(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර හෙට (29 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී වෙනස් ආකාරයේ සැලසුමක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වෙයි.
එබැවින් දඟ පන්දු යවන්නන් ගැන කතාකිරීම පැත්තක තබා, හෙට පැවැත්වෙන තරගය ජයගන්නා වෙනත් ආකාරයක් ගැන ශ්‍රී ලංකා කණ්ඩායම අවධානය යොමුකර තිබේ.
“මේ සිඩ්නි ක්‍රීඩාංගණයේදී පිතිකරුවන්ට ඕන තරම් ලකුණු තියෙනවා. මේක එදා ඉඳලාම අපට (ශ්‍රී ලංකාවට) ටිකක් වාසිදායක ක්‍රීඩාංගණයක්. මෙතනදී පන්දුව හතරේ සීමාවට ගලායාමත් ඉතාමත් වේගවත්. ඒ නිසා අපට ටිකක් වෙනස් ආකාරයේ සැලසුමක් යොදාගෙන මේ තරගයට යන්න වෙනවා කියන එක අපි හැමෝම දන්නවා” යයි නවීඩ් නවාස් මහතා පැවසීය.
“කණ්ඩායමේ හැම දෙනෙක්ම ලොකු හැඟීමකින් ඉන්නේ. හැම කෙනෙක්ම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ අවසන් පූර්ව තරගයට එන්න. ඒක හින්දා මේක කාගේ හරි අලුතින් එන කෙනෙකුගේ අවස්ථාව වෙන්නත් පුළුවන්” යයි ද නවීඩ් නවාස් මහතා පැවසීය.
සම්පූර්ණ පූර්විකාව සඳහා https://tinyurl.com/yeyuw8tt වෙත පිවිසෙන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd