
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කරුණු සෙවීමට රජයේ බුද්ධි අංශ විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය.
මෙම විමර්ශනයෙන් පසු ඒ සම්බන්ධයෙන් රජයට නුදුරේදීම මූලික වාර්තාවක් බාරදීමට අපේක්ෂා කරන බව රජයේ බුද්ධි අංශ ආරංචිමාර්ගවලින් පැවසේ.
ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් දස දෙනකු පමණ සිටින බව විවිධ ආරංචි පැතිර යමින් පවතින හෙයින් ඒ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා මෙම විමර්ශනය ඇරඹූ බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
දැන ගන්නට ඇති අන්දමට පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනෙක් ද්‍රවිඩ ජාතික අය වෙති. ඉන් බොහෝ දෙනකු කැනඩා සහ නෝර්වේ යන රටවල පුරවැසිභාවය ලැබූවන් බව වාර්තා වේ.
මේ අතර ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂය සහ ජාතික ජන බලවේගය පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් ඉදිරි සතියේ පාර්ලිමේන්තු රැස්වීම් වලදී පුළුල් වශයෙන් කරුණු දැක්වීමට සහ ප්‍රශ්න,යෝජනා යොමු කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.
කෙසේ වෙතත් ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් කිසිවකුත් තමන් ඒ තත්වයේ සිටින බව මෙතෙක් හෙළිදරව් කර හෝ පිළිගෙන හෝ නැතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිටී වහා ඉල්ලා අස්වන්නැයි දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන සහ ආගමික නායකයෝ ඉල්ලීමක් කරති.
ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දැරීමට නොහැකි වන වගන්තිය ඇතුළත් විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පසුගිය 21 වැනිදා වැඩි ඡන්දයෙන් සම්මතවිය.
2025 දෙසැම්බර් මස 18
632
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බුද්ධි අංශත් ද්විත්ව පුරවැසි මැති ඇමැති පසුපස
සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 29 October 2022 02:12 PM
හැ(ලප) කුමාරගේ බුද්ධි අංශයට අහුවුණේ නැහැ නේද? එයාලා ඔක්කෝම යාලුවෝ මල්ලී...
sampath Saturday, 29 October 2022 04:29 PM
ඔය තරම් දඟලන්න ඕනෑ නෑ... දිවුරුම් ප්‍රකාශ මගින් ද්විත්ව පුරවැසියන් නොවන බවට දිවුරුම් ප්‍රකාශනය ගන්නකෝ ගන්නකෝ.. අනෙක ද්විත්ව පුරවැසියන් කියලා දැනට පාර්ලිමේන්තුවේ ඉන්න අයට ගැටළුවක් එන්න විදිහක් නෑනේ... අපි බලන්න ඕනේ රටට වැඩක් ඇති අය සහ නැති අය... සමහරු එක පුරවැසියෝ වුණත් වැඩක් නැහැ ප්‍රෙයා්ජනයක් නැතිනම්...!
එමි ශාන්ත Tuesday, 01 November 2022 08:17 AM
හොරට හදන ඔප්පු ලියාපදිංචි කිරිම, එවැනි ඔප්පු මගින් අහිංසක ජනතාවගේ ඉඩම් මන්කොල්ලය නවතන වැඩපිලිවෙලක්, කච්චේරි වල පවතින අඩුපාඩු වගේම අල්ලස් ගැනිම පොලිස් නිලධාරින්ගෙ, මෙන්ම දේශපාලන අතපෙවින් අහිසන්ක ජනතාවට නිතියට යාමෙ අපහසුව ව්‍යාජ ලේඛන ලියාපදිංචිය නතරකරදෙනමෙන් රජයට බලැපැම් කරදෙනමෙන් මම ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිමි,