IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලිසියේ වැරදුන වෙඩිල්ල පාසල් සිසුවාගේ හිසට

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

තිහගොඩ නායිම්බල ප්‍රදේශයේ දී පොලීසිය විසින් සිදු කල වෙඩි ප්‍රහාරයකින් 14 හැවිරිදි පාසල් සිසුවකු අද (28) සවස බරපතල තුවාල ලබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

හිසට වෙඩි වැදීම නිසා බරපතල තුවාල ලැබු එම සිසුවා මාතර මහ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා ගාල්ල කරාපිටිය මහ රෝහල වෙත මාරු කර යවනු ලැබීය.

ත්‍රී රෝද රථයක් පොලිස් අණ නොතකා ධාවනය කල අවස්ථාවේ දී වැටලීමකට එම ප්‍රදේශයට ගොස් සිටි සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

එහෙත් තුවාල ලැබු සිසුවාගේ පවුලේ ඥාතීන් එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

කෙසේ වෙතත් එම සිදුවීමෙන් පසු ප්‍රදේශය තුල යම් උණුසුම් තත්වයක් හට ගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්වීමට උපදෙස් දුන් බව මාතර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

මාතර වැඩබලන පොලිස් අධිකාරී අයි.ජී.චන්ද්‍රසේන මහතාගේ උපදෙස් මත මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.



අදහස් (10)

පොලිසියේ වැරදුන වෙඩිල්ල පාසල් සිසුවාගේ හිසට

Sahara perera Saturday, 29 October 2022 12:34 AM

සෙනඟ ගොඩේ වෙඩි තියන්න කොහෙන්ද ලයිසන් දී ලා තියෙන්නේ. මීහරක්. ....

:       1       18

විහඟSaturday, 29 October 2022 09:55 AM

ගණන් ගන්න එපා... කොහොමත් පොලිසියටයි, හමුදාවටයි යන්නේ ශරීරය විතරක් වර්ධනය වෙච්චි මොලේ වර්ධනය නොවිච්චි අය... ඒකනේ ඉන්ටවීව් වලදී උස මහත විතරක් බලන්නේ විභාගයක් තියනවා නමට... ඒකේ තරම් කොපි කරන්නේ නැතුව ඇති මොන්ටිසෝරියකවත් මමත් ලියපු නිසා දන්නේ ..

:       9       11

senaSaturday, 29 October 2022 11:56 AM

රිංගාගන්න බැරුව මෙතැන බයිලා කියවනවා. අර නරියෙකුත් ඔයවගේ කතාවක් කිව්වලු...

:       6       4

Perera Saturday, 29 October 2022 05:58 AM

ඔය වෙඩි තියලා තියෙන්නේ අර ෆිට් නැති 4000 න් එක්කෙනෙක් වෙන්න ඇති.

:       0       17

චින්තක Saturday, 29 October 2022 06:05 AM

දෙකායි, දැන් කියාවි විද්දෙ පදුරට වැදුනෙ හාවට කියලා ඇත්තටම පොලිසියේ ෆිට්නස් නැති 4000 කඩ වැඩි පිරිසක් ඉන්නවා කියලා හිතෙනවා කියන්න බලන්න ඔය කියන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නෙ කවුද කියලා ඇත්තටම මෙහෙම පරීක්ෂණ ස්වාධීන කණ්ඩායමක් විසින් කරන්න ඕන නැත්නම් ඉතින් හොරාගෙ අම්මගෙන් පේන ඇහුවා වගේ හිටීවි.

:       0       15

malaka Saturday, 29 October 2022 07:36 AM

අනිවාර්යයෙන් පොලිස් නිලධාරියා ගැන සෙවිය යුතුයි. එසේම දැන් සිටින තරුණ ළමයින්ගේ හැසිරීමත් යම්තාක් දුරට ආවේගශීලී ගතියක් පෙන්නුම් කරනවා. දරුවන් බහුතරයක් මත්ද්‍රව්‍ය වලට ගොදුරු වී තිබෙනවා.. මෙම තත්වය වහාම වළක්වා ගැනීමට වැඩකළ යුතුයි.

:       2       9

චන්දන Saturday, 29 October 2022 08:31 AM

ඉලක්කයකට වෙඩි තියන්න බැරි පොලිස් නිලධාරීන් බඳවා ගත්තේ කවුද? ඔවුන් වහාම සේවයෙන් ඉවත් කරන්න. ඒ වගේම මාස 6 ක්වත් සැරයක් මෙයාලට ෆුල් ට්‍රේනින් එකක් ලබා දෙන්න ඕනෑ.

:       0       8

pakeer Saturday, 29 October 2022 08:37 AM

කොල්ලට ඉක්මණට සනීප වෙන්න ඕනෑ...

:       0       10

Sunil Saturday, 29 October 2022 02:14 PM

හිතාමතාම දරුවන් එල්ලා කළ වෙඩි තැබීමක්... මහබැංකු හොරුන්ගේ සහ වංචාකාරයින්ගේ සපත්තු ලෙවකන මේ නීච පොලිසියේ තවත් වික්‍රමයකි...

:       1       4

Ruwan Saturday, 29 October 2022 07:04 PM

පොලිසියේ අය මෙහෙම තියපු කී වෙනි වෙඩිල්ලද? ගිනි අවිය පත්තුවුණ... මොවුන් නිතිය ඔවුන්ගේ අතට අරගෙන නටන නාඩගම නවත්තන්න.. දැනුත් කල් පරක්කුයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site