IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


විසි එක අද ඉඳන් රටේ නීතිය වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

 

ද්විත්ව  පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීම ඇතුළු විධිවිධාන රැසක් ඇතුළත් විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (31) සිට බලාත්මක විය.

එම පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (31) පෙරවරුවේ  සටහන්  කළේය. පනත බලාත්මක වූයේ ඒ අනුවය.

විසි දෙවැනි   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී  විශේෂ බහුතරයකින් පසුගියදා (21) වැනිදා සම්මත විය.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉකුත්  අගෝස්තු මස 10  වැනිදා අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියැවීමේ විවාදය පසුගිය මස  20 සහ 21 යන දිනවල පැවැත්විණ.

දෙවනවර කියැවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 179 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි.  අනතුරුව කාරක සභා අවස්ථාවේදී සංශෝධන එකතු කිරීමෙන්  අනතුරුව පැවැති තෙවනවර කියවීමේ  ඡන්ද විමසීමේදී  ඊට පක්ෂව ඡන්ද 174 ක්ද  විපක්ෂව  ඡන්දයක්ද හිමිවිය.

පනත් කෙටුම්පත විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස සම්මත වුවත් තාක්ෂණික කාරණයක් හේතුවෙන් එය බලාත්මක වන්නේ  විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙසය.

පනත් කෙටුම්පතට සහතිකය තබන අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක  මහතාද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්, කාර්ය මණ්ඩල ප්‍රධානී  නීතිඥ කුෂානී රෝහණධීර  මහත්මියද සහභාගීවූහ.



අදහස් (15)

විසි එක අද ඉඳන් රටේ නීතිය වෙයි

Hafeel Monday, 31 October 2022 02:08 PM

නැවතත් 23 ගෙනැල්ලා මේක අහෝසි වේවිද කියලා සැකයක්. ඒ කියන්නේ 17 සිට 22 දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හයක් සංශෝධනය කරලා තියන්නේ එක පවුලක් වෙනුවෙන් මිස රට වෙනුවෙන් නොවේ. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සන්ශෝධන හයටම ඡන්දය දුන් මෝඩ මන්ත්‍රීලාත් මේ සභාවේ ඉන්න එක රටට සාපයක්. දැන්වත් ජනතාව අවදි වෙන්න ඕනේ...

:       0       68

නිමේෂ් Tuesday, 01 November 2022 07:44 AM

අන්තිමට ඒ පවුලම තමයි රට බංකොලොත් කරෙත් , පේනවනේ රටේ මිනිස්සු ඉල්ලගෙන කාල තියන හැටි, බහුතරයට ඕනේ එක පවුලකගේ වහල්ලු වෙලා ඒ පවුල වෙනුවෙන් දුක් විඳින්න

:       0       2

amila Monday, 31 October 2022 02:27 PM

ඒ කියන්නේ මහබැංකු හොරු, සීනි හොරු, මිග් හොරු, සුනාමි හොරු, නිධන් හොරු ඔක්කොමලා ඇතුළට යයිද?

:       1       32

tikiraMonday, 31 October 2022 03:04 PM

මම හිතන්නේ ඔක්කොම දිව්‍යෙලා්කයේ යයි වගේ...!

:       0       16

Rexi Monday, 31 October 2022 03:24 PM

එහෙනම් ඉර අනිත් පැත්තෙන් පායයි. පොල් ගෙඩියක් හොරකම් කරපු අය හිරේ... බිලියන ගණන් හොරාකාපු අයගේ ඉඩමෙන් පොල් ගෙඩියක් හොරකම් කරපු කෙනා නඩු දාලා හිරේ යවන රටක් මේක... ඒකටම හරියන නීතිය ක්‍රියාත්මක කරන කට්ටියක් ඉන්න රටක් මේක...

:       1       36

sorakapu salli diyavu Monday, 31 October 2022 02:49 PM

23න් 22 අහෝසි වෙනවා... 24න් 23 අහෝසිවෙනවා... 25න් 24 අහෝසි වෙනවා... ඔහොම යං. ඔන්න ඕකයි තත්වේ...!

:       0       20

නිහාල් Monday, 31 October 2022 03:33 PM

හෙට ඉඳලා බලාගන්න පුළුවන් රට දියුණු වෙන හැටි...!

:       2       25

leckmichMonday, 31 October 2022 04:08 PM

ඉස්සෙල්ලාම රට විකුණගෙන කන අයව විනාශ කළ යුතුයි. රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත් මේවා තමයි පාලකයෝ කුලියට අරගෙන වැඩේ දෙන්නේ...

:       0       22

fairoos Monday, 31 October 2022 05:10 PM

පොහොට්ටුවෙ සෙට් එකත් අත උස්සලා. එහෙනම් මේකෙන් මාකක් හරි වාසියක් ඇති.

:       0       19

Asela Monday, 31 October 2022 06:11 PM

අප්පේ... ඇති යාන්තං රටේ ප්‍රශ්න ටික විසඳුණා. දැන් ඉතින් සැනසිල්ලේ වාහනයක් අරගෙන කාලා බීලා සැපේ හිටිය හැකියි. ඉඳලා හිටලා තව්තිසාවත් බලලා ෆන් එකක් ගත් හැකියි. පොඩි අවුලකට තියෙන්නේ ඉඳලා හිටලා කීයක් හරි දෙන්න හිඟන්නෙක් හොයාගන්න පුළුවන් වේවිද දන්නේ නැහැ...

:       2       15

නිහාල් Monday, 31 October 2022 06:43 PM

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගනන අර්ධ ශතක අගය ලබාගන්නේ කවදා ද?

:       0       9

Prabha Monday, 31 October 2022 11:18 PM

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්ත යන්න බැරි වෙන්න නීතිය අතීතයට බලපාන විදියට ගෙනාවේ නැත්නම් දැනට ඉන්න අය ගෙදර යවන්නේ කොහොමද?

:       0       9

chandima Tuesday, 01 November 2022 12:33 AM

ඔය ද්විත්ව පුරවැසි කතාව විතරද ඔය සංශෝධනේ තියෙන්නේ.?

:       0       0

sharm warn Tuesday, 01 November 2022 09:26 AM

මේ සංශෝධන වලින් වෙනස් වුන කොටස් සරල භාවයෙන් පල කරන්න බැරිද.?

:       0       0

Athula Tuesday, 01 November 2022 03:31 PM

ඕවා නිකම් මවා පෑම් තොපි හොරකම් කරපු ධනය කරපු අපරාද ආරක්ෂා කරන නීතිය එහෙමම රකිමින් බොරු සංසෝදන වලින් රට අන්දන්න බැහැ රනිලට තවම ඕනෑම ජඩ කමක් කරන්න පුළුවන් අදිකරණ ඇමතියා කියන්නේ අමු තක්කඩියෙක් ඕකව දාන්න ඕනෙ හිරේ ජීවිතාන්තය දක්වා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 335 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 161 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 368 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1289 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 773 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 819 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1431 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1620 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site