මුහුණ-කට බැඳ දැමූ විහාරාධිපති හිමියන්ගේ දේහය ආවාසගෙයි ඇදක සීදූව ප්‍ර දේශයේ විහාරස්ථානයක වැඩවිසූ විහාරාධිපති හිමිනමකගේ දේහයක් සීදූව පොලිසිය මගින් අද පස්වරුවේ සොයාගත් බව පොලිසිය කියයි. 14 September 2022
“කපුටු කාක්” නළාව ගැහුවැයි උසාවි ගෙනා නිතීඥවරයා නිදහස් “කපුටු කාක්” හඬින් සිය වාහනයේ නළාව නාදය කළැයි කොටුව පොලීසිය චෝදනා නැඟූ හම්බන්තොට නිතීඥ සංගමයේ නිතීඥවරයකු එම නඩුවෙන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ප්රභාකරන් මහතා අද (14) නියෝග කළේය. 14 September 2022
කල්ඉකුත්වූ - විෂ කඳුළු ගෑස් ගැන තොරතුරු අවුස්සයි උද්ඝෝෂණ මර්දනය කිරීමට කල්ඉකුත්වූ සහ විෂ සහිත කඳුළු ගෑස් ප්‍රහාර යොමුකිරීම පිළිබඳව තොරතුරු ඉල්ලීමට අදාලව යොමුකළ අභියාචනය අද (14) පස්වරුවේ තොරතුරු කොමිෂන් සභාවේදී කැඳවීමට නියමිතය. 14 September 2022
ලක්ෂ 1300 ගංජා කදිරමලෙන් හමුවේ නාවික හමුදාව හා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකල මෙහෙයුමකදි කුදිරමලේ තුඩුවට බටහිරින් මුහුදු කලාපයෙදී රුපියල් ලක්ෂ 1300 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 434 ක් සමග ඉන්දියන් හා මෙරට ධීවරයින් 10 දෙනකු අත් අඩංගුවට ගත් බව කියයි. 14 September 2022
පේරාදෙණි සරසවි සිසුන්ට අර්ධකාලින රැකියා වරම් ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සියලු සිසුන් සඳහා මසකට පැය 13 ක අර්ධකාලීන රැකියා අවස්ථාවක් ලබා දීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කොට තිබේ . 14 September 2022
අයිතිකරුවකු නැති පාර්සලයෙන් කුඩු මතු වෙයි රුපියල් ලක්ෂ 25 ට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මන්නාරමේ සිට ලංගම බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අද (14) පෙරවරුවේ මන්නාරම මාර්ග බාධකයකදි අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි. 14 September 2022
මානව හිමිකම් කවුන්සලයේ බලපෑම් හෙළාදකිනවා ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සහ මානව හිමිකම් කෙවිට පෙන්වා ව්‍යවස්ථා සංශෝධන සඳහා බලකිරීම සම්බන්ධයෙන් රටක් ලෙස සියලු පාර්ශ්ව හෙළා දැකිය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. 14 September 2022
නේපාලය සහ ලංකාව අතර තරුණ හුවමාරු ’’පාලමක්’’ හදයි ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයේ සංවර්ධනයට සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීම පිළිබඳව නේපාලය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික එකඟතාවකට පැමිණීම වෙනුවෙන් වන මූලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවැත්විණි. 14 September 2022
මහ රැජිණ ගැන ශෝක විවාදය 24 වැනිදා අභාවප්‍රාප්ත දෙවෙනි එලිසබෙත් මහ රැජින වෙනුවෙන් ශෝක යෝජනා විවාදයක් ලබන 23 වැනිදා සිකුරාදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (13) තීරණය කළේය. 14 September 2022
දිගටම ලයිට් දෙන්න ඔස්ට්‍රේලියාව සමඟ සාකච්ඡා අරඹයි ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදුලි අර්බුදයට විසඳුමක් ලබාගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ක්ෂෙත්රයේ ඕස්ට්‍රේලියා ආයෝජකයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (14) පැවැත්විණි. 14 September 2022
ආනන්ද පද්මසිරි දිවි ගමනට සමුදෙයි ප්‍රවීණ ගේය පද රචකයකු වූ ආනන්ද පද්මසිරි අභාවප්‍රාප්ත විය. 14 September 2022
ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 10ක් රට හැර ගිහිල්ලා ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 10 කට අධික සංඛ්‍යාවක් පසුගිය මාස 20 තුළ විදේශගත වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුම් බණ්ඩාර මහත්මිය පැවසුවාය. 14 September 2022
අඹෙිවෙල මිල්කෝ කම්හලේ ඩීසල් හොරට විකුණලා මිල්කෝ සමාගමට අයත් අඹෙිවෙල කර්මාන්ත ශාලාවේ මහා පරිමාණ ඉන්ධන වංචාවකට සම්බන්ධ සියලු සේවකයින් අනිවාර්ය නිවාඩු යැවීමට තීරණය කර තිබෙි. 14 September 2022
නව විදුලි ගාස්තු ගැන විමසීමට ක්ක්‍ෂණික දුකරථන අංකයක් විදුලි පාරිභෝගිකයන්ට නව විදුලි ගාස්තු පිළිබඳව විස්තර ලබාගැනීම සඳහා නව දුකරථන අංකයන් හදුන්වා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 14 September 2022
පැහැරගත් අනියම් පෙම්වතියට මෝටර් රථය තුළදී පිහි ප්‍රහාරයක් දික්වැල්ලේ ඇඟළුම් කම්හලක තරුණ සේවිකාවක පැහැර ගත් ඇගේ අනියම් පෙම්වතා බව කියන තරුණයකු එම කාන්තාවගේ අතපය ගැටගසා මෝටර් රථයකින් අධිවේගයේ ඔස්සේ පැහැගෙන විත් බද්දේගම මහගොඩකන්ද ප්‍රදේශයේදී මාර්ගය අසල මෝටර් රථය නතර කර එම කාන්තාවට තියුණු ආයුදයකින් පහර දෙද්දී පොලිසිය අහසට වෙඩි තබා එම තරුණිය බේරාගත් බව පොලිසිය කියයි 14 September 2022
