IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොළඹ පුරපති සටනට සජබෙන් මුජිබර්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹ මහනගර සභාවේ පුරපති ධූරය සඳහා එම පක්ෂයෙන්  තරඟ වැදීමට නියමිතව  ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

ඔහුට එම ධුරයට තරග වැදීම සඳහා පක්ෂ නායකත්වයේ අනුමැතිය දැනටමත්  පළවී ඇතැයිද  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

කොළඹ නගරයේ සුළු ජාතික ඡන්ද පදනම ප්‍රබලව  ක්‍රියාත්මක වන හෙයින් මුජුබර් රහුමාන් මහතා  එම ධූරයට  තරග වැදුණහොත් ප්‍රබල  වාසිදායක තත්වයක් ඇතිවනු ඇතැයි පක්ෂයේ බොහෝ දෙනකුගේ අදහසවීඇත.

මුජිබර් රහමන් මහතා කොළඹ නගර  සභාවේ  පුරපති ධුරය සඳහා තරඟ වදින බවට  මුල්ම ඉඟිය පළ කළේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතාය. ඒ සමගි ජන බලවේගය පක්ෂයේ මැද කොළඹ ආසන බල මණ්ඩල රැස්වීමේදීය.

කොළඹ නගර සභාවේ නිල කාලය මේ වසර අග අවසන් වීමට නියමිතය.

මුජුබර් රහුමාන් මහතා කොළඹ නගර සභාවට  තරග වැදීම සඳහා  බාරදුන් ස්වාධීන කණ්ඩායමේ නාමයෝජනා පත්‍රය අපේක්ෂකයකුගේ  ගැටලුවක් හේතුවෙන් 2006 වර්ෂයේදී  ප්‍රතික්ෂේපවූ අතර ඒ  අවස්ථාවේදී ඔහුට එම නගර සභාවේ මන්ත්‍රී ධූරයක් ලබා ගැනීමට  තිබූ අවස්ථාව  ගිලිහී ගියේය.



අදහස් (1)

කොළඹ පුරපති සටනට සජබෙන් මුජිබර්

Bamunuarachchi Monday, 31 October 2022 11:56 AM

කොළඹ ඉන්න සිංහලයෝයි, හම්බයෝයි අතර එතරම්ම වෙනසක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site