ඖෂධ ගන්න විදේශ තානාපති කාර්යාලවලිනුත් සහය ඉල්ලයි අත්‍යවශ්‍ය ඖෂධ 273 ක් විදේශයන්හි දානපතියන් මාර්ගයෙන් කඩිනමින් සපයා ගැනීමට මැදිහත් වන්නැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය විදේශීය තානාපති කාර්යාලවලින් විශේෂ ඉල්ලීමක් කර ඇත. 11 April 2022
විදුලිබල මණ්ඩලයට කෝටි 4800ක පොල්ලක් ලබාගත් විදුලිය වෙනුවෙන් පාරිභෝගිකයන් විදුලිබල මණ්ඩලයට ගෙවීම මේ දක්වා පැහැර හැර ඇති මුදල රුපියල් කෝටි 4800ක් දක්වා ඉහළ නැග ඇතැයි එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර් රණතුංග මහතා ලංකාදීපයට පැවැසීය. 11 April 2022
කොවිඩ් මරණ 3 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් තිදෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය. 11 April 2022
ඉල්ලුමට සැපයුමක් නැති බන්දුලගේ සහන මල්ල අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස මගින් ජනතාවට ලබාදෙන සහන මල්ල බොහෝ අළෙවි සැල්වල නොමැති බවට ජනතාව මැසිවිලි නගති. 11 April 2022
පාර්ලිමේන්තුවේ කෑමබීම සීමා කෙරේ රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ ආහාර සහ ලිපි ද්‍රව්‍ය පාවිච්චිය හැකි උපරිමයෙන් සීමා කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහි නිලධාරීන්ට උපදෙස්දී ඇත. 11 April 2022
ඖෂධ නැතිව රිජ්වේ රෝහලත් ලෙඩ වෙයි රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ දරුවන් සඳහා විශේෂිත ඉන්සියුලින් දැඩි හිඟයක් පවතින බවත් පරිත්‍යාගශීලීන්ට එම ඉන්සියුලින් වර්ගය ලබාදිය හැකි නම් වටිනා බවත් එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය. 11 April 2022
සති අන්තයේ විදුලි කප්පාදුව ගැන දැනුම් දීමක් මෙම සති අනතයේ (16 සහ 17) විදුලි කප්පාදුව පැය 2 යි විනාඩි 15 කට සීමා කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනත රත්නායක මහතා අද (11) පස්වරුවේ පැවසීය. 11 April 2022
කෑන්වලට ඉන්ධන සැපයීම අත්හිටුවයි ඩීසල් සහ පෙට්‍රල් පිරවුම්හල්වලින් කෑන් සහ බූලිවලට නිකුත් කිරීම හෙට (12) සිට 14 වැනිදා දක්වා දින තුන තුළ අත්හිටුවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා අද (11) පස්වරුවේ පැවසීය. 11 April 2022
ජනාධිපතිට සහය දැක්වූ පාගමනකට ගල් ප්‍රහාරයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂව අනුරාධපුර නගරයේ අද (11) සංවිධානය කරතිබු පා ගමනක් අතරතුරදි එම පාගමනට එක්වු පිරිසට ගල් පහරක් එල්ල කළ පුද්ගලයකු අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 11 April 2022
රජයේ රෝහල්වලට ඖෂධ ගන්න සහය ඉල්ලයි රජයේ රෝහල් මුහුණ දී සිටින ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය ධානපතින්ගේ සහයෝගය බලාපොරොත්තු වන බව එම අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 11 April 2022
කොල්ලකරුවකු වෙඩි තබා අල්ලයි හොරණ කොරළඉම ප්‍රදේශයේ නිවැසියන් පිරිසකට තියුණු ආයුදවලින් පහරදී කොල්ල කෑමට ආ අයියා මලෝ දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරියකුට තියුණු ආයුද ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි. 11 April 2022
ජල විදුලි නිෂ්පාදනය සියයට 4 කින් ඉහළට විදුලි බලාගාර අශ්‍රිත ජලාශ ප්‍රදේශවලට පසුගිය දින කීපයේදී ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය සියයට 4 කින් පමණක් ඉහළ ගොස් ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි. 11 April 2022
නාවික යාත්‍රා දෙකක් එකිනෙක ගැටී සෙබළෙක් අතුරුදහන් කරෙයිනගර් මුහුදු සීමාවේදී ඊයේ රාත්‍රියේ මුර සංචාරයේ යෙදුනු නාවික හමුදා යාත්‍රා දෙකක් එකිනෙකට ගැටීමෙන් එක් නාවික සෙබළකු අතුරුදහන් වී තවත් සෙබළුන් දෙදෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පැවසීය. 11 April 2022
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාවලිය පාර්ලිමේන්තුවට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාවලිය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ. 11 April 2022
