උද්ඝෝෂකයෝ සටන අත් නොහරිති ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට එරෙහිව තරුණ පිරිස් ඇතුළු ජනතාව ගාලු මුවදොර පිටියේ ආරම්භ කළ විරෝධතාවය මහ වැසි නොතකමින් දෙවන දිනටත් අද (10) දිනයේද ක්‍රියාත්මකය. 10 April 2022
ඉන්ධන හිඟයට පිළියමක් බේරුවල බෙන්තොට සංචාරක පුරවරයට විවේකය ගතකිරීමට පැමිණ සිටින විදෙස් සංචාරකයන් පාපැදි තෝරාගෙන ඇත. 10 April 2022
මූල්‍ය-නීතී උපදේශකයින් පත් කිරීමට යෝජනා කැඳවයි විදේශ ණයවල තිරසර බව කළමනාකරණය කිරීමේ අරමුණින් මූල්‍ය සහ නීති උපදේශකයන් පත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය යෝජනා කැඳවා ඇත. 10 April 2022
ජනපති හා හිටපු ඇමැති හමුවක් අද කැබිනට් මණ්ඩලයේ හිටපු අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (10)පස්වරු 4 ට ජනාධිපති මන්දිරයට කැඳවනු ලැබ ඇත. 10 April 2022
නිවෙස්වල නවතා තිබූ වාහනවල ඉන්ධන සොරාගත් 4 ක් මාට්ටු අළුත්ගම පොලිස් වසමේ ස්ථාන කිහිපයකදී නිවාස වල දින කිහිපයක් පුරා රාත්‍රියේ නවතා තබන ත්‍රීරෝද රථ වල ඉන්ධන ටැංකි තුළ පුරවා තබන පෙට්‍රල් ප්ලාස්ටික් බැරල් වලට පුරවා සොරකම් කළ බව කියන සිව්දෙනෙකු අද(10) අත්අඩංගුවට ගත් බව අලුත්ගම ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහතාපැවසීය. 10 April 2022
ස්වාධීන වූ මන්ත්‍රීහූ අද ජනපති හමුවෙති පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් අද (10) පස්වරු 7 ට පැවැත්වෙන බවත්, එහිදී අන්තර්වාර පාලනයක් පිළිබඳව සාකච්ඡා කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 10 April 2022
ජනාධිපති නීතීඥ සංජීව සහ ආචාර්ය රානී මුදල් මණ්ඩලයට දිගටම මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත් කරන ලද ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ ආචාර්ය රානී ජයමහ මහත්මිය මුදල් මණ්ඩලයේ අඛණ්ඩව සේවය කිරීමට එකඟ වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 10 April 2022
දොළට වැටුණු දරුවාගේ සිරුර කිලෝ මීටර් දෙකක් පාවී ගිහින් නෙළුව මණ්ඩලපුර ප්‍රදේශයේදි දොළකට වැටි මියගිය ළමයාගේ සිරුර කිලෝ මිටර් දෙකක් පමණ දුර පාවිගොස් තිබියදී ප්‍රදේශවාසින් විසින් සොයාගෙන ඇත. 10 April 2022
කුණු සැමන් බැරල් 15ක් පාළු ළිඳට දැමු තිදෙනෙක් මාට්ටු සැමන් කර්මාන්ත ශාලාවක නරක් වී දුගඳ හමන සැමන් බැරල් 15ක් මහ රෑ අධික වර්ෂාව මැද ලොරියකින් ගෙන විත් මාරපොල ගම්මානයේ ඉඩමක පිහිටි පාළු ළිඳකට හලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පවසයි. 10 April 2022
ඉන්ධන ගන්නා ආ දෙදෙනෙක් මරුට දංකොටුවේ ඉන්ධන පිරවුම්හලක් අසල සහ වෙන්නප්පුවේ ඉන්ධන පිරවුම්හලක් අසල ඉන්ධන ලබාගැනීමට පැමිණි දෙදෙනකු හදිසියේ මියගොස් ඇතැයි පොලිසිය කියයි. 10 April 2022
පොලී කත මරා යතුරුපැදියත් සමග වළ දමලා යාපනය මණියන්තෝට්ටම් උදයපුරම් ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කොට ඇගේ යතුරුපැදියත් සමගම ගෙවත්තක වළදමා තිබියදී ගොඩගත් බවට යාපනය පොලීසිය පැවසීය. 10 April 2022
කාසල්රි -මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ තද වැසි ලැබෙමින් පවති. 10 April 2022
ආයුධයකින් පහර දී කාන්තාවක් මැරූ අයෙක් අත්අඩංගුවට මැදිරිගිරිය අඹගස්වැව ප්‍රදේශයේ කාන්තාවක් අද (10) අලුයම තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ බව කියන ඇය සමඟ සබඳතාවක් පැවැත්වූ පුද්ගලයෙක් මීගස්වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 10 April 2022
පිස්තොලයක්-ජීව උණ්ඩ සමඟ පුද්ගලයෙක් මාට්ටු කොළඹ වෙරළබඩ පොලිස් වසමේ දී ස්වයංක්‍රීය 9 එම්.එම් වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 4 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 10 April 2022
ඩීසල් ඉල්ලා ආණමඩුව කුරුණෑගල පාර වහයි ආණමඩුව කුරුණෑගල මාර්ගයේ ඉන්ධන හළට ඩිසල් ලබා නොදිමට විරෝධය දක්වා වාහන හිමිකරුවන් පිරිසක් අද (10) උදෑසන සිට මාර්ගය වාහන යොදා හරස් කර ගමනා ගමනය එම ස්ථානයෙන් සම්පුර්ණයෙන් අවහිර කර ඇතැයි ආණමඩුව පොලිසිය කියයි. 10 April 2022
බොහෝ ප්‍රදේශවලට අදත් මහවැසි දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් අද (10) ත් බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 April 2022
