IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බදුල්ල - කොළඹ පෞද්ගලික බස් වර්ජනයක

 

(යොහාන් භාසුර)

බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පොළේදී පෞද්ගලික බස් රථ රියදුරකුට සහ කොන්දොස්තරවරයකුට පහරදීමේ සිද්ධියට විරෝධය දක්වමින් බදුල්ල - කොළඹ පෞද්ගලික බස් රථ අද (28) පෙරවරුවේ ආරම්භ කළ වර්ජනය තව දුරටත් ක්‍රියාත්මක බව කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පොළේ ප්‍රකාශකයෙක් අද රාත්‍රී පැවසීය.

සතියේ දිනකදී සාමාන්‍යයෙන් බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පොළෙන් විනාඩි 45 කට වරක් බදුල්ල දක්වා බස් රථයක් පිටත්ව යන බවත් අද දිනයේ වැලිමඩ බස් රථයක් ඇතුළු බස් රථ දෙකක් පමණක් පිටත්ව ගිය බවත් එම ප්‍රකාශකයා කීය.

බදුල්ල - කොළඹ මාර්ගයේ පෞද්ගලික බස් රථ 70 ක් පමණ ධාවනය කරන බව කී එම ප්‍රකාශකයා එම සියලුම බස් රථ වර්ජනයට සහභාගි වී සිටින බව ද සඳහන් කළේය.

ලංකා ගමනා ගමන මණ්ඩලයට සම්බන්ධ යැයි කියන සේවකයන් පිරිසක් පෞද්ගලික බස් රථ රියදුරකුට සහ කොන්දොස්තරවරකුට පහර දුන් බවත් පහර දුන් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා තෙක් වර්ජනයේ යෙදෙන බවත් බදුල්ල - කොළඹ බස් රථ සේවකයන් පවසන බවත් දැනගන්නට තිබේ.   



අදහස් (0)

බදුල්ල - කොළඹ පෞද්ගලික බස් වර්ජනයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site