අගමැති අද ජාතිය අමතයි රටේ ඇතිවී තිබෙන වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (11)රාත්‍රියේ ජාතිය අමතා ප්‍රකාශයක් කිරීමට නියමිතය. 11 April 2022
රුපියල තවත් බාල්දුවෙයි මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 310.88වූ අතර විකුණුම් මිල 321.49 ලෙස සටහන් විය. 11 April 2022
ඉන්ධන පෝලීමේදී වාහනය ඇතුලේදීම මිය ගිහින් ඉන්ධන ලබාගැනීම සඳහා හිනිදුම තවලම ඉන්ධන පිරවුම්හල අසළ පෝළීමේ රැඳීසිටි අයෙකු අද (11) උදෑසන රියදුරු අසුන තුළදීම මියගොස් ඇතැයි හිනිදුම පොලිසිය පවසයි. 11 April 2022
නොනවතින රැල්ල තෙවැනි දිනටත් ක්‍රියාත්මකයි ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට එරෙහිව තරුණ පිරිස් ඇතුළු ජනතාව ගාලු මුවදොර පිටියේ ආරම්භ කළ විරෝධතාවය තුන්වන දිනටත් අද(11) ක්‍රියාත්මකයි. 11 April 2022
රටපුරා අදත් තද වැසි දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් ඇතිවූ වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 April 2022
ජනපති - මන්ත්‍රී සාකච්ඡා විසැඳුමක් නෑ රට තුළ පැන නැගී ඇති අර්බුදය හමුවේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කණ්ඩායම අතර හමුව පැය දෙකක පමණ කාලයක් තිස්සේ පැවති නමුත් ,අවසන් එකඟතාවකට නොපැමිණි බව දැනගන්නට ඇත. 11 April 2022
දිසා අටකට නාය යෑමේ තර්ජන පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක අටක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 10 April 2022
ලොවවටා කොරෝනා නවතම තතු ගෝලිය වශයෙන් ඉක්තු සතියේ දැනට ආසාදිතව සිටින ගණන සියයට 22කින් අඩු වී ඇතැයි කැනඩාවේ වෙසෙන ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සිදු කළ වාර්තාවකින් කියැවෙයි. 10 April 2022
ත්‍රිරොද රිය ගසාගෙන යයි:රියැදුරු මරුට ඉංගිරිය මෙනේරිගම,ඉඳිකටු හන්දිය සපත්තු පාලම මතදී ත්‍රීරෝද රථයක් සැඩ පහරට අසුව ගසා ගෙන යාමෙන් එහි රියදුරු මියගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය සඳහන් කරයි. 10 April 2022
ජනපති විපක්ෂය අතර සාකච්ඡාවක් රට තුළ පැන නැගී ඇති අර්බුදය හමුවේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂයේ පක්ෂ අතර සාකච්ඡාවක් ආරම්භ වී ඇත. 10 April 2022
හෙට - අනිද්දා පැය 4 ක් විදුලිය නෑ විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ජලය සහ ඉන්ධන නොමැති වීම නිසා හෙට සහ අනිද්දා (11 සහ 12) දෙදින සමස්ත ශ්‍රී ලංකාවට පැය 4 බැගින් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි. 10 April 2022
දක්ෂිණ අධිවේගයේ අනතුරින් අයෙක් මරුට:13ක් රෝහලට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 17 දශම.2 මිල්ලනිය ප්‍රදේශයේ දී නවතා තිබූ ලොරි රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් ලොරි රියදුරු මියගොස් වෑන් රථයේ ගමන්ගත් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කරයි. 10 April 2022
තවත් ගෑස් මෙට්‍රික්ටොන් 3800 ක් එයි ගෑස් මෙට්‍රික්ටොන් 3800 ක් මේ වන විට ගොඩබාමින් තිබෙන බවත් එම තොග ද හැකි ඉක්මණින් බෙදා හරින බවත් ලිට්රෝ සමාගමේ උසස් නිලධාරියෙක් අද (10) පස්වරුවේ පැවසීය. 10 April 2022
සජබ මන්ත්‍රීවරු විශ්වාසභංග යෝජනාවට අත්සන් තබති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද(10)කොළඹට පැමිණ විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් තැබූ බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගය සහ රජයට විරුද්ධ විශ්වාසභංග යෝජනාව මේ වනවිට සකස් කර අවසන් බව ද මහලේකම්වරයා පැවසීය. 10 April 2022
ජනපතිට සහාය පළකර තැන තැන උද්ඝෝෂණ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ පවතින ආණ්ඩුව සහාය පළ කරමින් රටපුරා ස්ථාන කීපයකදී උද්ඝෝෂණ රැල්ලක් අද පැවැත්විණි. 10 April 2022
උද්ඝෝෂකයෝ සටන අත් නොහරිති ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට එරෙහිව තරුණ පිරිස් ඇතුළු ජනතාව ගාලු මුවදොර පිටියේ ආරම්භ කළ විරෝධතාවය මහ වැසි නොතකමින් දෙවන දිනටත් අද (10) දිනයේද ක්‍රියාත්මකය. 10 April 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026