2022
ජනපති-රනිල් අතර විශේෂ හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවූක් අද(7) පැවැත්විණ. 07 April 2022
අගමැතිවරයෙක්-ඇමැති මණ්ඩලයක් පත්කර ගන්න ව්‍යවස්ථාපිත බලයක් තියෙනවා යෝජනා සම්මතයක් මගින් නව අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලය පත්කරගැනීමේ ව්‍යවස්ථාපිත බලයක් පාර්ලිමේන්තුව සතු බැවින් මේ අවස්ථාවේ වහාම ඒ සඳහා කටයුතු කළ යුතු බව හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා පැවසීය. 07 April 2022
හාල් ටොන් 40,000 ඉන්දියාවෙන් ඉන්දීය ඩොලර් බිලියනක ණය යෝජනාව යටතේ ආනයනය කරන සහල් මෙට්‍රික්ටොන් 40,000 ක් මෙම සති අන්තයේ ශ්‍රී ලංකාවට ළගාවන බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි. 07 April 2022
උද්ඝෝෂණවලට දරුවන් යොදාගන්න එපා කොළඹ ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශ වල මේ දිනවල පැවැත්වෙන මහජන උද්ඝෝෂණ හා විරෝධතා පෙළපාලි සදහා දරුවන් සහභාගි කරවීමෙන් වළකින ලෙසට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතා මවුපියන් හා බාරකරුවන්ගෙන් ඉල්ලා සිටියි. 07 April 2022
සති අන්තයේ ලයිට් කැපෙන්නේ පැය 3 යි එළඹෙන සති අන්තයේ සෙනසුරාදා පැය 2 ක් සහ ඉරිදා පැයක් ලෙස පැය තුනක් පමණක් විදුලි කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර දුන් බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 07 April 2022
ගොවීන්ට කෝටි 21 වන්දි ලෙස ගෙවලා ගොවිජන රක්ෂණ මණ්ඩලය 2021 වසරේ යලකන්නයේ සිදු වූ පාඩු වෙනුවෙන් ගොවීන්ට රුපියල් කෝටි 21ක වන්දි මුදලක් ගෙවා තිබූ බව එම මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පවසයි. 07 April 2022
අලුත් අවුරුදු දින දෙකේ ලයිට් කපන්නේ නෑ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදී තිබෙන මේ මස 13 සහ 14 දෙදින විදුලි කප්පාදු නොකිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘ලංකාදීප’යට පැවසීය. 07 April 2022
අවුරුදු සමයේ ප්‍රයිවට් බස් නෑ පවතින ඩීසල් හිගය හේතුවෙන් අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙවර විශේෂ බස්රථ සේවා ක්‍රියාත්මක නොවන බව පෞද්ගලික බස් රථ සංගම් සඳහන් කරයි. 07 April 2022
නන්දලාල් වීරසිංහ දිවයිනට මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වූ ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා ඔස්ට්‍රෙිලියාවේ සිට අද පස්වරුවේ දිවයිනට පැමිණියේය. 07 April 2022
ශ්‍රී ලංකාව අවිනිශ්චිත අඩියක - මූඩ්ස් කියයි අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩිස් ආයතනය සඳහන් කරයි. 07 April 2022
හදිසිය,ඇඳිරිය,සමාජ මාධ්‍ය අවහිරයට එරෙහිව පෙත්සමක් ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාශයට පත්කිරීම, ඇදිරි නිතිය පැනවීම, සහ සමාජ මාධ්‍ය ඡාලා අවහිර කිරීමට උපදෙස් දීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි නිතීඥවරයකු ඇතුළු සිව්දෙනකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) නියෝග කළේය. 07 April 2022
තවත් කොවිඩ් මරණ දෙකක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් දෙදෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය. 07 April 2022
රටේ මිනිස්සු අද යන්නේ හොම්බෙන් රටේ ජනතාව කබලෙන් ලිපට නොව හොම්බෙන් යන තත්ත්වයට පත්වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය 07 April 2022
බත්තරමුල්ලේ අදත් විරෝධයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවේදී මහජනතාව හා සිවිල් සංවිධාන විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ දී අද (07) පැවැත්විය. 07 April 2022
රටපුරා බෙහෙත් හිඟයි රටපුරා සියලු ඔසුසල්වල අත්‍යවශ්‍ය ඖෂධවර්ගවල දැඩි හිඟයක් පවතින බවට පරිභෝගිකයෝ මැසිවිල් නඟති. 07 April 2022
අර්බුදය විසඳන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න වර්තමාන අර්බුදය විසඳීම සඳහා සියලු පක්ෂවල සාමාජිකයන්ගෙන් සැදුම් ලත් තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 April 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026