IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පෝර බෙදන විදිය ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

 

(අංජුල මහික වීරරත්න)

 වී ගොවීන්ට යූරියා කිලෝ ග්‍රෑම් 50ක මල්ලක්  රුපියල් 10,000 කට ලබා දීමට රජය තීරණය කර තිබෙි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් කළ සාකච්ඡා කිහිපයක දී කෙරුණු ඉල්ලීම් පදනම් කර ගනිමින් ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව, ගොවිතැන සහ ග්‍රාමීය ආදායම් ආරක්ෂා කිරීමේ අරමුණින්  මෙම පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය වැනි අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගේ ආධාරවලට අමතර සහායක් වශයෙන් මෙම ලෝක බැංකු ණය ප්‍රතිපාදන හිමිව තිබේ.

ශ්‍රී ලංකාවට දළ වශයෙන් මහ කන්නයේ  අස්වනු නෙළන සමයේ වී වගාව සඳහා යූරියා පොහොර ටොන් 150,000ක් පමණ අවශ්‍ය වේ.එම ප්‍රමාණය  සම්පූර්ණයෙන්ම සැපයීමට හැකියාව පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා තහවුරු කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.

ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා කුඹුරු හිමියන්ට මෙම පොහොර සෘජුවම බෙදා හරිනු ලබන බවත් අවම හෙක්ටයාර 2ක් දක්වා වී වගා කරන කුඹුරු හිමියන්ට තමන් වී සඳහා සකස් කර ඇති ප්‍රදේශය අනුව ස්ථාවර මලු ප්‍රමාණයක් මිලදී ගැනීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

සෑම ගොවියකුටම මිලදී ගත හැකි උපරිම පොහොර ප්‍රමාණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත කෘෂි පාරිසරික කලාපය අනුව වෙනස්කම් සහිතව තීරණය වේ. මීට අමතරව බඩඉරිඟු ගොවීන්ගේ වගා බිම් හෙක්ටයාර් 60,000ක් සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 12,000ක් ලබාදීමට නියමිත අතර, එහි කිලෝ ග්‍රෑම් 50ක මිල රුපියල් 15,000කි.

මේ වන විට යුක්ක්‍රේනයේ පවතින යුදමය වාතාවරණය සහ ලෝක භූ දේශපාලන තත්ත්වයන් නිසා  ඉතාමත් අභියෝගාත්මක වෙළඳපොළ තත්ත්වයක් පොහොර නිෂ්පාදනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් පවති.

විකුණුම් වෙළඳපොළ මිල ඉහළ යමින් පවතින වාතාවරණයක  කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් යූරියා මෙට්‍රික් ටොන්  12,500ක්,  මෙට්‍රික් ටොන් 50,000ක්  සහ මෙට්‍රික් ටොන් 45,000ක් සැපයීමේ ගිවිසුම්  තුනකට අදියර තුනකදී අත්සන් තබා තිබෙන අතර තවත් යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් ලබා ගැනීම සඳහා වූ ගිවිසුමට ඉදිරියේ දී අත්සන් තැබීමට නියමිත බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ඉන්දීය සහන ණය පදනම යටතේ මේ වන විටත් මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 21,000ක් ගොවීන් වෙත බෙදාහැරීම සිදුකර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ලෝක බැංකුවේ සහාය ඇතිව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වරායේ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන  වෙත සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල  සිට ගොවීන් වෙත පොහොර බෙදා හැරීම නිරීක්ෂණය කිරීම සඳහා භූ-සක්‍රීය අධීක්ෂණ පද්ධතියක් (GEMS ) යෙදවීමට පියවර ගෙන ඇතැයි ද පාරිසරික හා සමාජීය අවදානම් කළමනාකරණය, දුක්ගැනවිලි විසඳීම සහ බලපෑම නිරීක්ෂණය කිරීම සඳහා ද එම පද්ධතිය භාවිතා කරනු ලබන බවද ජනාධිපති කාර්යාලය පවසයි.

ඇමරිකා ඩොලර් මිලියන 110 ක ලෝක බැංකු සහනදායී  හදිසි ණය ප්‍රතිපාදන යටතේ යූරියා ටොන් 13,000ක පළමු තොගය කෘෂිකර්ම අමාත්‍යාංශයට අද (28) ලැබී තිබිණි.



අදහස් (2)

පෝර බෙදන විදිය ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

මනම්පේරි Saturday, 29 October 2022 06:14 AM

ඇමතිවරයා කිව්වෙ පළමුවෙන්ම නැගෙනහිර පළාතේ බෙදනවා කියලා එහෙම වුනොත් රත්නපුර දිස්ත්‍රික්කයේ දැනට වී වැපිරීමට හා සිටුවීමට සිටින අපට පොහොර ඉක්මනින් නොලැබේද සැකයක් තියෙනවා. අපි නොවැම්බර් 10 ආසන්නයේ වපුරන්න බලන්නෙ. එනිසා අපටත් නොවැම්බර් මාසයේ පොහොර ඕන. කියන හැටියට අපිට පොහොර ඉල්ලා දිසාපති ළගට යන්න බැහැ. ඒ ගැන අවධානය යොමුකරන්න.අනුන්ගේ පොඩිපොඩි කුඹුරු වගාකරන අපිට ගොවි සංවිධාන නැහැ එනිසා අවශ්‍ය පොහොර වාර්තා සැකසීම කෘපනිසලා වෙතට පවරන්න.අවශ්‍ය කාලයේ පොහොර ලබාදෙන්න

:       0       1

SISIL Saturday, 29 October 2022 05:48 PM

කිලෝග්‍රෑම් 50ක මිල රුපියල් 15,000කට මිලදීගෙන රුපියල් 10,000 ලබාදීමෙන් රජයවන පාඩුව පියවනු ලබන්නේ කෙසේද? නොමිලයේ ලබාදීම සහ ආනයනය කළ මිලට වඩා අඩුමිලට ලබාදීම සිදුනොකළ යුතුවේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site