(නිමන්ති රණසිංහ)
ප්‍රමාණවත් සේවක කාර්ය මණ්ඩලයක් නොමැති වීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු අඩාල වී ඇතැයි එහි නිතීඥ සංගමය පවසයි.
අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ 09කින් සමන්විත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දෛනිකව විභාග, විමසීම් සහ කැඳවීම් වශයෙන් විශාල නඩු ප්‍රමාණයක් කැඳවෙන අතර, පසුගිය වසරක කාලය තුළදී ස්ථාන මාරුවීම් ලැබූ අධිකරණ කාර්ය මණ්ඩලය වෙනුවට අනුප්‍රාප්ත කළ යුතු කාර්ය මණ්ඩලය ප්‍රතිපූර්ණ නොවීම මෙම ගැට`ථවට හේතුව බවද එම නිතීඥ සංගමය සඳහන් කරයි.
ඉදිරි සති දෙකක පමණ කාලය තුළ කාර්ය මණ්ඩලයේ 11 දෙනකු ප්‍රසූත නිවාඩු ලබා ගැනීමට නියමිතව ඇති අතර මේ වන විට එම සේවිකාවන්ට අමතරව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පුරප්පාඩු වී ඇති සේවක සංඛ්‍යාව 31ක් බවද අධිකරණ ආරංචි මාර්ග වලින් පැවසේ.
ලිපිකරුවන් 19 දෙනකු, අධිකරණ යතුරු ලේඛිකාවන් 04 දෙනකු, අධිකරණ භාෂණ පරිවර්තකයින් දෙදෙනකු, අධිකරණ පොත් බැදුම්කරුවන් 05 දෙනකු සහ කාර්යාල සේවක සේවිකාවන් 06 දෙනකු එම පුරප්පාඩු අතර වන බවද එම ආරංචි මාර්ග පවසයි.
අධිකරණයේ සේවක හිගය හේතුවෙන් නිතීඥවරුන් මෙන්ම සාමාන්‍ය ජනතාවද විශේෂයෙන්ම විනිසුරුවරුන්ද දැඩි අපහසුතාවකට පත්ව ඇති බව සදහන් කරන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නිතීඥ සංගමය මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාට, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට, අගවිනිසුරුවරයාට, ශ්‍රි ලංකා නිතීඥ සංගමයේ සභාපතිවරයාට ද ලිඛිතව දැනුම් දී ඇතැයි ද පවසයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කාර්ය මණ්ඩලය හිඟ නිසා අධිකරණ කටයුතු අඩාලයි