නෙළුම් කුලුනට යන්න හරි ටිකට්ටුව ගන්න දකුණු ආසියාවේ උසම කූලුන ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු හෙට (15) සිට ආරම්භ වන අතර, එය නැරඹීමේ ප්‍රවේශ පත්‍රය ලෙස සඳහන් ව්‍යාජ ප්‍රවේශ පත්‍රයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළව ඇතැයි චීන තානාපති කාර් යාලය පවසයි. 14 September 2022
රැජිනට ගෞරව කළ කාන්තාව දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය එංගලන්තයේ ලන්ඩන් නුවරට ගෙන ඒමට පෙර, එය ස්කොට්ලන්තයේ ශාන්ත ගයිල්ස් දේවස්ථානයේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබියදී, ඊට අවසන් ගෞරව දැක්වීමට ප්‍රථමයෙන් අවස්ථාව ලැබුණේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවකට යැයි පැවැසෙයි. 14 September 2022
’’අරයා මෙයා’’ නිසා වැඩ කරන්න බැරි වුණා යැයි කියාගෙන එන්න එපා රටට ආහාර සම්පාදනය කිරීමේ ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ බලතල දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවරා ඇති අතර ’’ දිසා ලේකම්වරුන් ඇවිත් අරයා හින්දා මෙයා හින්දා වැඩ කරන්න බැරි වුණා යැයි කියන්නට එපා’’ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 September 2022
ඉන්ධන කෝටාව එපා: ත්‍රිරෝද රථ රියදුරෝ විරෝධතාවයක ඉන්ධන කෝටාව අත්හිටුවා ප්‍රමාණවත් තරම් ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් ත්‍රිරෝද රථ රියදුරන් සංවිධාන කළ විරෝධතාවයක් බොරැල්ලේදී අද (14) පැවැත්විණි. 14 September 2022
ජාතික සභා යෝජනාව 20 වෙනිදා විවාදයට ආර්ථික ප්‍රශ්න ඇතුළු රටේ දැවෙන ප්‍රශ්න විසඳීම අරමුණු කරගත් ජාතික සභාව පිහිටුවීම සම්බන්ධයෙන්වූ යෝජනාව ලබන 20 වැනිදා අඟහරුවාදා විවාද කිරීමෙන් අනතුරුව සම්මත කරගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය. 14 September 2022
පශු සම්පත් මණ්ඩලයට කෝටි දාහතරක ලාභයක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පසුගිය වසරේදී(2021) රුපියල් දාහතර කෝටි පනස් ලක්ෂයකට වැඩි ලාභයක් උපයා ගෙන ඇත. 14 September 2022
කිලිනොච්චිය දියවරෙන් පුරවන්න වැව් දෙකක් එකට යා කරයි කිලිනොච්චියේ වැව් දෙකක් එකට යා කොට සංවර්ධන කටයුතු සඳහා ලෝක බැංකු ආධාර යටතේ රුපියල් මිලියන 70 ක් වෙන් කර තිබේ. 14 September 2022
පාසල් දරුවන්ට බත් වේලක් දෙන්න යයි පාසල් දරුවන් ලක්ෂ 18කට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර යටතේ පෝෂ්‍යදායි බත්වේලක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබෙි. 14 September 2022
ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා අලුත් වෙයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසියේදී ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාවක් මේ මස අගදී සම්මත වීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 14 September 2022
පුංචි මන්ත්‍රී සභාවේදී සරම උස්සා පිහියක් පෙන්නයි බලංගොඩ නගර සභාවේ මන්ත්‍රීවරයකු අද පැවැති මාසික සහා රැස්වීමේදී රමිබෝ වර්ගයේ උල් පිහියක් ප්‍රදර්ශනය කිරිම සභාවේ නොසන්සුන් තාවයක් ඇති විය. 14 September 2022
මුහුදුබඩ දුම්රිය මාර්ගගයේ දෝෂය අවසන් මුුහුදු බඩ දුම්රිය මාර්ගයේ කළුතර ඇති වූ සංඥා දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇතැයි කළුතර දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙක් පැවැසීය. 14 September 2022
වැසි රහිත කාලගුණයක් ප්‍රදේශ කිහිපයකට හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල අද (14) වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 September 2022
කඩු කුලියට දුන් යාපනයේ තරුණයෙක් මාට්ටු තහනම් සංවිධානවලට අයුද සපයන බව කියන තරුණයකු යාපනය වඩුක්කෝට්ටේ මුරුකන් කෝවිලඩි, තුණවි හිදි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 14 September 2022
තාවකාලික රියැදුරු බලපත්‍ර කාලය දික් කරයි මාස 6ක වලංගු කාලයක් සඳහා නිකුත් කර ඇති රියැදුරු බලපත්‍ර වසරක කාලයක් සඳහා දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 14 September 2022
මන්ත්‍රී නිවාසවලට පහරදුන් තව පහක් අල්ලයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී බී හේරත් සහ සුමිත් උඩුකුඹුර මන්ත්‍රීවරුන්ගේ වාරියපොල සහ ගොකරැල්ල පිහිටි නිවාසවලට සහ කාර්යාලවලට පහර දී ගිනි තබා අලාභහානි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය. 14 September 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026