ඉම්රාන්ට ධුරය අහිමි වෙයි විශ්වාසභංගයෙන් පරාජය වීමත් සමඟ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙරපා දැමුණි. 10 April 2022
‘‘මහින්ද ඉවත්කර නව අගමැතිවරයකු පත්කරන්න‘‘ රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා ,අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කර, නව අගමැතිවරයකු යටතේ කැබිනට් මණ්ඩලයක් පත්කරන්නැයි හවුල්කාර පක්ෂ 11 සහ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත. 09 April 2022
ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගය ගැන පෙරළිකාරයෝ වැට උඩ ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාවට සහාය දක්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ,මෑතකදී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කණ්ඩායම තවමත් තීරණයක් ගෙන නැතැයි වාර්තා වේ. 09 April 2022
මත් ජාවාරම්කරුට ඇප ගන්න අල්ලස් ගත් ලේකම් දෙකක් රිමාන්ඩ් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කලැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් නැමැත්තාට ඇප ලබා දීමට යැයි රුපියල් කෝටි එක හමාරක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මහජන ආරක්ෂාව පිළිබඳ හිටපු අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයකු ඇතුළු තිදෙනකු ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර 09 April 2022
කුමන්ත්රණකරුවන්ට බලය අල්ලාගත හැකි නමුත් රැකගත නොහැකියි කුමන්ත්රණකරුවන්ට බලය අල්ලාගත හැකි නමුත් රැකගත නොහැකි බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 09 April 2022
11 - 12 බැංකු විවෘතයි රජයේ නිවාඩු දිනයන් දෙකක් බවට පත්කළ ඇතිකර ලබන සදුදා සහ අගහරුවාදා (11 සහ 12) සියලුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සාමාන්‍ය පරිදි විවෘත කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 09 April 2022
දෝශාභියෝගයකටත් අත්සන් එකතු කිරීම් ඇරඹෙයි විශ්වාසභංග යෝජනාවට අමතරව ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝග යෝජනාවක් සඳහාද සමගි ජන බලවේගය අත්සන් එකතු කරමින් සිටින බව වාර්තා වේ. 09 April 2022
ඖෂධ මිලත් වැඩි කරන්න අවසර ආනයනික ඖෂධ මිල සියයට 20 කින් ඉහළ දැමීමට ඖෂධ ආනයනකරුවන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර දී තිබේ. 09 April 2022
විරෝධතාකරුන්ගෙන් ගාලුමුවදොර පිරෙයි ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් මිලියනයක් කොළඹට කැඳවීමේ විරෝධතාවයට මේ වන විට දහස් සංඛ්‍යාත ජනතාවක් කොළඹ ගාලු මුවදොර අසලට එක්රොක් වී සිටිති. 09 April 2022
ශ්‍රී ලංකාවේ ආර්ථිකය පල්ලෙහාට කඩාගෙන යන වාහනයක් වගෙයි රටේ ආර්ථිකය එක රැයකින් උඩට ගත නොහැකි බවත් ඒ සඳහා කාලයක් අවශ්‍ය බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. 09 April 2022
පාර්ලිමේන්තුවේ මල්වඩමක් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා රජයට විරෝධය පළ කිරීම සඳහා මල් වඩමක් පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් කලබලකාරී තත්වයක් ඇතිවිය. 09 April 2022
රට අතහැර යන්නන් තවත් ඉහළට රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් වෙනත් රටවලට යෑමේ අරමුණින් විදෙස් ගමන් බලපත්‍ර (පාස්පෝට්) සකස් කර ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව සියයට 30-40 අතර සංඛ්‍යාවකින් වැඩිවී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 09 April 2022
මැතිසබයේ ගැලරි දිගටම වැසෙන හැඩ පාර්ලිමේන්තුවේ අමුත්තන්ගේ සහ මහජන ගැලරි තවදුරටත් වසා තැබීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 09 April 2022
අර්බුදය විසඳීමට දෙස් විදෙස් විශේෂඥයන්ගේ සහාය රටේ පවතින ව්‍යවස්ථාදායක සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා දේශීය සහ විදේශීය විශේෂඥයන් පිරිසකගේද ( දේශපාලන සහ ව්‍යවස්ථාදායක ) සහය සහ උපදෙස් ලබාගැනීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 09 April 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026