IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අනතුරින් තුවා ලැබූ දෙදරුපියාගේ කොටස් දන්දෙයි

(ප්‍රසන්න පත්මසිරි)

රිය අනතුරකට ලක්ව බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මොලය මියගිය රෝගියකුගේ ශරීරයේ අවයව පවුලේ සාමාජිකයන්ගේ අවසරය මත දන්දීමෙන් අනතුරුව එම රෝගියාව ගුවන් මගින්  කොළඹ ජාතික රෝහලට ගෙනගිය බව රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයෙක් පැවසීය.

හසලක මහඅස්වැද්දුම ගම්මානයේ පදිංචි දෙදෙරු පියකු වන එම්.ජී චමින්ද 48 යන අය හසලක ප්‍රාදේශීය සභාවේ රියදුරකු ලෙස සෙවයේ යෙදී සිට වැඩ නිමවී ලංගම බසයකින් නිවස බලා යන අතරතුර  බසයෙන් බිමට ඇද වැටී අනතුරට ලක්ව තිබේ.

අනතුරින් හිසට තුවාල සිදුවීමත් සමග රෝගියාව මහියංගන රෝහලට ඇතුලත් කර පසුව බදුල්ල මහ රෝහලට ගෙනවිත් දැඩි සත්කර ඒකකයේ ප්‍රතිකාර සදහා යොමු කළත් ඒ වන විටත් මොලය මියගොස් තිබෙන බවත් තව දුරටත් ජීවත් කළ නොහැකි බව වෛද්‍යවරුන් රෝගියාගේ පවුලේ සාමාජිකයින්ව පවසා තිබේ.

රෝහල්ගතව සිටින නමුත් මරණයෙන් බෙිරාගැනීමට නොහැකි තම සැමියාගේ අවයව දන්දීමට බිරිද ඇතුලු දරුවන් දෙදෙනා එහිදි තීරණය කළ බව වෛද්‍යවරුන්ට පවසා තිබේ.

ඒ අනුව බදුල්ල මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලට වාර්තා කර අවශ්‍ය කටයුතු සුදානම් කළාය.

කොළඹ ජාතික රෝහලට  ගුවනින් රැගෙන ආ රෝගියාගේ හදවත ද  විදේශීය වෛද්‍ය කණ්ඩායමකගේ සහයෙන් වෙනත් රෝගියකුට බද්ධ කිරීමට නියමිතය,

එහිදි වෙන්කරගන්නා පෙනහැල්ල සහ අක්මාව මහනුවර රෝහලේදි රෝගියකුටත් වකුගඩු දෙක බදුල්ල මහ රෝහලේදි රෝගීන් දෙදෙනෙකුටත් බද්ධ කිරීමට නියමිතව ඇති බව බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙක් පැවසීය.

බදුල්ල මහ රෝහලෙන් ගෙන ගියා රෝගියාගේ අවයව ඉවත් කිරීමෙන් පසු මෘත දේහය නැවත බදුල්ල මහ රෝහලට ගෙනවිත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකර පවුලේ ඥතීන්ට භාරදීමට නියමිතව ඇත.



අදහස් (3)

අනතුරින් තුවා ලැබූ දෙදරුපියාගේ කොටස් දන්දෙයි

Viraj Perera Monday, 31 October 2022 04:07 PM

බොහෝම පින්...! ලබන ආත්මයේදී මෙවන් අකල් මරණයක් ඔබට අත් නොවේවා...! හොඳ පින්වත් ආත්මයක් ලැබේවා...!

:       0       11

jayasekara Monday, 31 October 2022 05:01 PM

ගොඩක් පිං... අපේ තාත්තගේ මොළය මැරිලා කොළඹ මහ රෝහලේ දී අවයව දන්න දෙන්න බැලුවා නමුත් ඒ සියල්ල විනාශවෙලා තිබුණ නිසා එය කරගන්න බැරි වුණා. ඔබ තුමාටත් ඒ මා හැඟි තිරණය ගත් පවුලේ සියලු දෙනාටමත් අනේකවාරයක් පිං.

:       0       1

sharm warn Monday, 31 October 2022 05:18 PM

මේ උතුම් තීරණය ගත් එම පවුලේ සියලුදෙනාට බොහොම පිං. ඔබ සියලු දෙනා උත්ම් පුද්ගලයන්.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 141 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site